Monday 26 September 2022

ගොයමට මිතුරු මී ගස: මී ගසෙහි නිජබිම ශ්‍රී ලංකාවයි.

 ඝර් ම කලාපයේ සරුවට වැඩෙන මී ගසෙහි නිජබිම ශ්‍රී ලංකාවයි. මෙම ශාකය නිවර්තන මෙන්ම නිවර්තන මිශ්‍ර වනාන්තරවලද දැකිය හැකිය. මෙය ඉන්දියාවේ මධ්‍යම සහ උතුරු තැනිතලා වනාන්තරවල විශාල ව්‍යාප්තියක් ඇත. දළ වශයෙන් උස 20m ක් පමණ වන අතර වේගවත් වර්ධනයක් සහිත ශාකයක්වන අතර Sapotaceae කුලයට අයත්වන ශාකයකි. උද්භිත විද්‍යාවේදී, Madhuca longifolia යන නාමයෙන් හැඳින්වෙන මී ශාකයට නෑකම් ඇති ශාකයන් ලෙස පලු සහ සැපදිල්ල හඳුනාගෙන ඇත.




වී ගොවිතැනදී මෙන්ම ඖෂධීය වටිනාකමක් ඇති මී ගස, දැව සඳහා බහුලව භාවිතා කෙරේ. 

මී ඵලයෙහි වටිනාකම:

මී තෙල් පැරණි වෛද්‍ය ග්‍රන්ථවල මධුක, ජලමධුක යනාදි දෙකොටසකින් හඳුන්වා ඇත. මී ඇටය මිරීකීමෙන් ලබාගන්නා මී තෙල්වල ඔලෙයික් අම්ලය 45%ක්ද, සිට්රියන් අම්ලය 18%ක් ද, ලිනෝලියන් 14%ක් ද ඇති බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. මී ගෙඩියේ පොත්ත රසවත් ව්‍යංජනයක් මෙන්ම රසවත් පානයක් ලෙසද ඉතා මිහිරිය. මී තෙල් සෙම, දාහය, පිත සහ වාතය වැනි රෝගි තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනී. ඒ අනුව මී තෙල් කදිම ඔසුවකි.

ගොයමට මිතුරු මී ගස: 

හෙළ රජ දරුවන් මහත් ඕනෑකමින් ආරක්ෂා කළ මී ගස වී ගොවිතැනේ දී කෘමීන් පළවා හැරීමටත්, පක්ෂීන් ආකර්‍ශනය කර ගැනීමටත්, පත්‍ර කෙත සරුකරන පොහොරක් ලෙසත් උපයෝගී විය. කුඹුරු අක්කරයකට එක් මී ගසක් ප්‍රමාණවත්ය. මී ඵල රස බැලීමට පැමිණෙන වවුලන්ගේ වසුරුවලින් පැළ ගොයමට අවැසි ජීවාන්තර පොහොර (නයිට්‍රජන්) ලැබේ. 

තවද ගොයමට හානිකර වූ මැස්සන් ආදි කුඩා කෘමි සතුන් වවුලන්ගේ ආහාර වීම නිසා ගොයමට සිදුවන කෘමි හානිය ද පාලනය වේ. එමෙන්ම මී ම‍ලෙහි පැණි බීමට එන මී මැස්සන්ගේ නාදයද කෘමි හානිය අවමවන තවත් ක්‍රමයකි. තවද පැරැන්නෝ කෙම් ක්‍රමයක් ලෙස නැගෙනහිරට පිහිටා ඇති මී මුලක් කුඹුරෙහි සිව් කොනෙහි ගැසීම කරන ලදි. ඉන් බලාපොරොත්තු වූයේ කෘමි හානිය අවමකර ගැනීමයි. 

එමෙන්ම ගොයමට පොහොරක් ලෙස මී තෙල්හි අතුරු ඵලය වු රොඩ්ඩ භාවිතා කෙරිණි. විශාල වටිනාකමක් ඇති ශාකයක් ලෙස පැරැන්නෝ හඳුනාගත් මී ශාකය අදවන විට අප රටින් විශාල ලෙස වඳවී යාමේ තර්ජනයකට ලක්ව ඇතිමුත් තවමත් එලෙස නම් නොකළ ශාකයක් බව පෙන්වාදිය යුතු වේ. 

දැව වශයෙන් යොදා ගැනීම, නොසැලකිලිමත් භාවය මෙන්ම වටිනාකම පිළිබඳව පවතින අනවබෝධය ද මේ තත්ත්වයට හේතුවි ඇත. එබැවින් මෙම වටිනා ශාකය තුරන්වීමට ඉඩ නොතබා සංරක්ෂණය කිරීමට කටයුතු කරන්නේ නම් ඉතා වටී. 

වෙල්යායේ රැජින මී ගස මී ශාකය වනාන්තර ප්‍රතිරෝපණයේදී වැඩි වශයෙන් කතාබහට ලක්වෙන ශාකයක්. ස්වභාවිකව මී ශාකය හමුවන්නේ ජලාධාර ආශ්‍රිත තෙත රදන පසේ. Sapotaceae කුලයට අයත් මී ශාකය විද්‍යාත්මකව හදුන්වන්නේ Madhuca longifolia යනුවෙන්. ශ්‍රී ලංකාවේ දේශීය වනජ ශාකයක් වන මෙම විශේෂය මෙරටේ පමණක් නොව ඉන්දියා උපමහාද්විපයේත් හමුවෙනවා. වියලි පහතරට/ අතරමැදි- මෝසම් සහ අතරමැදි කැලෑවල මීටර් 25 පමණ දක්වා උසට වැඩෙන මී ශාකය හොදින් අතුපතරලා වියන් ස්තරය දක්වා වැඩෙන ශාකයක්. 



නිමාබදව රොක්වෙන හෙලි ආකාරයේ පත්‍ර දරන මෙම ශාකයේ පොත්ත කහවන් අළු ගන පොත්තක්. ලීය රතට හුරුයි. මල්, ලා කහ පාටයි, පැණි රසයි. ගෙඩි, කහ පාටයි. කෙටි හොටයක් සහිතව යන්තමින් වක්වුණු ඇටයක් දරනවා. 

කුඹුරු ආශ්‍රිතව මී ශාකය වැවීම තුලින් අපේ පුරාණ ගොවි මහත්වරු වාසි කිහිපයක් ලබාගත්තා. අදටත් වෙල්යාය ආශ්‍රිතව මෙම ශාකය දැකගන්න පුලුවන් ඒ පුරාණ ඒකාබද්ධ පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය නිසාවෙන්. මී ශාකයේ මල් හටගනිද්දී එම මල් ආහාරයට ගන්න වවුලන් එනවා. වවුල් වසුරු, මී මල් කාලයට ගස යට සුලබ දසුනක්. වවුල් වසුරු , පෝෂක බහුල ස්වභාවික කාබනික පොහොරක් විදියට කුඹුර සරුසාර කළා. ඒ නිසා රජ සමයේ මී ගස් කැපීම දඩුවම් ලබන වරදක්. මී ගස ආශ්‍රිතව මහා සංස්කෘතික කතාන්දරයක් තියෙනවා.

මී ගසේ යෙදවුම් මොනවාද?

මී මල් කෑමට ගන්නවා. ඇට තෙල් සිදීමට ගන්නවා. එම තෙල් ඉන්ධනයක් ලෙස, අහර පිසීමට, ඔසු ලෙසට ගන්නවා. මීවල දැවමය වටිනාකමත් ඉහලයි. 2012 රතු දත්ත වාර්තාවට අනුව මී අයත් වෙන්නේ Least concerned කාණ්ඩයට. මී ඇට කාලයට පැල හදාගන්න පුළුවන්කමක් තියෙනවනම් එම බීජ දවසක් විතර ජලයේ පොඟවලා වැලි කොම්පෝස්ට් මිශ්‍ර පසේ නොගැඹුරුව යට කරන්න. හොඳින් තෙතමනය සහිතනම්, බීජවල ජීවිබවත් හොඳයිනම් සතියකින් දෙකකින් පොඩි පැල දැකගන්න පුලුවන් වෙයි. පරිසර පද්ධතියක් විනාශ කිරීම පහසු වුනාට යලි ස්ථාපිත කිරීම පහසු නෑ.

දැව කියන්නේ ඉතා වටිනා ස්වභාවික සම්පතක්. දැව උදෙසා ගස් කපනවා වගේම ඉදිරි අනාගතය උදෙසා එම සම්පත ආරක්ෂා කිරීමත් ඔබ අප සැමගේම වගකීමක්. තිරසාර භාවිතය කියන්නේ සැබෑවක් බවට පත්විය යුතු වදනක්. අප ජීවත්වෙන පරිසරය කොළ පාට කලේ ගස්වැල්. පොඩි දරුවෙක් මුලින්ම කොළ පාට ඉගෙනගන්නේ ගහකොළවලින්. අපි අපේ වන සම්පත රැකගනිමු. අපිට පුළුවන් විදියට වන සම්පත රැකගන්න ජාතික වගකීමට උරදෙමු. 




--------------------------------------------------------------------------------------------

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

එමෙන්ම යාළුවන්ටත් දැන් ගැනිම සදහා මෙය මිතුරන්ට ෂෙයා කරන්න


No comments:

Post a Comment

කටුපිල -  Flueggea leucopyrus     ශ් ‍ රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් ‍ රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙ...