"දිවුල් wood-apple ගුණ අගුණ"
��අප රටේ වැවෙන සාකයන්ගේ ගුණ අගුණ සෙව්ම ඉන් ප්‍රයෝජන ගැනීම අප විසින් කල යුතුමය..විදේශිය ජාතින් විසින් මෙම සකයන්ගෙන් මහත් ප්‍රතිපල ලබමින් නිරෝගිව දිවි ගෙවමින් සිටින අතර අප වත්මන් දරු පරපුර හෝ දැනුවත් කරමින් නිරෝගී ජාතියක් කිරීමට දායකත්වය සපයමු..මේ පිලිබදව සොයා බැලීම ඔබ සතු යුතුකමක්ද වන්නේය...
�� "දිවුල් "
��දිවුල් යනු බාල මහළු අප කොයි කවුරුත් ආහාරයට ගැනීමට ප්‍රියතාවයක් දක්වන රසවත් පලතුරක් කිව්වොත් නිවැරදිය.මෙම පලතුර Limonia Acidissima යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබනවා. එසේම මෙම රසවත් පලතුර අපේ රටේ බහුලව දැක ගත හැකි අතර ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල වියළි කලාපයේ ද බහුලව දක්නට ලැබෙනවා.එසේම දිවුල් යනු රසවත් පලතුරක් පමණක්ම නොව එය වටිනා ඖෂධයක් වශයෙනුත් හදුන්වන්නට පුළුවන්.මන්ද එහි ඖෂධීය ගුණ රැසක් අඩංගුව පවතිනවා.එම නිසාම රෝග රැසකට සුවය සැලසීම සඳහා මෙය භාවිතා කරනු ලබනවා.නිතරම අපි දිවුල් පලතුරක් විදියට පරිභෝජනයට ගන්නවා. ඉතිං දිවුල් ගෙඩි වගේම කොළ, පොතු, මුල්, මල්, මැලියම් ආදිය සෑම කොටසක්ම ඖෂධීය ගුණ රැසකින් සමන්විත ශාකයක්. ඉතිං දිවුල් වල ගුණ ගැන අද අපි බලමු..
එපමණක් නොව දිවුල් විටමින් A, C, B, කැල්සියම්, පොස්පරස්, තන්තු, ප්‍රෝටීන හා යකඩ වනි පෝෂ්‍ය පදාර්ථ රැසකින්ම සමන්විත වෙනවා.ප්‍රතිශක්තිකරණ ගුණයෙන් සමන්විත පලතුරක් වගේම ඖෂධයක්. එබැවින් ඒවා ආහාරයට එක් කර ගැනීමෙන් අපට ලැබෙන ප්රතිලාභ ද බොහෝමයක් පවතිවා.ඉතින් දිවුල් පරිභෝජනයෙන් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්රතිලාභ කිහිපයක් මෙන්න..
රක්තහීනතාව වළක්වාලීම හදවතට හා අක්මාවට හිතකර වීම මළබද්ධය, පනු රෝග දුරු කිරීම කුඩා දරුවන්ගේ වර්ධනය සඳහා උපකාර වීම අතීසාරය, කක්කල් කැස්ස සමනය කිරීම ආර්තව විෂමතා දුරු කිරීම පසු ගර්භණී අවධියේ ඇතිවන ගර්භාෂ සංකූලතා සමනය මව්කිරි වර්ධනය කාන්තාවන් වියපත් වූ විට ඇති වන හෝමෝන ගැටළු සමනය ඉදුණු දිවුල් ආහාරයට ගැනීමෙන් පුරුෂ ධාතු වර්ධනය දියවැඩියාව, කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හැකියාව රුධිර කැටි ගැසීම වැළැක්වීම අධි රුධිර පීඩනය සමනය වකුගඩු රෝග, මූත්‍රා ගල් ඇතිවීම සමනය කිරීම සිරුරේ ශක්තිය වැඩීම අම්ලපිත්ත, පීනස, කැස්ස රෝග සුව කිරීමට උපකාර වීම...
1. මළබද්ධය සමනය කරයි; දිවුල් තන්තු වලින් පොහොසත් ප්‍රභවයක් වන බැවින් එය විරේචක ගුණය සඳහා ඉතා ප්‍රසිද්ධය.එබැවින් ඔබ මළ බද්ධයෙන් පෙළෙන්නේ නම් දිවුල් ගෙඩියක් ආහාරයට එක් කර ගැනීමට කටයුතු කරන්න.
2. ආහාර දිරවීමට උපකාරී වේ ; දිවුල් වල තන්තු හා විටමින් C බහුල වශයෙන් අඩංගු වෙනවා.එබැවින් දිවුල් යුෂ වීදුරුවක් පානය කිරීමෙන් ආහාර දිරවීම ආශ්රිත ගැටළු රැසක් සමනය කර ගැනීමට හැකිය.
3. වණ සහ පිලිස්සුම් වලට එරෙහිව ක්‍රියාකාරී කරයි; දිවුල් වල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ මට්ටමක පවතින ටැනින් සහ ෆීනොලික් සංයෝග අඩංගු වෙනවා.මේවා වණ සහ පිලිස්සුම් සමනය කිරීමට උපකාරී වෙනවා.
4. විශාල ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි; හකුරු සමඟ දිවුල් ගෙඩියක් ආහාරයට ගැනීමට කටයුතු කරන්න.මෙය ඔබේ තෙහෙට්ටුව සහ ශක්තිය නැති වීම වැළැක්වීම සඳහා ඉතාමත් ඵලදායී වෙනවා.
5. ශ්වසන රෝග සමනය කරයි; උගුරේ අමාරුව, ඇදුම සහ බ්රොන්කයිටිස් වැනි රෝග සමනය කර ගැනීමට දිවුල් උපකාරී වෙනවා.ඉතින් ඔබට උගුරේ අමාරුවක් පවතින අවස්ථාවක දිවුල් ගෙඩියක් ආහාරයට එක් කර ගැනීමට කටයුතු කරන්න.එමඟින් ඔබට සහනයක් දැනෙනු ඇත.
6. වකුගඩු සෞඛ්‍යට හිතකරයි; දිවුල් වල තයමින් සහ රයිබොෆ්ලැවින් බහුලව අඩංගු වන අතර ඒවා ශරීරයේ විෂ ඉවත් කිරීමට සහාය වෙනවා.එබැවින් දිවුල් යුෂ පානය කිරීමෙන් වකුගඩු ගැටලු සමනය කර ගැනීමේ හැකියාව පවතිනවා.
7. අධි රුධිර පීඩනය සුව කරයි; අධි රුධිර පීඩනයට සහනයක් ලබා ගැනීමට දිවුල් කොළ කිහිපයක් තම්බා පානය කළ හැකිය.
8. දියවැඩියාව පාලනය කරයි; දිවුල් වල 'ෆෙරෝනියා ගම්' අධික ලෙස අඩංගු වන අතර එය රුධිරයේ සීනි සමතුලිතව ගලා යාම පාලනය කර දියවැඩියාව සමනය කිරීමට දායක වෙනවා.
9. විදුරුමස් නීරෝගී කරයි;දිවුල් වල විටමින් C බහුල බැවින් එය විදුරුමස් වල ලේ ගැලීම හා සෙම් ගෙඩි සමනය කිරීමට උපකාරී වෙනවා.
දිවුල් කිරි පානය.
අවශ්‍ය ද්‍රව්‍ය : හොඳින් ඉදුණු දිවුල් ගෙඩි 02 හෝ 03 ක්, පොල් ගෙඩි 1/2 ක පමණ පොල් කිරි. වතුර ලීටර් 01 ක් පමණ. සිනි, ලුණු අවශ්‍ය පමණට,
පිළියෙල කරන ආකාරය ; ප්‍රථමයෙන් දිවුල් ගෙඩි ටික සෝදා පිරිසුදු කර දෙකට පලා මදය සූරා ගන්න.දැන් එය බ්ලෙන්ඩරයකට දමා එයට පොල් කිරි හා වතුර මිශ්‍ර කරන්න.
දැන් මේ සියල්ල බ්ලෙන්ඩර් කර බීම සාදන භාජනයට දමා අවශ්‍ය පමණට ලුණු හා සීනි එක් කරන්න.දැන් ඔබේ රසවත් දිවුල් කිරි පානය කරන්න.
(මතක තබා ගන්න, ඔබ දියවැඩියා රෝගීයෙක් නම් සීනි නොදමා පානය කිරීමට කටයුතු කරන්න) එසේම දිවුල් යනු උෂ්ණාධික පලතුරක් බැවින් එය අධික ලෙස ආහාරයට ගැනීමෙන් වළකින්න.මන්ද එමඟින් මුත්‍රා දැවිල්ල ,බඩේ දැවිල්ල වැනි තත්වයන් ඇති විය හැක. ඉතින් ඔබත් දිවුල් අනුභව කර ඉහත ප්රතිලාභ අත් විඳින්න.....
�� ඉදුණු දිවුල් ගෙඩියක යුෂ ගෙන එයට උක් පැණි තේ හැදි 2ක්, දෙහියුෂ, එනසාල්, ලුණු, ගම්මිරිස් කුඩු එක් කර පානය කිරීමෙන් කැස්ස, ඉක්කාව සුව කරයි.
මද ලෙස ඉදුණු දිවුල් යුෂ පානය වමනය සුව කරයි.
සමේ ඇතිවන දද, කුෂ්ඨ වලට දිවුල් කොළ ඇල් වතුරෙන් අඹරා සතියක් පමණ අලේප කිරීම.
ඉදුණු දිවුල් ගෙඩියක මදය සූරා එයට මීපැණි, සූදුරු ස්වල්පයක් එක් කර තලා දිනපතා උදේ ආහාරයට එකතු කර ගැනීමෙන් දරු සම්පත් ලැබීමට උපකාර වේ.
සත්ව විෂ ශරීරගත ව ඇති විට දිවුල් කොළ කැඳ ගුණදායක වීම.
දරුවන්ට අජීරණ ඇති වූ විට ළපටි දිවුල් කොළ වල යුෂ ගෙන මීපැණි හෝ සීනි සමග දවසකට තුන්වරක් බැගින් දවස් කීපයක් බොන්න දීම.
�ලේ පිරිසිදු කරන්නට දිවුල් ගෙඩි මදය සීනි සමඟ මිශ්‍ර කර උණු වතුරින් දිය කර බීමට ගන්න.
��ඉදුණු දිවුල් ගෙඩියක මද ඇට ඉවත් කර සීනි සමඟ මිශ්‍ර කර උදේ ආහාරයට ගැනීම මළ බුරුල්ව යාමට උපකාර වේ.
දිවුල් මද, බදින ලද සූදුරු, එනසාල්, මී පැණි මිශ්‍ර කර කෑම අර්ශස්, අජීර්ණ රෝග සුව කරයි.
--------------------------------------------------------------------------------------------
ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.
මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..
අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්‍රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..
ඉංග්‍රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..
...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘතිය,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්‍යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...
නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන් මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..
මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...
විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න..
මම.දේශ විමුක්ති සංග්රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486 . බලන්න ..www.srilankaelle.com හෝ www.kangenwatersrilanka.com Youtube - Sri Lanka Elle & Ellaya TV Face Book . Jude Silva & Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න
එමෙන්ම යාළුවන්ටත් දැන් ගැනිම සදහා මෙය මිතුරන්ට ෂෙයා කරන්න
No comments:
Post a Comment