Monday 26 September 2022

දියබත

දියබත']
අවශ්‍ය දෑ :-
·         1. රාත්‍රියේ මැටි මුට්ටියේ ඉතිරිවන බත්
·         2. ලියාගත් රතුළුණු අත්ලකින් භාගයක් පමණ
·         3. පොල් බෑයක කිරි
·         4. දෙහි බෑයක ඇඹුල්
·         5. අමුමිරිස් කරල් දෙක තුනක්
·         6. ලුණු ස්වල්පයක්
·         7. කිතුල් හකුරු අවශ්‍ය පමණ (අවශ්‍ය නම් පමණි)
රාත්‍රියේ මැටි හට්ටියේ ඉතිරිවන බත් යන්තම් වැසෙන්නට පිරිසිඳු ජලය දමා වසා උදෑසන පිම්බි ඉදිමි ජලය සිඳී තිබෙන බත හට්ටියෙන් ඉවත් නොකර එයටම උකු පොල්කිරි එකතු කර සිහින්ව ලියා ගත් රතුළූණු , අමුමිරිස් කරල් දෙක තුනක්, දෙහි යුෂ සහ අවශ්‍ය පමණ ලුණු දමාහොඳින් කලවම් කර දිය බත පිළියෙළ කර ගත යුතුය. පළාතෙන් පලාතට දියබතට එක්කෙරෙන අමුද්‍රව්‍ය වල යම් යම් වෙනස් කම් සිදුවන අවස්ථාවත් දැකගත හැකියි. කොළඹ එක්කෙරුණු අමු මිරිස් වෙනුවට දකුණු පළාතේ බැදගත් හෝ ගින්දරට අල්ලා පුළුස්සා ගත් වියලි මිරිස් කරල් දෙක තුනක් කුඩා කැබලි කර එක් කරණ අතර නුවර මිරිස් එක් නොකර කිතුල් හකුරු සමඟ ආහාරයට ගැනීම සිදුවේ. රසවත් බව වැඩි කර ගැනීමට සහ තම කැමැත්තේ හැටියට ඉදුණු තක්කාලි ගෙඩියක් හෝ උම්බලකඩ කුඩු ස්වල්පයක් එක්කෙරෙන අවස්තාද මේ අතර ඇත.
 කුමන ආකාරයකට පිළියෙළ වූවත් දියබතේ රසසහ ගුණ මිස අගුණයක් නැත. ශරීරයේ විෂ නසා සිසිල් කිරීමේ මහඟු ගුණයක් ඇති දියබත පායන වියලි දේශගුණ කාලවලදී ජිවිත බේරාගන්නා ඖෂධයක් මට්ටමට වටිනාකමින් වැඩිවේ. එවන් කාලවලදී ඇතිවන ඇස් රෝග, සමේ ආසාධන, කටදිව පැලිම, යටිපතුල් වල පැලීම් වැනි ඌශ්නාධික රෝග වලින් මිදීමට හෝ ඉක්මන් සුව ලබා ගැනීමට දියබතතරම් සමත් වෙනත් ඖෂධයක් නැත. දියබත උෂ්ණාධික රෝග සහ ගැස්ට්‍රයිටිස් රෝගයට සුවදායි වන බවට ආයුර්වේද වෛද්‍ය විද්‍යා මුල ධර්ම ඔස්සේ සරලව විග්‍රහ කර පෙන්විය හැකියි. එනම් විසෙන් විෂ නැසීමයි. දෙහියුෂ සහ රතුළූණු ආම්ලික ආහාර වලින් අනූන දියබත දිවට වැටුණු වහා මුලින් දැනෙන්නේ ආම්ලික ඇඹුල් රස. ඒ නිසා ආමාශය භාශ්මියකරණයට සුදානම්ව අම්ල අඩුකරයි. ඒ මතට තවදුරටත් භාෂ්මියකරණය අඩංගු පොල්කිරි යෙදෙයි. එමගින් ශරීරයේ ස්වභාවික ආම්ලික බව අඩුකිරීම උත්තේජනය කර බාහිරින් ආම්ලික බව අඩු කෙරෙන ආහාර යෙදෙයි. ඒ බහුල ආහාර වන දෙහි, රතුළුණු සහ අමුමිරිස් අඩංගු දෑ...
·         1. විටමින් සී වල ( ප්‍රතිඔක්සිකාරක වන මෙය බොහෝ රෝග වලක්වා ශරීරය ධුලකහරණය කර නැවුම් බවින් පුබුදුවන්නට සමත්වේ.)
·         2. ලවණ සහ ඛනිජ (කැල්සියම්, සෝඩියම්, පොටෑසියම් )
දියබත පිළියෙළ කෙරෙන අමුද්‍රව්‍ය අතර ප්‍රධාන වන්නේ හීල්බතය. අද වන විට උදෑසන ආහාරය සපයන පාන් සහ තිරිඟු පිටි නිෂ්පාදන අධික තාපයට හසුව එහි ඇති එන්සයිම වර්ග, හෝර්මෝන වර්ග සහ ප්‍රතිඔක්‌සිකාරක ආදී යහපත් රසායනික සංයෝග බොහොමයක් විනාශ වේ. නමුත් එදා අප ආහාරයට ගත් කැකුළු සහල් පිසෙන විට හැර වෙනත් ආකාරයට තාපයට හසුවීමක් නැත. පිෂ්ඨය ඇතුළු සහල් නිවුඩ්ඩ තුළ ඇති විටමින් වර්ග, ලවණ සහ ඛනිජ අඩංගු පෝෂ්‍යදායි සෙමෙන් දිරවන ආහාරයකි; හීල් බත. පොල් කිරෙන් දියබතට ලැබෙන අපුර්ව රසය සහ භාෂ්මිකතාවයට අමතරව වාසි ලැබේ.
·         1. කොලෙස්ටරෝල් අඩු කර හදවත් රෝග අඩුකිරීම.
·         2. අධි ලවන සංයුතිය මානසික ආතතිය, අධි රුධිර පීඩනය, විජලනය සහ මල බද්ධය වලක්වයි.
·         3. ප්‍රතිඔක්සිකාරකයක් සේ ක්‍රියා කර ශරීරයේ විෂ ඉවත්කිරීම.
·         4. ක්‍ෂුද්‍රජීවින් විනාශ කිරීම (Anti-microbial effect)
සමස්ථයක් ලෙස ඇති ප්‍රයෝජන
·         1. කටතොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවකි.
·         2. වඩාත්ම විශේෂ කාරණය වන්නේ අද සමාජයට මහත් පිලිලයක් වී ඇති ගැස්ට්‍රයිටීස් නම් අම්ල පිත්ත නමින් ආයුර්වේදයේ හඳුන්වන අවස්තාවට ඉතාමත් ගුණදායක වීමයි.
·         3. ශරීරයේ ඇතිවන දැවිලි ගතිය පහ වීමට.
·         4. මෙය ඉතාමත් පෝෂ්‍යදායක ඔසුවක් වැනි ආහාරයක් නිසා යෞවන වයසේ සිටින දරුවන්ට වඩාත් ගුණදායකයි.
·         5. බඩේ තුවාල ඇති අයට ඉතා ප්‍රත්‍යක්ෂ ඔසුවකි.
·         6. කොලෙස්ටරෝල් අඩු කර හදවත් රෝග අඩුකිරීම.
·         7. අධි ලවණ සංයුතියමානසික ආතතිය , අධි රුධිර පීඩනය, විජලනය සහ මල බද්ධය වලක්වයි.
·         8. ප්‍රතිඔක්සිකාරකයක් සේ ක්‍රියා කර ශරීරයේ විෂ ඉවත්කිරීම
·         9. ක්‍ෂුද්‍රජීවින් විනාශ කිරීම (Anti-microbial effect)
·         10. ලවණ සහ ඛනිජ (කැල්සියම්, සෝඩියම්, පොටෑසියම්) සැපයීම
·         11. විටමින් සී වල (ප්‍රතිඔක්සිකාරක වන මෙය බොහෝ රෝග වලක්වා ශරීරය ධුලකහරණය කර නැවුම් බවින් පුබුදුවන්නට සමත්වේ )
·         12. විටමින් බී සපයා රුධිරය පෝෂණය
·         13. දියවැඩියා කෙරෙහි ගුණදායකය
මේ සියලු හේතු නිසා ආහාරමය වශයෙන් දියබත බොහෝ පෝෂණීය ගුණ සහිත ශක්ති ජනක ආහාරයකි. දවස පුරා සිරුර නැවුම් බැවින් තබමින් බොහෝ රෝග වලින් ඔබ වලකන දියබතට ඔබේ මුළුතැන් ගෙයි නිසි තැන ලබා දෙන්නට සැරසිය යුතුය.

 --------------------------------------------------------------------------------------------

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

එමෙන්ම යාළුවන්ටත් දැන් ගැනිම සදහා මෙය මිතුරන්ට ෂෙයා කරන්න


"දිවුල් wood-apple ගුණ අගුණ"

 "දිවුල් wood-apple ගුණ අගුණ"


��අප රටේ වැවෙන සාකයන්ගේ ගුණ අගුණ සෙව්ම ඉන් ප්‍රයෝජන ගැනීම අප විසින් කල යුතුමය..විදේශිය ජාතින් විසින් මෙම සකයන්ගෙන් මහත් ප්‍රතිපල ලබමින් නිරෝගිව දිවි ගෙවමින් සිටින අතර අප වත්මන් දරු පරපුර හෝ දැනුවත් කරමින් නිරෝගී ජාතියක් කිරීමට දායකත්වය සපයමු..මේ පිලිබදව සොයා බැලීම ඔබ සතු යුතුකමක්ද වන්නේය...

�� "දිවුල් " 


��දිවුල් යනු බාල මහළු අප කොයි කවුරුත් ආහාරයට ගැනීමට ප්‍රියතාවයක් දක්වන රසවත් පලතුරක් කිව්වොත් නිවැරදිය.මෙම පලතුර Limonia Acidissima යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබනවා. එසේම මෙම රසවත් පලතුර අපේ රටේ බහුලව දැක ගත හැකි අතර ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල වියළි කලාපයේ ද බහුලව දක්නට ලැබෙනවා.එසේම දිවුල් යනු රසවත් පලතුරක් පමණක්ම නොව එය වටිනා ඖෂධයක් වශයෙනුත් හදුන්වන්නට පුළුවන්.මන්ද එහි ඖෂධීය ගුණ රැසක් අඩංගුව පවතිනවා.එම නිසාම රෝග රැසකට සුවය සැලසීම සඳහා මෙය භාවිතා කරනු ලබනවා.නිතරම අපි දිවුල් පලතුරක් විදියට පරිභෝජනයට ගන්නවා. ඉතිං දිවුල් ගෙඩි වගේම කොළ, පොතු, මුල්, මල්, මැලියම් ආදිය සෑම කොටසක්ම ඖෂධීය ගුණ රැසකින් සමන්විත ශාකයක්. ඉතිං දිවුල් වල ගුණ ගැන අද අපි බලමු..

එපමණක් නොව දිවුල් විටමින් A, C, B, කැල්සියම්, පොස්පරස්, තන්තු, ප්‍රෝටීන හා යකඩ වනි පෝෂ්‍ය පදාර්ථ රැසකින්ම සමන්විත වෙනවා.ප්‍රතිශක්තිකරණ ගුණයෙන් සමන්විත පලතුරක් වගේම ඖෂධයක්. එබැවින් ඒවා ආහාරයට එක් කර ගැනීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ ද බොහෝමයක් පවතිවා.ඉතින් දිවුල් පරිභෝජනයෙන් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් මෙන්න..

රක්තහීනතාව වළක්වාලීම හදවතට හා අක්මාවට හිතකර වීම මළබද්ධය, පනු රෝග දුරු කිරීම කුඩා දරුවන්ගේ වර්ධනය සඳහා උපකාර වීම අතීසාරය, කක්කල් කැස්ස සමනය කිරීම ආර්තව විෂමතා දුරු කිරීම පසු ගර්භණී අවධියේ ඇතිවන ගර්භාෂ සංකූලතා සමනය මව්කිරි වර්ධනය කාන්තාවන් වියපත් වූ විට ඇති වන හෝමෝන ගැටළු සමනය ඉදුණු දිවුල් ආහාරයට ගැනීමෙන් පුරුෂ ධාතු වර්ධනය දියවැඩියාව, කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හැකියාව රුධිර කැටි ගැසීම වැළැක්වීම අධි රුධිර පීඩනය සමනය වකුගඩු රෝග, මූත්‍රා ගල් ඇතිවීම සමනය කිරීම සිරුරේ ශක්තිය වැඩීම අම්ලපිත්ත, පීනස, කැස්ස රෝග සුව කිරීමට උපකාර වීම...


1. මළබද්ධය සමනය කරයි; දිවුල් තන්තු වලින් පොහොසත් ප්‍රභවයක් වන බැවින් එය විරේචක ගුණය සඳහා ඉතා ප්‍රසිද්ධය.එබැවින් ඔබ මළ බද්ධයෙන් පෙළෙන්නේ නම් දිවුල් ගෙඩියක් ආහාරයට එක් කර ගැනීමට කටයුතු කරන්න.

2. ආහාර දිරවීමට උපකාරී වේ ; දිවුල් වල තන්තු හා විටමින් C බහුල වශයෙන් අඩංගු වෙනවා.එබැවින් දිවුල් යුෂ වීදුරුවක් පානය කිරීමෙන් ආහාර දිරවීම ආශ්‍රිත ගැටළු රැසක් සමනය කර ගැනීමට හැකිය. 

3. වණ සහ පිලිස්සුම් වලට එරෙහිව ක්‍රියාකාරී කරයි; දිවුල් වල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ මට්ටමක පවතින ටැනින් සහ ෆීනොලික් සංයෝග අඩංගු වෙනවා.මේවා වණ සහ පිලිස්සුම් සමනය කිරීමට උපකාරී වෙනවා.

4. විශාල ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි; හකුරු සමඟ දිවුල් ගෙඩියක් ආහාරයට ගැනීමට කටයුතු කරන්න.මෙය ඔබේ තෙහෙට්ටුව සහ ශක්තිය නැති වීම වැළැක්වීම සඳහා ඉතාමත් ඵලදායී වෙනවා. 




5. ශ්වසන රෝග සමනය කරයි; උගුරේ අමාරුව, ඇදුම සහ බ්‍රොන්කයිටිස් වැනි රෝග සමනය කර ගැනීමට දිවුල් උපකාරී වෙනවා.ඉතින් ඔබට උගුරේ අමාරුවක් පවතින අවස්ථාවක දිවුල් ගෙඩියක් ආහාරයට එක් කර ගැනීමට කටයුතු කරන්න.එමඟින් ඔබට සහනයක් දැනෙනු ඇත.

6. වකුගඩු සෞඛ්‍යට හිතකරයි; දිවුල් වල තයමින් සහ රයිබොෆ්ලැවින් බහුලව අඩංගු වන අතර ඒවා ශරීරයේ විෂ ඉවත් කිරීමට සහාය වෙනවා.එබැවින් දිවුල් යුෂ පානය කිරීමෙන් වකුගඩු ගැටලු සමනය කර ගැනීමේ හැකියාව පවතිනවා. 

7. අධි රුධිර පීඩනය සුව කරයි; අධි රුධිර පීඩනයට සහනයක් ලබා ගැනීමට දිවුල් කොළ කිහිපයක් තම්බා පානය කළ හැකිය.

8. දියවැඩියාව පාලනය කරයි; දිවුල් වල 'ෆෙරෝනියා ගම්' අධික ලෙස අඩංගු වන අතර එය රුධිරයේ සීනි සමතුලිතව ගලා යාම පාලනය කර දියවැඩියාව සමනය කිරීමට දායක වෙනවා.

9. විදුරුමස් නීරෝගී කරයි;දිවුල් වල විටමින් C බහුල බැවින් එය විදුරුමස් වල ලේ ගැලීම හා සෙම් ගෙඩි සමනය කිරීමට උපකාරී වෙනවා. 

දිවුල් කිරි පානය.



අවශ්‍ය ද්‍රව්‍ය : හොඳින් ඉදුණු දිවුල් ගෙඩි 02 හෝ 03 ක්, පොල් ගෙඩි 1/2 ක පමණ පොල් කිරි. වතුර ලීටර් 01 ක් පමණ. සිනි, ලුණු අවශ්‍ය පමණට, 

පිළියෙල කරන ආකාරය ; ප්‍රථමයෙන් දිවුල් ගෙඩි ටික සෝදා පිරිසුදු කර දෙකට පලා මදය සූරා ගන්න.දැන් එය බ්ලෙන්ඩරයකට දමා එයට පොල් කිරි හා වතුර මිශ්‍ර කරන්න.

දැන් මේ සියල්ල බ්ලෙන්ඩර් කර බීම සාදන භාජනයට දමා අවශ්‍ය පමණට ලුණු හා සීනි එක් කරන්න.දැන් ඔබේ රසවත් දිවුල් කිරි පානය කරන්න. 

(මතක තබා ගන්න, ඔබ දියවැඩියා රෝගීයෙක් නම් සීනි නොදමා පානය කිරීමට කටයුතු කරන්න) එසේම දිවුල් යනු උෂ්ණාධික පලතුරක් බැවින් එය අධික ලෙස ආහාරයට ගැනීමෙන් වළකින්න.මන්ද එමඟින් මුත්‍රා දැවිල්ල ,බඩේ දැවිල්ල වැනි තත්වයන් ඇති විය හැක. ඉතින් ඔබත් දිවුල් අනුභව කර ඉහත ප්‍රතිලාභ අත් විඳින්න..... 

�� ඉදුණු දිවුල් ගෙඩියක යුෂ ගෙන එයට උක් පැණි තේ හැදි 2ක්, දෙහියුෂ, එනසාල්, ලුණු, ගම්මිරිස් කුඩු එක් කර පානය කිරීමෙන් කැස්ස, ඉක්කාව සුව කරයි. 

මද ලෙස ඉදුණු දිවුල් යුෂ පානය වමනය සුව කරයි. 

සමේ ඇතිවන දද, කුෂ්ඨ වලට දිවුල් කොළ ඇල් වතුරෙන් අඹරා සතියක් පමණ අලේප කිරීම. 

ඉදුණු දිවුල් ගෙඩියක මදය සූරා එයට මීපැණි, සූදුරු ස්වල්පයක් එක් කර තලා දිනපතා උදේ ආහාරයට එකතු කර ගැනීමෙන් දරු සම්පත් ලැබීමට උපකාර වේ.

සත්ව විෂ ශරීරගත ව ඇති විට දිවුල් කොළ කැඳ ගුණදායක වීම. 

දරුවන්ට අජීරණ ඇති වූ විට ළපටි දිවුල් කොළ වල යුෂ ගෙන මීපැණි හෝ සීනි සමග දවසකට තුන්වරක් බැගින් දවස් කීපයක් බොන්න දීම.

�ලේ පිරිසිදු කරන්නට දිවුල් ගෙඩි මදය සීනි සමඟ මිශ්‍ර කර උණු වතුරින් දිය කර බීමට ගන්න. 

��ඉදුණු දිවුල් ගෙඩියක මද ඇට ඉවත් කර සීනි සමඟ මිශ්‍ර කර උදේ ආහාරයට ගැනීම මළ බුරුල්ව යාමට උපකාර වේ. 

දිවුල් මද, බදින ලද සූදුරු, එනසාල්, මී පැණි මිශ්‍ර කර කෑම අර්ශස්, අජීර්ණ රෝග සුව කරයි. 




--------------------------------------------------------------------------------------------

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

එමෙන්ම යාළුවන්ටත් දැන් ගැනිම සදහා මෙය මිතුරන්ට ෂෙයා කරන්න


ගොයමට මිතුරු මී ගස: මී ගසෙහි නිජබිම ශ්‍රී ලංකාවයි.

 ඝර් ම කලාපයේ සරුවට වැඩෙන මී ගසෙහි නිජබිම ශ්‍රී ලංකාවයි. මෙම ශාකය නිවර්තන මෙන්ම නිවර්තන මිශ්‍ර වනාන්තරවලද දැකිය හැකිය. මෙය ඉන්දියාවේ මධ්‍යම සහ උතුරු තැනිතලා වනාන්තරවල විශාල ව්‍යාප්තියක් ඇත. දළ වශයෙන් උස 20m ක් පමණ වන අතර වේගවත් වර්ධනයක් සහිත ශාකයක්වන අතර Sapotaceae කුලයට අයත්වන ශාකයකි. උද්භිත විද්‍යාවේදී, Madhuca longifolia යන නාමයෙන් හැඳින්වෙන මී ශාකයට නෑකම් ඇති ශාකයන් ලෙස පලු සහ සැපදිල්ල හඳුනාගෙන ඇත.




වී ගොවිතැනදී මෙන්ම ඖෂධීය වටිනාකමක් ඇති මී ගස, දැව සඳහා බහුලව භාවිතා කෙරේ. 

මී ඵලයෙහි වටිනාකම:

මී තෙල් පැරණි වෛද්‍ය ග්‍රන්ථවල මධුක, ජලමධුක යනාදි දෙකොටසකින් හඳුන්වා ඇත. මී ඇටය මිරීකීමෙන් ලබාගන්නා මී තෙල්වල ඔලෙයික් අම්ලය 45%ක්ද, සිට්රියන් අම්ලය 18%ක් ද, ලිනෝලියන් 14%ක් ද ඇති බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. මී ගෙඩියේ පොත්ත රසවත් ව්‍යංජනයක් මෙන්ම රසවත් පානයක් ලෙසද ඉතා මිහිරිය. මී තෙල් සෙම, දාහය, පිත සහ වාතය වැනි රෝගි තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනී. ඒ අනුව මී තෙල් කදිම ඔසුවකි.

ගොයමට මිතුරු මී ගස: 

හෙළ රජ දරුවන් මහත් ඕනෑකමින් ආරක්ෂා කළ මී ගස වී ගොවිතැනේ දී කෘමීන් පළවා හැරීමටත්, පක්ෂීන් ආකර්‍ශනය කර ගැනීමටත්, පත්‍ර කෙත සරුකරන පොහොරක් ලෙසත් උපයෝගී විය. කුඹුරු අක්කරයකට එක් මී ගසක් ප්‍රමාණවත්ය. මී ඵල රස බැලීමට පැමිණෙන වවුලන්ගේ වසුරුවලින් පැළ ගොයමට අවැසි ජීවාන්තර පොහොර (නයිට්‍රජන්) ලැබේ. 

තවද ගොයමට හානිකර වූ මැස්සන් ආදි කුඩා කෘමි සතුන් වවුලන්ගේ ආහාර වීම නිසා ගොයමට සිදුවන කෘමි හානිය ද පාලනය වේ. එමෙන්ම මී ම‍ලෙහි පැණි බීමට එන මී මැස්සන්ගේ නාදයද කෘමි හානිය අවමවන තවත් ක්‍රමයකි. තවද පැරැන්නෝ කෙම් ක්‍රමයක් ලෙස නැගෙනහිරට පිහිටා ඇති මී මුලක් කුඹුරෙහි සිව් කොනෙහි ගැසීම කරන ලදි. ඉන් බලාපොරොත්තු වූයේ කෘමි හානිය අවමකර ගැනීමයි. 

එමෙන්ම ගොයමට පොහොරක් ලෙස මී තෙල්හි අතුරු ඵලය වු රොඩ්ඩ භාවිතා කෙරිණි. විශාල වටිනාකමක් ඇති ශාකයක් ලෙස පැරැන්නෝ හඳුනාගත් මී ශාකය අදවන විට අප රටින් විශාල ලෙස වඳවී යාමේ තර්ජනයකට ලක්ව ඇතිමුත් තවමත් එලෙස නම් නොකළ ශාකයක් බව පෙන්වාදිය යුතු වේ. 

දැව වශයෙන් යොදා ගැනීම, නොසැලකිලිමත් භාවය මෙන්ම වටිනාකම පිළිබඳව පවතින අනවබෝධය ද මේ තත්ත්වයට හේතුවි ඇත. එබැවින් මෙම වටිනා ශාකය තුරන්වීමට ඉඩ නොතබා සංරක්ෂණය කිරීමට කටයුතු කරන්නේ නම් ඉතා වටී. 

වෙල්යායේ රැජින මී ගස මී ශාකය වනාන්තර ප්‍රතිරෝපණයේදී වැඩි වශයෙන් කතාබහට ලක්වෙන ශාකයක්. ස්වභාවිකව මී ශාකය හමුවන්නේ ජලාධාර ආශ්‍රිත තෙත රදන පසේ. Sapotaceae කුලයට අයත් මී ශාකය විද්‍යාත්මකව හදුන්වන්නේ Madhuca longifolia යනුවෙන්. ශ්‍රී ලංකාවේ දේශීය වනජ ශාකයක් වන මෙම විශේෂය මෙරටේ පමණක් නොව ඉන්දියා උපමහාද්විපයේත් හමුවෙනවා. වියලි පහතරට/ අතරමැදි- මෝසම් සහ අතරමැදි කැලෑවල මීටර් 25 පමණ දක්වා උසට වැඩෙන මී ශාකය හොදින් අතුපතරලා වියන් ස්තරය දක්වා වැඩෙන ශාකයක්. 



නිමාබදව රොක්වෙන හෙලි ආකාරයේ පත්‍ර දරන මෙම ශාකයේ පොත්ත කහවන් අළු ගන පොත්තක්. ලීය රතට හුරුයි. මල්, ලා කහ පාටයි, පැණි රසයි. ගෙඩි, කහ පාටයි. කෙටි හොටයක් සහිතව යන්තමින් වක්වුණු ඇටයක් දරනවා. 

කුඹුරු ආශ්‍රිතව මී ශාකය වැවීම තුලින් අපේ පුරාණ ගොවි මහත්වරු වාසි කිහිපයක් ලබාගත්තා. අදටත් වෙල්යාය ආශ්‍රිතව මෙම ශාකය දැකගන්න පුලුවන් ඒ පුරාණ ඒකාබද්ධ පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය නිසාවෙන්. මී ශාකයේ මල් හටගනිද්දී එම මල් ආහාරයට ගන්න වවුලන් එනවා. වවුල් වසුරු, මී මල් කාලයට ගස යට සුලබ දසුනක්. වවුල් වසුරු , පෝෂක බහුල ස්වභාවික කාබනික පොහොරක් විදියට කුඹුර සරුසාර කළා. ඒ නිසා රජ සමයේ මී ගස් කැපීම දඩුවම් ලබන වරදක්. මී ගස ආශ්‍රිතව මහා සංස්කෘතික කතාන්දරයක් තියෙනවා.

මී ගසේ යෙදවුම් මොනවාද?

මී මල් කෑමට ගන්නවා. ඇට තෙල් සිදීමට ගන්නවා. එම තෙල් ඉන්ධනයක් ලෙස, අහර පිසීමට, ඔසු ලෙසට ගන්නවා. මීවල දැවමය වටිනාකමත් ඉහලයි. 2012 රතු දත්ත වාර්තාවට අනුව මී අයත් වෙන්නේ Least concerned කාණ්ඩයට. මී ඇට කාලයට පැල හදාගන්න පුළුවන්කමක් තියෙනවනම් එම බීජ දවසක් විතර ජලයේ පොඟවලා වැලි කොම්පෝස්ට් මිශ්‍ර පසේ නොගැඹුරුව යට කරන්න. හොඳින් තෙතමනය සහිතනම්, බීජවල ජීවිබවත් හොඳයිනම් සතියකින් දෙකකින් පොඩි පැල දැකගන්න පුලුවන් වෙයි. පරිසර පද්ධතියක් විනාශ කිරීම පහසු වුනාට යලි ස්ථාපිත කිරීම පහසු නෑ.

දැව කියන්නේ ඉතා වටිනා ස්වභාවික සම්පතක්. දැව උදෙසා ගස් කපනවා වගේම ඉදිරි අනාගතය උදෙසා එම සම්පත ආරක්ෂා කිරීමත් ඔබ අප සැමගේම වගකීමක්. තිරසාර භාවිතය කියන්නේ සැබෑවක් බවට පත්විය යුතු වදනක්. අප ජීවත්වෙන පරිසරය කොළ පාට කලේ ගස්වැල්. පොඩි දරුවෙක් මුලින්ම කොළ පාට ඉගෙනගන්නේ ගහකොළවලින්. අපි අපේ වන සම්පත රැකගනිමු. අපිට පුළුවන් විදියට වන සම්පත රැකගන්න ජාතික වගකීමට උරදෙමු. 




--------------------------------------------------------------------------------------------

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

එමෙන්ම යාළුවන්ටත් දැන් ගැනිම සදහා මෙය මිතුරන්ට ෂෙයා කරන්න


පාවට්ටා ( Pawatta )

 


ගස් සහ වැල්

විශ්වය නිර්මානයේදී ජීවීන්ගේ අවශ්‍යකා මෙන්ම විශ්වයේ පැවැත්ම සදහා නිර්මානය වි ඇති බැව් මනස දියුණුවට පත් මහජනතාව විසින් දැනගත යුතු වුවත් වර්තමානයේ ඒවා විනාශ කරමින් සිටිනා අයුරු දැකිය හැක.එය එසේ වුවත් මිහිපිට ඇති ජීවින් ඒ සැම දෙයක්ම ආරක්ෂා කරමින් විශ්වයට තමන් පැමිණී කාර්්‍යය කරමින් සිටි.මෙම ලිපියෙන් ගස් වැල් සහ ඒවායේ ජීව බලය පිළීබදව කෙටියෙන් විස්තර ඉදිරිපත් කර ඇත්තේ නිරෝගීව දිවි ගෙවීමට කැමැත්තක් දක්වන සහ මේ පිළීබදව සොයා දැන ගැනීමට කැමැත්තක් දක්වන අයවලුන්ට වැදගත් යැයි අදහස් කර ඇති බැවින් ඉදිරිපත් කරන ලදී.තවත් විස්තර ඔබ විසින් සොයා බලමින් ඒවාගේ ජීව බලයන් පිළිබදව තම මනසේ ශක්ති ප්‍රමාණයෙන් සොයා දැන ගැනීමට කටයුතු කල යුතුයි...එසේ සදහන් කරනු ලබන්නේ එයද තම මනස වර්ධනය කර ගැනීමටත් මහගු අස්වැසිල්ලක් වන බැවින් යැයි සදහන් කරමි.එමෙන්ම 

සෙම් රෝග සන්ධි රෝගවලට ගුණ දෙනඅත්‍යවශයම කාරණා අතරට ගැනෙන ලෙඩ රෝගවලදී අවශ්‍ය වන ඖෂධ සඳහා ශාක ලෝකය ඉදිරියෙන් සිටියි. “ගහක මුලක පත්‍රයක ගෑවුනත් ඇති ලෙඩ රෝග සුව වන්න” යන මතය පැවතෙන්නේ ශාක ලෝකයේ පවතින විශ්මිත බව අතීතයේ ගැමියා දන්නා බැවිනි. ඒ අනුව ඒ විශ්මිත ශාක ලෝකයේ අරුමය වන මේ ඖෂධීය ශාකවල වටිනාකම හඳුනා ගත යුතුය.ඖෂධීය තැවිලි පොට්ටනි මිනිස් අවශ්‍යතා සපුරාලීමට පරිසරයෙන් ලැබෙන බොහෝ දෑ අතරට ශාක ලෝකයෙන් ලැබෙනුයේ මහත් සේවාවකි. 

මෙම වෙදකම නිසි අයුරින් හැදෑරීමට සහ ඉන් නිසි ප්‍රතිපල ලබාගනිමින් නීරෝගීව දිවි ගෙවීමට නම් මේ පිළිබදව දනගත යුතුය..

පාවට්ටා ( Pawatta ) 

පාවට්ටා ( Pawatta ) ශ්‍රි ලංකාවේ බොහොමයක් ග්‍රාමීය ප්‍රදේශ වල ඉතා සුලබ එසේම ඖෂධීය වටිනාකමෙන් අනූන වු අන් කිසිදු ඖෂධීය ශාකයකට දෙවැනි නොවනා ඖෂධීය වටිනාකමක් ඇති ශාකයයි. රටේ විවිධ ප්‍රදේශ වල මහජනතාව විසින් පාවට්ටා, ආඩතෝඩා, අගල්ලාදාර, වංඇපල වැනි නාමයන්ය. ප්‍රාදේශිය වශයෙන් විවිධ නාමයන් භාවිතා කලද ඉහත සියළුම නාමයන්ගෙන් හදුන්වන්නේ එකම ඖෂධීය ශාකයකි. එනම් පාවට්ටාය.

ආයුර්වේදය තුල වාසා, වාසක, වාසිකා, සිංහමුඛී, සිංහාස්‍යා, වෘෂා, වෛද්‍ය මාතා යන පර්යාය නාමයන්ගෙන් හදුන්වන මෙම ශාකය මෙතරම් වැදගත් වන්නේ ඇයි? 

යම් ඖෂධීය ශාකයක පංචාංගයම (කොළ, පොතු, මුල්, මල්, නැටි) ඖෂධ යෝගයන් සදහා භාවිතා කරන අවස්ථාවන් ආයුර්වේදය තුල හමුවන්නේ විරල වශයෙනි. වාසා නැතහොත් පාවට්ටා එසේ පංචාංගයම ප්‍රයෝජනයට ගන්නා විරල ඖෂධීය ශාකයන් අතුරෙන් සුලභවම සොයා ගත හැකි ඖෂධීය ශාකයක් වේ. 


ත්‍රිදෝෂ ජනිත විවිධ රෝගාවස්ථාවන්‍ට ප්‍රතිකාර කිරීමේදි මෙම ශාකයේ විවිධ කොටස් විවිධ අකාරයන්ගෙන් ප්‍රයෝජනයට ගැනේ.

පත්‍ර ගන්න විට සෑම විටම ගත යුත්තේ ගහේ වැඩෙන නැවුම් පත්‍රයි. 

සමහර අවස්ථාවල නැවුම් පත්‍ර අරගෙන මද අව්වේ වියළිමෙනුත් ඹෘෂධ සාදන අවස්ථා තිබෙනවා. දේශීය චිකිත්සාවේ දැක්වෙන බොහෝ ඹෘෂධ භාවිතයේදී අනුපාතයක් ලෙස ආඩතෝඩ ඔසුව බහුල වශයෙන් භාවිත කරනවා. අංශභාගය රෝගයට දෙන මහ දලු අනුපාතය සාදන්නත් ආඩතෝඩ කොළ යොදා ගන්නවා.

දෙහි, ‍දොඩම්, නික සහ පාවට්ටා දලු සමව අරගෙන පොට්ටනියක් බැඳ වණ්ඩුවේ තම්බා ඉස්ම ගන්නව නම් ඒ ඔෂධය අංශභාග රෝගීන්ට සුවයට ඉතාම ගුණයි. අංශභාග රෝගයට භාවිත කරන හෙළ ඔෟෂධ සමඟ මේ දලු අනුපාතයක් ගැනී වැදගත්. 

ඒ වගේම සෙම් රෝග (ඇදුම, කැස්ස, පෙණහලු ආශ්‍රිත ඕනෑම රෝගයකට) ආඩතෝඩ සාමාන්‍යයෙන් පෙණහලු ආශ්‍රිත රෝග සුවයට තමයි ඉතාම වැදගත් වෙන්නේ. 

ආඩතෝඩ මල් කැකුළු අරගෙන මඳක් වියළා උණ වතුරට මිශ්‍ර කර බොනව නම් පෙණහලු ආශ්‍රිත සෑම රෝගයකටම එය හොඳ ඔෟෂධීය පානයක්. අධික සෙම නැති කරන්නත්, කැස්ස, ඇදුම, උගුර වේදනාව නැති කරන්නත් මේ පානය ඉතා ගුණදායකයි. 

ආඩතෝඩ කියන්නේ කාස හාර (කැස්ස නැති කරනා) ද්‍රව්‍යයක්. ඒ වගේම ස්වාසහාර (පෙණහලු රෝග නැති කරන) ද්‍රව්‍යයක්. 

කැස්ස, පීනස, සෙම වගේ පෙණහලු ආශ්‍රිතව හටගන්නා සෑම රෝගයකටම ගුණයි.ඒ වගේම කුෂ්ඨ රෝගීන්ට ආඩතෝඩ කොළ කෂාය දිනපතා බීමට දෙනව නම් කුෂ්ඨ රෝගය ක්‍රමක්‍රමයෙන් සුව වීමටත් එය බලපානවා. 

ඒ වගේම උෂ්ණ කාලවලදී අධික ලෙස දහදිය දැමීම, දහදිය බිබිළි හට ගැනීමේ අවදානම නැති කිරීමටත් මේ ආඩතෝඩ කොළ කෂාය ගුණදායකයි. 

ආඩතෝඩ කොළ දැමූ මුට්ටියකට වතුර පත අටක් දමා එය පත එකට සඳුවා හොඳින් පෙරා උදේ සවස පත භාගය බැගින් උක් හකුරු සමඟ පානය කිරීම පමණයි ඔබ කළ යුත්තේ. පෙර කී සෑම රෝගයක්ම සුව කරන්න එය ගුණදායක කෂායක්. ඒ වගේම මුත්‍ර දැවිල්ල, මුත්‍රා අඩස්සිය, මුත්‍ර ගල් වැනි රෝග අවස්ථාවලදී ආඩතෝඩ ගහේ පංචාංගයම අරගෙන (මුල්, මල්, පොතු, කොළ, නැටි) හොඳින් කශායක් හදා දිනපතා උදේ සවස පත භාගය බැඟින් දින හතක් පමණ බොන්න. සෑම මුත්‍රා රෝගයකටම එය ගුණදායකයි. 

ඒ විතරක් නෙමෙයි රුධිරය පිටවන අතීසාර විට, මල බුරුලෙන් පිටවන රෝග අවස්ථාවක් ආවිට ආඩතෝඩ ඔසුවෙන් අගනා ඔෟෂධයක් සාදා ගන්න ඔබට පුළුවන්. එහි නම 'වාසා පුටපාක' ලෙසයි හඳුන්වන්නේ. ආඩතෝඩා පංචාංගයම අරගෙන හොඳින් කොටා ඒ මිශ්‍රණය කෙසෙල් කොළේක ඔතා ඒ මතුපිට මැටි ආලේප කරන්න. ඉන් පසුව හොඳින් අව්වේ වියළාගෙන උණු අළු පල්ලේ එය හොඳින් තම්බන්න. මැටි පිලිස්සී රන්වන් පැහැය ආ විට මැටි සහ කෙසෙල් කොළය ඉවත්කර අර ද්‍රාවණය හොඳින් මිරිකා යුෂ පෙරා කුඩා බෝතලයකට ඒ යුෂ එක් කර ගන්න. ඉන්පසු වරකට ඒ යුෂ තේ හැඳි 2ක් බැගින් දිනපතා උදේ සවස ඒ ඔෟෂධීය යුෂ පානය කරන්න. අතීසාරය, මල බුරුලෙන් යෑම වැනි රෝග සුවයට වගේම කැස්ස, ඇදුම ආදී ශ්වසනාබාධ සුව කරන්නත් මේ වාසා පුටපාක ඔෟෂධය ඉතාම ගුණදායකයි. 

ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ මෙය තිත්ත රසින් යුත් ඔෟෂධයක් ලෙසයි හඳුන්වා ඇත්තේ. තිත්ත රස වුණත් මේ ඔෟෂධය ඇත්තටම ජීවිතයට නව රසක් ලබා දෙන දිව්‍යමය ඔෟෂධයක්. ඇතැම් විට අර්ශස් රෝගය වැඩිවීම නිසා අර්ශස් ගෙඩි පවා හට ගැනීමෙන් ඇතැම් අය පීඩාවට පත්ව සිටිනවා. එවන් රෝගීන් පාවට්ටා කොළ කොටා වණ්ඩුවේ තම්බා අර්ශස් ගෙඩිවල තවන්න. දිනපතා මෙලෙස තැවීම කළොත් අර්ශස් ගෙඩි නැතිවෙලා යනවා. 

පාවට්ටා හෙවත් ආඩතෝඩ කියන්නේ අපේ සිංහල දේශීය වෛද්‍ය ක්‍රමයේ අගනා ඔෟෂධයක් වගේම, මුස්ලිම් 'යුනානි' වෛද්‍ය ක්‍රමයේත් සිද්ධ වෛද්‍ය ක්‍රමයේත් භාවිත කරන හොඳ ඔෟෂධයක්. යුනානි වෛද්‍ය ක්‍රමයේ 'ශබතේ සෝල්' නමැති ඔෟෂධයේත් පාවට්ටා අන්තර්ගතයි. එය වෙළෙඳපොළේ ශ්වසන රෝග සඳහා පවතින හොඳ ඔෟෂධීය පැණියක්.

හෙළ වෛද්‍ය ක්‍රමයේත්, යුනානි වෛද්‍ය ක්‍ සෙම් රෝග නසන පාවට්ටා මුළු පංචාංගයම ඖෂධ පිණිස ගන්නා පාවට්ටා ශාකය මඟින් කුඹුරට ජලය සපයන ජල මාර්ගවල සිටවූ විට එහි මුල්වලින් පිටකරන රසායන වර්ග ජලයේ දියවෙන නිසා යම් පලිබෝධ මර්දනයක්ද සිදුවීම සුවිශේෂී කරුණකි. 

ආයුර්වේදයේදී ලැබෙන ඖෂධීය ගුණාංගයට අමතරව මින් ලැබෙන සේවාව අතිමහත්ය. 

ආයුර්වේදයේ අවධානය යොමුවන්නේ ඖෂධ හා ගුණ කර්ම ගැනවිම නිසා පාවට්ටාවල පවතින ආයුර්වේද ගුණාත්මක භාවය. 



වෙනත් ප්‍රයෝජන

* වැටට සිටුවීමට හොඳින් ගැලපේ. බෑවුම් සහිත වගාබිම්වල හා අගල්වල ඉවුරේ පාංශු සංරක්ෂක ලෙස සිටුවීමට යොදා ගනි. 

* පාවට්ටා පත්‍ර, දුම්කොළ, අනෝදා ඇට යනාදිය කොටා යුෂ ලබාගෙන එම යුෂ ජලය සමඟ මිශ්‍ර කර කෘමි නාශකයක් වශයෙන් භාවිතා කරයි. 

* බුලත් කොටු වටා පාවට්ටා වැටක් ලෙස සිටුවීමෙන් බුලත් වලට බැක්ටීරියා රෝග බෝවීම වැළකෙන බව විශ්වාස කෙරේ.

* ගැමියන් කුරක්කන් පිට්ටු සමඟ පාවට්ටා දළු මැල්ලුම් සාදා කෑමට ගනී. 

* දුම්කොළ වෙනුවට බුලත්විට සඳහා කෑමට ගැනීමෙන් සුරුට්ටු ලෙස දුම්බීමටත් උපයෝගී කොට ගනී.

* පලතුරු ඇසීරීමේදී ආඩතෝඩා (පාවට්ටා) කොළ යෙදූ කල දිලීර නාශක ගුණයක් ඇත. 

* ආහාර හිඟ කාලවලදී විදේශීය වැසියන් ළපටි පාවට්ටා දළු තම්බා ලුණු සමඟ හා මී කිරි සමඟ ආහාරයට ගෙන ඇතැයි වාර්තා වේ. 

ප්‍රයෝජනයට ගන්නා කොටස් හා ආකාරය විශේෂයෙන් ශාකයේ පංචාංගයම ගත්තත් ඒවා සකසන්නට නියමිත කාල හා වේලා පවතිනවා. 

උදෑසන කොළ එක් රැස්කොට පවනේ වේලා සුළං නොවදින සේ තැන්පත් කළ යුතුය. ඉක්මණින් ගුණ හීනවන නිසා අලුත් අවස්ථාවේම ප්‍රයෝජනයට ගත යුතුයි. තද අව්වේ වියලා ගැනීම යෝග්‍ය නැත. මල් කැකුළු අවස්ථාවේම කඩා පවනේ වියළා ගත යුතුයි. 

ඖෂධ පිණිස කොළ, මල්, පොතු, මුල් ගන්නා අතර සෙම, වියළි කැස්ස, ඇදුම සහ ක්ෂය රෝගය වැනි රෝග අවස්ථාවන්ට යොදා ගනී. මල් සහිත පාවට්ටා කොළ කොටස ගන්නා ඉස්ම(යුෂ) මී පැණි, සීනි සහිතව බීමට සුදුසු වන්නේ උණටයි. 


භාවිතා කරනු ලබන රෝග අවස්ථා 

බාහිරින් ඉදිමුම නැතිකර කුෂ්ට නසයි.

විෂබීජ නාශකයි. රක්ත ශෝධකයි (රක්තය පිරිසිදු කරයි) 

සෙම නසයි, කැස්ස නසයි, උගුරට හිතකරයි,

හතිය ඇදුම නැති කරයි, ක්ෂය රෝග හා කෘෂවීම නැති කරයි, උණ නැති කරයි,

අතීසාර, ප්‍රවාහිකා (අතීසාරයේ උග්‍ර අවස්ථාව) 

මුත්‍රා පිටකිරීමේ අපහසුතාවය, සාමාන්‍ය නොවන පරිදි මුත්‍රා පිටවීම හෘද රෝග,

රක්ත පිත්ත (නහයෙන්, මුඛයෙන්, අධෝ මඟින් ලේ පිටවීම), ලේ ආශි‍්‍රත රෝග, 

හතිය වැනි අවස්ථාවලදී භාවිතා කරයි.

ගන්නා ප්‍රතිකර්ම සන්ධිගත රෝග තැවීමට ගනී (කොළ හා මුල්) තුවාල නිසා ඇතිවන ඉදිමුම හා එහි ඇතිවන වේදනාවට කල්කය යොදයි. කුෂ්ටයට දළු, අමුකහ, අඹරා ආලේපය අර්ශස් රෝගයට පාවට්ටා පස් පංගුව පොට්ටනි වණ්ඩුවේ තම්බා තැවීම අපස්මාරය (වලිප්පුව) පාවට්ටාවලින් කළ තෙල් ආලේපය ක්‍රීම් නාශකයට (පණුවන්ට) පාවට්ටා කොළ යුෂ බාහිරව ආලේප කරන්න. (ගුද මාර්ගය වටේ) ශරීර දුර්ගන්ධයට පාවට්ටා කොළ හක් බෙල්ලන්ගෙ අළු හා මිශ්‍ර කර ගාන්න.

පහසු ප්‍රසුතියට හක් බෙල්ලන්ගෙ අළු පාවට්ටා මුල් අඹරා නාභි, වස්ති යෝනිවල ආලේප කරන්න. පාවට්ටා මුල් පට්ටය තුනටිය ප්‍රදේශයේ බඳින්න. සෙම සහ වාතය සහිතව ඇති අර්ශස් රෝගයට පාවට්ටා පොතුවලින් පොට්ටනි සාදා වණ්ඩුවේ තම්බා තැවීම අපහසුවෙන් මුත්‍රා පිටකිරීම හා මුත්‍රා දැවිල්ල වැනි රෝගයට මල් චූර්නය (කුඩු) තම්බා බීම රත්පිත (ලේ අඩු කමේ උච්චතම අවස්ථාව) පංචාගයම ක්ෂාය හෝ යුෂ කර සීනි මී පැණි දමා දීම පරණ උණට (කල් ගත වූ උණ) පංචාංග කෂාය හෝ කොටා මිරිකා ගත් යුෂ දමා තනාගත් තෛලය මුළු පංචාංගයම ඖෂධ පිණිස ගන්නා 

පාවට්ටා ශාකය මඟින් කුඹුරට ජලය සපයන ජල මාර්ගවල සිටවූ විට එහි මුල්වලින් පිටකරන රසායන වර්ග ජලයේ දියවෙන නිසා යම් පලිබෝධ මර්දනයක්ද සිදුවීම සුවිශේෂී කරුණකි. ආයුර්වේදයේදී ලැබෙන ඖෂධීය ගුණාංගයට අමතරව මින් ලැබෙන සේවාව අතිමහත්ය. 

ආයුර්වේදයේ අවධානය යොමුවන්නේ ඖෂධ හා ගුණ කර්ම ගැනවිම නිසා පාවට්ටාවල පවතින ආයුර්වේද ගුණාත්මක භාවය සලකා බලමු. වෙනත් ප්‍රයෝජන 

* වැටට සිටුවීමට හොඳින් ගැලපේ. බෑවුම් සහිත වගාබිම්වල හා අගල්වල ඉවුරේ පාංශු සංරක්ෂක ලෙස සිටුවීමට යොදා ගනි.

* පාවට්ටා පත්‍ර, දුම්කොළ, අනෝදා ඇට යනාදිය කොටා යුෂ ලබාගෙන එම යුෂ ජලය සමඟ මිශ්‍ර කර කෘමි නාශකයක් වශයෙන් භාවිතා කරයි. 

* බුලත් කොටු වටා පාවට්ටා වැටක් ලෙස සිටුවීමෙන් බුලත් වලට බැක්ටීරියා රෝග බෝවීම වැළකෙන බව විශ්වාස කෙරේ. 

* ගැමියන් කුරක්කන් පිට්ටු සමඟ පාවට්ටා දළු මැල්ලුම් සාදා කෑමට ගනී.

* දුම්කොළ වෙනුවට බුලත්විට සඳහා කෑමට ගැනීමෙන් සුරුට්ටු ලෙස දුම්බීමටත් උපයෝගී කොට ගනී.

* පලතුරු ඇසීරීමේදී ආඩතෝඩා (පාවට්ටා) කොළ යෙදූ කල දිලීර නාශක ගුණයක් ඇත.



--------------------------------------------------------------------------------------------

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

එමෙන්ම යාළුවන්ටත් දැන් ගැනිම සදහා මෙය මිතුරන්ට ෂෙයා කරන්න

කටුපිල -  Flueggea leucopyrus     ශ් ‍ රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් ‍ රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙ...