Sunday 25 September 2022

ගොරකා

නාග කේසර (Guttiferae) කුල­යට අ‍යත් ගොරකා


මෙයට වසර හතලිහකට පනහකට පෙර මා දන්නා අවදියේදී ගොරකා යනු අපට තවත් එක් පලතුරක් විය.කුරුදු කෝටුවක් කඩා ගන්නා අප ගොරකා ගෙඩිය විද සිදුරක් සාදා ගනිමින් කුරුදු කෝටුව ආධාරයෙන් එහි මදයේ රස බැලූ හැටි තවමත් මතකය. ශ්‍රී ලංකාවේ පහ­ත­රට තෙත් කලා­පයේ සරු­වට වැඩෙන බෝග­යකි. වැඩුණු ගසක් අඩි 50-60 පමණ උස­කින් යුක්ත වන අතර, මෙම ශාකයේ විශේ­ෂ­ත්වය නම් ස්ත්‍රී පුරුෂ මල් දෙව­ර්ග­යම එකම ශාකයේ හට ගැනී­මයි. ගැහැනු මල පිරිමි මලට වඩා විශා­ලය. ගොරක ශාකයේ මල් හට ගැනීම සිදු වන්නේ පෙබ­ර­වාරී සහ මාර්තු මාස­ව­ලය. පෙබ­ර­වාරි මාර්තු මල පිපිණු විට පත්‍ර හැලෙයි. අතු අග පෙති හත­ර­ක්‌ ­සහ රේණු රාශි­ය­කින් යුක්‌ත මල් කුඩ­යක හැඩය ගැනීම ද, පිරිමි මල් තුන­ක්‌ ­හ­ත­ර­ක්‌ ­එ­කම කුඩ­යක හැඩ­යෙන් ගෙඩිය හට­ගනී..

නාග කේසර (Guttiferae) කුල­යට අ‍යත් ගොරකා ගාර්සීනියා කැම්බොජියා නොහොත් ගොරකා (සිංහල භාෂාවෙන්) දෙමළ බසින් කොඩුක්කායිප්පපුලි නම් වෙයි.ප්‍රභේද හත­රකි. මල ගොරකා, රතු ගොරකා, රට ගොරකා, එළ ගොරකා ලෙස ඒවා හඳු­න්වනු ලබන අතර රතු ගොරකා සහ එළ ගොරකා ආහාර රස­වත් කිරී­මට යොදා ගනියි. රතු ගොරකා ඉදුණු විට රත් පැහැ ගන්නා අතර ඇතු­ළත මදය ද රත් පැහැති ය. ඉදුණු ගොරකා ඵලය කහ පැහැති වන අතර මදය කහ මිශ්‍ර සුදු පැහැ­යක් ගනියි. මෙම ගොරකා වර්ග දෙකෙ­හිම මද, පල­තු­රක් ලෙස ද ආහා­ර­යට ගනියි. චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා.මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත් ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගයම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා.

ඉහළ ආර්ථික වටිනාකමක් ඇති ගොරකා කිසිදු වියදමක් නොදරා පළ නෙලා ගත හැකි බෝගයකි. එය ආහාර රුචිය වඩවා බඩගින්න ඇති කරවන ඖෂධයකි. වියළා ගත් ගොරකා ලෙල්ල ආහාරයට මෙන්ම ඖෂධ පිණිසද යොදා ගනී.උෂ්ණ ගුණයෙන් යුතු ගොරකා හදවත් රෝග සඳහා යෝග්‍ය වේ. ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකා වාසින් කෑම පිසිමේ දී ගොරකා යොදා ගත්තේ ආහාර සුරක්ෂිතකරණය සහ එහි ඇති ලෙඩ සුවකිරීමේ ගුණය කෙරෙහි ඔවුන්ගේ තිබු දැනුම නිසාය. එහි මිනිස් ශරීරයට හිතකර ගුණ ගණනාවකී. ඇඹුල් රසයෙන් අනූන ගොරකා මුළුතැන්ගෙයට නම් නැතුවම බැරි කුළුබඩු වර්ගයක්. ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකා වාසින් කෑම පිසිමේ දී ගොරකා යොදා ගත්තේ ආහාර සුරක්ෂිතකරණය සහ එහි ඇති ලෙඩ සුවකිරීමේ ගුණය කෙරෙහි ඔවුන්ගේ තිබු දැඩි විශ්වාසය නිසාය. අමු ගොරක ගෙඩියෙහි ආම්ලික ඇසිඩ් බහුල ය.

ගොරකා ගෙඩියෙහි ශරීරයට අවශ්‍ය පෝෂණ ගුණ ගණනාවකී. කැල්සියම් හයි­ෙඩ්‍රාක්සිට්‍රිික් ඇසිඩ් විටමින් සී ෆයබර් සහ ජලය අඩංගුය. ස්ථුල භාවය අඩු කිරීම ශරීරයේ මේදය පුලුස්සා දැමීම බර අඩුකිරීම හා වේදනාව සමනය කිරීම යනාදි වශයෙන් ගුණ ගණනාවකී. ගොරකා වල සීනි සහ කැලරිස් අඩංගු නොවීම ද සුවිශේෂ ලක්ෂණයකී. එහි ඇති හයිෙඩ්‍රා්රෝලක්සිසිට්‍රික් ඇසිඩ් ශරීරයේ වැඩි කොලොස්ටරෝල් මට්ටම අඩු කරයි. දියවැඩියාවට අදාළ ලේවල ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි. ජීරණ පද්ධතිය ක්‍රමවත් කරයි. පිළිකා ශෛල වර්ධනය සහ ශරීරය පුරා පැතිර යාම ද වළක්වයි. ශරීරයේ ඉදිමුම සහ දැවිල්ල ඇති අවස්ථාවලදී සහනය ලබාදීමට උපකාරිවෙයි. තවද එදිනෙදා ජීවිතයේදී විවිධ ප්‍රයෝජන සඳහා ගොරකා යොදා ගනී. මස් මාළු පිළියෙල කිරීමේදී ඇඹුල් සඳහා මෙන්ම ජාඩි පිළියෙල කිරීම සඳහාද ගොරකා බහුලව යොදාගනු ලැබේ. ගොරකා ලෙලි සමඟ සුදු ළුණු බඳුනක දමා ආලෝකය නොවදින සේ තැබීමෙන් සුදු ළුෑණු බොල් නොවී කල් තබාගත

හැක.එදා ගරා යකුම් යාගයේ අයිලයක් සෑදීමට යොදා ගත්තේ ගොරක අතුය. මේ නිසා අපේ ගම්වල මිනිසුන් ගොරක ගහ ළඟින් ගියේ මද බියකිනි. එහි යම් භූත බලවේගයක් ඇතැයි ඔවුන්ගේ විශ්වාසයක් පැවැතුණි. ගමේ කොල්ලො කුරුට්ටන්ට නම් ඉදී වැටුණ ගොරක ගෙඩියේ රත් පැහැති මදය රසවත් කෑමකී. කහ පැහැයෙන් සහ මද රත් පැහැයෙන් යුතු හොඳින් ඉදී වැටුණු ගොරක ගෙඩි පලා අව්වේ වේළා ලුණු මිශ්‍ර කර ඇසුරූ කට බැඳි මුටිටිය එදා අහර රස කරමින් හා මුළු පවුලටම නිරෝගිකම ලබාදෙමින් වැඩසිටියේ ගමගෙදර ළිප මුල්ලේ ය. එහෙත් අද ගොරක තිබෙන්නේ සුපිරි වෙළෙඳ සැල්වලය.



රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනිම, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා.අර්ශස් හා පණු රෝග සඳහාද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර වැඩි වීම පාලනය කරගත හැකිවේ. රුධි­ර­ගත කොලෙ­ස්ට­රෝල් පාල­න­ය­ටත්, හද­වතේ ධමනි තුළ කොලෙ­ස්ට­රෝල් තැන්පත් වීම වළ­කා­ලී­ම­ටත් ගොරකා මහෝ­ප­කාරී වේ. මෙම­ඟින් සිරුර තුළ සංස­ර­ණය වන ලිපිඩ ප්‍රමා­ණය අඩු කිරීම නිසා රුධි­ර­ගත කොලෙ­ස්ට­රෝ­ල්වල අහි­ත­කර LDL කොලෙ­ස්ට­රෝල් අඩු වී, හිත­කර HDL වර්ධ­නය වන බව කියවෙයි. 

පාන­යක් ලෙස ද ගොරකා පිළි­යෙළ කර ගත හැකි අතර එය ඔබට නිවසේ දීම සිදු කර­ගත හැකිය. 

• ගොරකා වල සීනි සහ කැලරිස් අඩංගු නොවීම සුවිශේෂ ලක්ෂණයකී.

• ශරීරයේ මේදය පුලුස්සා දමා ඇගේ බර අඩුකිරීම ට හැකියව ගොරකා සතුය.එම නිසා අඩික ස්ථුල භාවය අඩු කිරීමට උපකාරී වෙයි. 

• තරුණකම රැකගැනීම පිණිස ගොරකා ගුණාත්මක ඖෂධයකී. 

• වේදනාව සමනය කිරීමේ ගුණ ඇති එබැවින් හන්දිපත් රුදාව සහ කැක්කුම් සහ ශරීරයේ ඉදිමුම සදහා තැවීම් පිණිස යොදා'ගනියි..

• දියවැඩියාවට අදාළ ලේවල ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි.

• ආහාර දිරවීමට උපකාර කර ජීරණ පද්ධතිය ක්‍රමවත් කරයි.

• පිළිකා ශෛල වර්ධනය සහ ශරීරය පුරා පැතිර යාම ද වළක්වයි.

• විෂබිජ නාශකයක් හැටියට ද සැලැකේ . 

• සන්ධි රෝග සහ ගර්භාෂ රෝග සුව ප්‍රතිකාර සදහා ද යොදා ගැනේ. 

• විදුරු මස් දියවීම මුබය හමන දුර්ගන්ධය සහ දත් සම්බන්ධ රෝග සදහා ගුණ සලසයි. 

• ශරීරයේ විෂ ඉවත් කිරිමේ හැකියාව පවතී. ඇල්කොහොල් නිසා අක්මාවේ තැම්පත් වී ඇති විස ඉවත්ම ඉන් ප්‍රධාන වෙයි.

• කුඩා දරුවන්ට මන්දපෝෂණ තත්ත්ව පාලනයටත් වැළදුණු දරුවන් සුවපත් කිරීමේත් හැකියාව ගොරකා සතුය.

• ආහාර නිසා ශරිරයට ආසමිකතා, ආහාර වල බැක්ටීරියා සහ පුස් ඇති වීම වළකයි. ඇබුල්තියල් වැනි දේ සැකසිමදී ගොරකා වැඩිපුර යොදා ගන්නේ මේ නිසාය. 

--------------------------------------------------------------------------------------------

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

එමෙන්ම යාළුවන්ටත් දැන් ගැනිම සදහා මෙය මිතුරන්ට ෂෙයා කරන්න

No comments:

Post a Comment

කටුපිල -  Flueggea leucopyrus     ශ් ‍ රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් ‍ රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙ...