Saturday 4 November 2023

අළු පුහුල්

 අළු පුහුල්

Benincasa hispida යන උද්භිද විද්යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන අළු පුහුල් බොහෝ දෙනෙක් ආහාරයට ගැනීමට වැඩි ප්රියතාවයක් දක්වන්නේ නැති වුණත් ඖෂධීය ගුණයෙන් නම් අනූනයි.

ඒ වගේම ආයුර්වේදයට අනුව වැල් වල හට ගන්නා ගෙඩි වර්ග අතරින් සුවිශේෂි වටිනාකමක් අළු පුහුල් වලට හිමි වේ.ඇත්ත වශයෙන්ම ආයුර්වේදයේදී පුහුල් ගෙඩි පමණක් නොව එහි දඬු, මුල්, ඇට, කොළ ආදී සියල්ල බොහොමයක් ලෙඩ රෝග සමනය කිරීම සඳහා යොදා ගනී.
එපමණක් නොව මෙහි තන්තු , සින්ක් , යකඩ, සෝඩියම් ,පොස්පරස් මෙන්ම විටමින් B වැනි පෝෂණ ගුණ රැසක් අන්තර්ගත වන අතර ඒවා භාවිතයෙන් අපට ලැබෙන සෞඛ්ය ප්රතිලාභ ද බොහෝමයි.එසේම අළු පුහුල් වල අධික ලෙස ජලය අඩංගු වී තිබේ.

අළු පුහුල් සතු ගුණ කිහිපයක් මෙන්න.
1 .ඇස් පෙනීම වැඩි දියුණු කළ හැකිය ;
2 .හදවත් සෞඛ්යට හිතකරයි ;
3 .ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි
4 .අළු පුහුල් වලට සෛල, පටක, මාංශ පේශි, ඇටකටු සහ රුධිර වාහිනී වල මූලික ගොඩනැගිලි අංගයක් වන කොලජන් නිපදවීමේ හැකියාව ඇත..
5 .ආහාර ජීර්ණ පද්ධතිය නීරෝගී කරයි ;
6 .මතක ශක්තිය වැඩි දියුණු කළ හැකිය ;
7 .ශරීරය විෂබීජහරණය කරයි ;
• ශරීරයේ ඇතිවන විවිධ ඉදිමුම් සමනය කිරීමය අළු පුහුල් යෝදා ගනී.
• සමේ පැහැය වැඩි දියුණු කරයි.
• බරවා රෝගයෙන් පෙළෙන්නන්ට අභ්යන්තර ප්රතිකාරයක් ලෙස මෙන්ම බාහිර ප්රතිකාරයක් ලෙස ද අළු පුහුල් භාවිත කෙරේ.
• වකුගඩු ගල් සමනය කරයි

අළු පුහුල් කෑවම වෙන තවත් විස්තර 
🍐 මූත්ර පීඩා රෝග සුවපත් කිරීමට හොඳ ආහාරයකි. වකුගඩුවල ගල් ඇති විට එම රෝගී තත්ත්වය පාලනය කරයි.
🍐 වකුගඩුවල සෝඩියම් , පොටෑසියම් සහ ක්ලෝරයිඩ් සංඝටක ඉවත් කර වකුගඩු පිරිසිදු කිරීමට උපකාර වේ.
🍐 අධික පිපාසය නසයි.
🍐 සමෙහි පැහැය ඔප්නැංවීමට ලොව ඇති වටිනාම ඖෂධයක් ලෙස පිළි ගැනෙනවා.
🍐 මුඛයේ , ආමාශයේ සහ ගුද මාර්ගයේ හට ගන්නා තුවාල සුවපත් කර දෙයි.
🍐බරවා රෝගීන්ට ප්රතිකාර කිරීම සඳහා යොදා ගනියි.
🍐 වේදනා නාශක ගුණයෙන් යුක්තයි.
🍐රුධිරගත මේදය ඇති අයට ගුණදායකයි.
🍐 වර්තමානයේ අප ගන්නා ආහාරවල විෂ තත්ත්වයන් අවම කිරීමේ හැකියාවක් අළුපුහුල්වල පවතියි.
🍐 ඇස්වල ඇතිවන විවිධ ආබාධවලට ගුණදායක වේ.

🔴 අලු පුහුල් වල තවත් ගුණ..
• සිරුර සිසිල් කරයි
• නිතර දැනෙන පිපාසය සන්සිඳුවයි
• පණු රෝග වලට ගුණදායකයි
• හදවත හා පෙනහළු ශක්තිමත් කරයි
• හදවත් රෝග සඳහා ගුණදායකයි
• මදසරු භාවය නැති කරයි
• මොළය වර්ධනය කරයි
• මතක ශක්තිය වඩවයි
• මානසික ආතතිය අඩුකරයි
• මානසික රෝග නැතිකරයි
• පිළිස්සුම් තුවාල සුවපත් කරයි. (පුහුල් දළු)
• සුව නොවන කැස්සට ගුණදායකයි
• මුත්රාගල් ඇතිවීම වළකයි
• මුත්රා දාහය නැතිකරයි
• ඌෂ්ණාධික රෝග වලට ඉතා සුදුසුයි
• අම්ලපිත්තයට (ගැස්ට්රයිටිස්) ගුණදායකයි
• අර්ශස් වලට ගුණදායකයි
• නාසයෙන් රුධිරය පිටවීම වළකයි
• අධික මාස් ශුද්ධිය වළකයි
• වකුගඩු වලට ගුණදායකයි
• රක්තහීනතාවයට ගුණදායකයි
• ශරීරයේ කෘෂ බව නැතිකර ශරීරය පෘෂ්ඨිමත් කරයි
✅ ආහාරයට අළු පුහුල් එක් කරගන්න පුළුවනි
රෝගයන් වැලදිමට සහ සුවවිමට බලපාන කරුණු වන්නේ 🌞 හිරු එලිය,වාතය,ආහාර,ජලය සහ තම නිරෝගී මනසයි... විශ්වයේ නිතිය ...සත්යය සහ බලය,දැනුම ශක්තිය......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන් රෝගයක් මෙන්ම දරුවන් නොමැති අයවලුන්ටද වැදගත්වේ...ඕනේම රෝගයක් මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්.. මම.දේශ විමුක්ති සංග්රාම විජය විබූෂණ දේශාභිමානී විිරපුත දේශශක්ති දේශමාන්ය හෙළ වෛද්ය ශිරෝමණි විශ්ව ජිව බල වෛද්ය එස් ජුඩ් සිල්වා .
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය .ලියාපදිංචි අංකය:- S/002486 බලන්න ..www.srilankaelle.com www.kangenwatersrilanka.com මිතුරන්ට ෂෙයා කරන්න.
නිරෝගීව දිවි ගෙවන්න බලන්න Youtube -Sri Lanka Elle & Ellaya TV Face Book .>> Jude Silva දුරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,කිර්ති මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල..මිතුරන්ට ශෙයා කරන්න .

Sunday 29 October 2023

වැටේ මුරුංගා

 වැටේ මුරුංගා

මුරුංගා වර්තමානයේ බහුකාර්ය ශාකයක් ලෙසත් අතීතයේදී දෙවියන් විසින් මැවූ ශාකයක් ලෙසත් පිළිගැනේ. එසේ වී ඇත්තේ මුරුංගාවල ඇති ඖෂධීය ගුණය පදනම් කර ගනිමිනි. මුරුංගා කරලේ ඇති ඖෂධීය ගුණ අසාමාන්‍ය වේ. එපමණක් ද නොව මුරුංගා ශාකයේ මුරුංගා මල්පොතුපත්‍ර හා මුරුංගා ගහේ ලාටු ද ඖෂධ සඳහායොදාගනී.

මුරුංගා කරල්මල්පොතුපත්ර ඖෂධ සඳහා යොදා ගන්නවා. අප රටේ මුරුංගා කරල් පමණක් බහුලව එළවළුවක් ලෙස ආහාරයට ගත්තත්වෙනත් ආසියානු රටවල මුරුංගා කොළ කුඩු බවට පත් කර පැකට් වශයෙන් අලෙවි කරනවා. ආයුර්වේදයේ දී මුරුංගා හඳුන්වන්නේ සාර්ථකව ආහාර දිරවීම සිදු කරන ඖෂධයක් ලෙසයි. මුරුංගා කොළ රසවත් මැල්ලුමක් වශයෙන් ද ආහාරයට ගත හැකියි. එහෙත් මැල්ලුමකට එහා ගිය ඖෂධීය ගුණයක් මුරුංගාවල පවතින බව ඔබ දන්නවා ද?


මුරුංගා විෂ නාශක ඖෂධයකි.

අසාමාන්‍ය ගුණ සමුදායක් පවතින මුරුංගා ශාකය ඖෂධයක් යැයි පැවැසුවහොත් ඇතැම් විට ඔබ මවිත විය හැකිය. එහෙත් සත්තකින්ම මුරුංගා යනු රෝග රැසකට ගුණය ලබාදෙන මාරාන්තික රෝග පවා සුව කරවන තරමේ ඖෂධීය ගුණයක් ඇති දිව්‍යමය ඖෂධයකි.

ඒ වගේම මුරුංගා කොළ මැල්ලුම වගේම මුරුංගා මල් වෑංජනයත් ඉතාම රසවත්. මුරුංගා කරල්කොළමල් බහුල වශයෙන් ආහාරයට ගැනීම මඟින් ඔබට වැලඳී ඇති රෝග රැසක් සුවකර ගැනීමේ හැකියාවක් පවතිනවා.

මුරුංගා කියන්නේ රෝග නාශක ගුණය බහුලවම ඇති ඖෂධයක්. මුරුංගා විවිධ නම්වලින් හඳුන්වනවා. මුරුංගා කියන්නේ ඇස් ආශ්‍රිත රෝගවලට හොඳ ඖෂධයක්. ඒ නිසා අක්‍ෂිව කියලත් මේ ඖෂධීය ශාකය හඳුන්වනවා. ඒ වගේම ශෝබාංජනතීක්‍ෂණ මූලශ්‍රීග්රූ යන නම්වලිනුත් මුරුංගා හඳුන්වනවා.

"ඈත අතීතයේ සිටම ඇඟ දුර්වල වෙන රෝග හැදුණු පුද්ගලයන්ට කාය ශක්තිය වර්ධනය වීම සඳහාත් බහුල වශයෙන් මුරුංගා හොදිමුරුංගා මැල්ලුම් ආදිය ආහාරයට දුන්නා. දුර්වල ශරීරයක් යථා තත්ත්වයට ගන්න මුරුංගා ආශි්‍රත ආහාර ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි අපේ ආයුර්වේදයේදී මුරුංගා හඳුන්වන්නේ සාර්ථකව ආහාර දිරවීම සිදු කරවන ඖෂධයක් ලෙසයි.

ඒ වගේම පණු රෝගවලින් පෙළෙන අය මුරුංගා මැල්ලුම් දෙනිකව ආහාරයට ගන්නවා නම් ඒක ඉතාමත්ම ගුණදායකයි. ඒ වගේම මුත්‍රා මාර්ගය ආශි්‍රත රෝගවලටමුත්‍රා ගල්වලටහෘදය ආශි්‍රත රෝගවලටමුරුංගා වෑංංජනය හෝ මැල්ලුම් දිනපතා ආහාරයට ගන්නවා නම් ඒ සෑම රෝගයකම කෙළවරක් දකින්න පුළුවන්."

නම් හෘදය ආශි්‍රත රෝග සහ මුත්‍රා ගල් වැනි රෝග සඳහා විසඳුම් ලැබීමට දැඩි ලෙස මුරුංගා හොදි සහ මැල්ලුම් ආහාරයට ගැනීම මඟින් හැකි බව වෛද්‍ය විද්‍යානුකූලව පවා තහවුරු වී තිබේ. මුරුංගා කොළ වනාහි අපට රසවත් මැල්ලුමකි. එහෙත් මැල්ලුමකට එහා ගිය ඖෂධය ගුණයක් මුරුංගා පත්‍රවල පවති.

"මුරුංගා කොළවල ප්‍රෝටීන්විටමින් සීවිටමින් බීබී. කැරෝටීන් (බීටා කැරොටීන්)කැල්සියම්මැග්නීසියම්කොපර්යකඩ පොස්පරස්ඛනිජ ලවණ වැනි ගුණ රාශියක් අඩංගුයි. එනිසයි මුරුංගා මැල්ලුම ඉතාමත් ගුණදායි මැල්ලුමක් මුරුංගා කොළ මැල්ලුම් විශේෂයෙන්ම කුඩා දරුවන්ටගැබිනි මවුවරුන්ට ඉතාමත්ම හොඳයි. මොකද අස්ථි වර්ධනයට අවශ්‍ය සුවිශේෂී ගුණ රැසක් මුරුංගා කොළවල පවතිනවා.

අස්ථී රෝගවලින් පීඩා විඳින අයට වටිනා ඖෂධීය සුප් එකක් මුරුංගා කොළවලින් සාදා. මුරුංගා කොළ ග්‍රෑම් 60ක් අරගෙන ඒකට වතුර මිලිලීටර් 200ක් දමා ඒකට ගම්මිරිස් ස්වල්පයක් ලුණු ස්වල්පයක් දෙහි ස්වල්පයක් දමා හොඳින් තම්බා පානය කරන්න. අස්ථි රෝගවලින් පෙළෙන අයට එක හොඳ වේදනා නාශක ඖෂධයක්. ඒ වගේම මුරුංගා කොළ එළඟි තෙල් සමඟ හෝ බටර් සමඟ තෙම්පරාදු කරලා ආහාරයට ගත්තත් අස්ථි රෝගවලටත් මුත්‍රා ගල් රෝගයටත්හෘදය ආශ්‍රිත රෝගවලටත් ඒක ගුණයි."

සමාජයේ බොහෝ පුද්ගලයන්ට වැලඳී ඇති ප්‍රමුඛ පෙළේ රෝග පීඩා සඳහා මුරුංගා ඖෂධය භාවිතයෙන් රෝග සුවකර ගන්න.

"ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝග නිසා දුක් විඳින බොහෝ පිරිසක් අද සමාජයේ සිටිනවා. ඇදුමකැස්ස වගේ රෝග සඳහා ඉතාමත්ම ගුණදායක ඖෂධයක් මුරුංගා කොළවලින් හදන්න පුළුවන්.මුලින්ම මුරුංගා කොළ අරගෙන හොඳින් වියළා ගන්න. කොළ වියළාගෙන තේ කුඩු ප්‍රමාණයට එන පරිදි කුඩු කරගන්න. ඉන්පසුව දිනපතාම තේ වෙනුවට මුරුංගා කොළ කුඩු ගොටුවට දාලා (තේ කුඩු පරිදි) තේ වගේ වත්කරගෙන බොන්න.

ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිතව හටගත් රෝගවලට ඒක ඉතාමත්ම ගුණදායකයි. ඒ වගේම තමයි ආහාර අජීර්ණය නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. මුරුංගා කොළ අමුවෙන් අරගෙන හොඳින් කොටලා මිරිකලා ගන්න. මුරුංගා කොළ ඉස්ම තේ හැඳි 2ක් සමඟ මී පැණි තේ හැන්දක් මිශ්‍ර කරලා ඒ ද්‍රාවණය තැඹිලි ගෙඩියක වතුරට මිශ්‍ර කරලා හොඳින් කලවම් කරන්න. උදේදවල්හවස වන විදියට ඒ වතුර එක දිනකට තුන්වරක් පානය කරන්න. ආහාර අජීර්ණයට ඒක ඉතාමත්ම ගුණදායක ඖෂධීය පානයක්.

ගැස්ට්‍රයිටිස් කියන්නේ අද බොහෝ දෙනෙක්ව අපහසුතාවට ලක් කරන රෝගයක්.ගැස්ට්‍රයිටිස්වලට හොඳ වටිනා සුවදායක ඖෂධයක් මම කියන්නම්. මුරුංගා කොළ මිටක් අරගෙන හොඳින් අඹරා ගන්න. ඒකට මුදවපු කිරි මේස හැඳි 5ක් එකතු කරලා දිනපතා උදෑසන හිස්බඩ ආහාරයට ගන්න. දින කිහිපයක් මේ විදියට කළොත් ගැස්ට්‍රයිටිස් රෝගයෙන් අත් මිදෙන්න ඔබට පුළුවන්.

මුත්‍රා ගල් හටගත් බොහෝ දෙනකුට බටහිර වෛද්‍ය ක්‍රමවේදයට අනුව තිබෙන හොඳම විසඳුම තමයි ශල්‍යකර්මයකට භාජන කිරීම. නමුත් ශල්‍ය කර්මයකට ලක් නොකර මුත්‍රා ගල් දියකර හැරීමට මුරුංගා පොතුවලින් හොඳ කෂායක් හදාගන්න පුළුවන්.තරමක් වියළි මුරුංගා පොතු (ගසේ පොතු) මිටක් පමණ අරගෙන වතුර පත හතරක් පමණ දමා පත එකකට සිඳුවා උදේ කාල් බාගයයිහවස කාල් බාගයයි දිනපතාම පානය කරන්න.

සති දෙකක් පමණ අඛණ්ඩවම මේ කෂාය භාවිත කළොත් මුත්‍රා ගල් අංශු බවට පත්වී දිය වී යනවා. හොඳින් මුත්‍රා පිට වීමත් මුත්‍රා දැවිල්ල ප්‍රහීන වී යන්නත් ඒක ඉතාමත්ම ගුණදායක කෂායක්. මුත්‍රා දැවිල්ල අධික ලෙස පවතින රෝගියකුට සුදුසු ඖෂධීය පානයක් තිබෙනවා. පුහුල් යුෂ හරි කැකිරි යුෂ හරි වීදුරුවකට අරගෙන ඒකට මුරුංගා කොළ තළලා අරගෙන මුරුංගා කොළ යුෂ තේ හැඳි 2ක් එකට මිශ්‍ර කරලා බොන්න. මුත්‍රා දැවිල්ල නිමා වී සාර්ථකව මුත්‍රා පිටවීම එමඟින් සිදු වෙනවා".

ග්‍රීස්ම සමයේදී ඇතැම් පුද්ගලයන්ගේ සිරුරේ අසාමාන්‍ය ලෙස දහදිය බිබිළි හට ගනී. එවන් රෝගයකදී කොහොඹ කොළ සහ මුරුංගා මුල් සමව ගෙන සිහින්ව අඹරා දෙහි යුෂ හා මිශ්‍ර කොට නැවැතත් අඹරා දහදිය බිබිළි මත ආලේප කළ හැකිය.

මතුවූ දහදිය බිබිළි යළි යටපත් වී ශරීරයට සුවයක් ලබා ගැනීමට එය ඉතාමත් උචිත ආලේපයකි. සමේ ආලේප කොට පැය 2ක් පමණ නිදහස්ව හිඳ පසුව නෑම සුදුසු

 "ඇතැම් තරුණියන්ගේ මෙන්ම තරුණයන්ගේත් මුහුණේ කුරුලෑලප කැළැල් අසාමාන්‍ය විදියට තිබෙනවා. ඒ වගේම අවපැහැ ගතියක් පවතිනවා. එවන් ගැටලුකාරී තත්ත්වයකදී මුරුංගා කොළ යුෂ අරගෙන ඒකට දෙහි යුෂත් මිශ්‍ර කරලා ඇල් වතුර බඳුනකට ඒක මිශ්‍ර කරලා එයින් මුහුණ සෝදන්න. දිනපතා උදේ මේ මිශ්‍රණයෙන් මුහුණ සෝදනවා නම් පැහැදිලි වෙනසක් සහ සෞම්‍ය බවක් ඔබගේ මුහුණේ ඇති වේවි.

හන්දිපත් ඉදිමුම හන්දිපත් රුදාව වගේ බාහිර තැළුම් වේදනාවලටත් මුරුංගාවලින් පුළුවන්.එහි නම මුරුංගාදීලේපය.නිවෙසේදීම සාදාගන්න හැටි වැදගත්. ලුණු වරණු පොතුඅමු කහ සමව අරගෙන මුරුංගා පොතු යුෂෙන් ඒක සියුම් වෙන්න අඹරන්න. (අමු මුරුංගා පොතු තළා යුෂ ගන්න) සියුම් ලෙස අඹරා ගත් ඖෂධය අරගෙන තැළුම්වේදනා ඉදිමුම් ස්ථානයේ ආලේප කරන්න.

වේල් කිහිපයක් ආලේප කළොත් හොඳ සුවයක් අත්විඳින්න පුළුවන්කමක් තිබෙනවා. තවත් විශේෂ කාරණාවක් තමයි මුරුංගා කියන්නේ දෙඹරබඹරගෝනුසු ආදී විෂට ප්‍රතික්‍රියා දක්වන විෂ නාශක ඖෂධයක්. පෙර සඳහන් කළ විෂක් ශරීර ගත වුණ පුද්ගලයකුට මුරුංගා පොතු දෙහි ඇඹුලින් අඹරා සත්ත්ව දෂ්ටනයට ලක් වුණු තැන ආලේප කරන්න. ඒකට විෂ මැරීමක් සිදු වෙනවා. සමහර අයට උදේ කාලෙදි සැන්දෑ කාලෙදි සෙම හට ගන්නවා. ඒ තත්ත්වයෙන් අත්මිදිලා නිරෝගී සුවයක් ලබන්න මුරුංගා මුලේ පොත්ත කොටලා මිරිකලා ගත් යුෂට බුලත් කොළ යුෂ හා අමු ඉඟුරු යුෂ තේ හැඳි 1 ගාණේ මිශ්‍ර කර මී පැණි තේ හැන්දක් ඒකට එක් කරලා දින 10ක් ඒ ද්‍රාවණය පානය කරන්න. සෙම තත්ත්වය දුරු වෙලා යාවි."

අධික තරබාරු තත්ත්වයෙන් අත්මිදීමටද ළපටි මුරුංගා ඇට කෂායක් ලෙස මී පැණි හා පානය කිරීම මඟින් හැක.

"ඒ විතරක්ම නොවෙයි. සැරව ගලන තුවාල පිරිසුදු කරලා ඉක්මනින් සුවකර ගන්නත් මුරුංගාවලින් පුළුවන්. ඔබ කළ යුත්තේ මුරුංගා කොළ ටිකක් අරගෙන තල තෙල්එළඟි තෙල් ස්වල්පය බැගින් එයට මිශ්‍රකර අඹරා තුවාලයේ ආලේප කිරීම පමණයි. දින කිහිපයක් මේ ක්‍රියාව කළොත් ඔබට පැසවූ තුවාලයකට වුණත් ඉක්මන් සුවයක් ලබන්න පුළුවන්. එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනයට ගන්න පුළුවන් රෝග නාශක ගුණය සහිත හොඳ ඖෂධයක් මුරුංගා.

නමුත් අද ඇතැම් අය මුරුංගා එළවලුවක් ලෙසටවත් ආහාරයට නොගැනීම ඉතාමත් කණගාටුවට කරුණක්. ඕනෑම පුද්ගලයෙක් දෛනිකව හෝ සතියකට අවමය දින තුනක් හෝ හතරක්වත් මුරුංගා හොද්දක් මැල්ලුමක් වශයෙන් හරි ආහාරයට ගන්නවා නම් ලෙඩ ගොඩක් අඩු වෙනවා. අද වන විට නවීන පර්යේෂණවලින් පවා තහවුරු වෙලා තියෙනවා ආමාශය ආශි්‍රත රෝගවලටත් හෘදය ආශි්‍රත රෝගවලටත් අතීසාරය වැනි රෝගවලටත්මුත්‍රාශ්‍රය ආශ්‍රිත රෝග රැසකටත් මුරුංගා හොඳ ඖෂධීය ගුණ සපිරි ශාකයක් කියලා.

ඒ වගේම ශරීරයේ පිළිකා හට ගැනීමේ අවදානමත් පාලනය කරන්න මුරුංගාවලට පුළුවන්. මුරුංගා නමැති ඖෂධය නිරන්තරයෙන්ම ඔබ ආහාරයක් වශයෙන් හෝ ගන්නවා නම් කොලෙස්ටරෝල් අඩු වීමටත් ඇඟේ සීනි ප්‍රමාණය අඩු වීමටත් ඒක හොඳ ක්‍රමවේදයක්. දෛනික ආහාර වේලකට මුරුංගා මැල්ලුමක් වෑංජනයක් අන්තර්ගත කර ගන්නවා නම් කිසිම ලෙඩක් පීඩාවක් ඔබට ඇති වෙන්නෙ නෑ"

සුඩානය වැනි රටවල පවා අපවිත්‍ර ජලය පිරිසුදු කිරීමටද මුරුංගා කරලේ ඇති ඇට භාවිත කිරීම න් හෙළිවන්නේද මෙම අද්විතීය ශාකයෙහි පවතින වීෂ බීජ නාශක ගුණය... ‍_

මුරුංගාවල ඇමයිනෝ අම්ල සියල්ලම පාහේ අඩංගුය. මුරුංගා කරල්වල අඩංගු ඇමයිනෝ අම්ලය 20% - 30% අතර ප්‍රමාණයකි. මුරුංගාවල අඩංගු ෆ්ලේවොනොයිඩ්ස් (Flavonoids), ෆි‍ෙනාලික් අම්ලය (Phenolic Acids), ඔමෙගා අම්ලය (Omega Acid) වැනි සංඝටක රාශියක් අඩංගුය.

එබැවින් මුරුංගාවල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතා ඉහළය. අනෙක් වැදගත් කාරණය වනුයේ ශරීරයේ ඇති ප්‍රතිඔක්සිකාරක එන්සයිම වන සුපර්ඔක්සයිඩ් ඩිස්මියුටේස් (Superoxide Dismutese) ග්ලුටතයෝන් පෙරොක්සිඩේස් (Glutathione Peroxydase) ග්ලුටතයෝන් රිඩක්ටේස් (Glutathione Reductase) සහ කැටලෙස් (Catalase) සක්‍රිය කිරීමේ හැකියාව මුරුංගා සතු වීමයි. මේ නිසා මුරුංගාවල ප්‍රතිඔක්සිකාරක ගුණ වැඩි වේ.

මුරුංගාවල ඇති ගුණ

පිළිකා නාශක ගුණ ඉතා ඉහළ ය. විශේෂයෙන් මුරුංගා මොළයට විසරණය වන නිසා මොළයේ පිළිකා මර්දනයට හැකියාව ඇත.

බැක්ටීරියා නාශකදිලීර නාශක සහ වෛරස් මර්දන හැකියාව ඇත.

හෘදය වස්තුව ආරක්ෂා කරයි.

කොලෙස්ටරෝල් පාලනය කරයි.

උණ අඩු කරයි.

තුවාල සනීප කරයි.

වලිප්පුව වළක්වයි.

අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කිරීමෙන් දියවැඩියාව පාලනය කරයි.

මව්කිරි ස්‍රාවය වර්ධනය කිරීමේ හැකියාවක් ඇත.

විටමින් මුරුංගාවල බහුලව අඩංගු බැවින් ඇස්සමහිසකෙස් සහ ශරීරයේ අපිච්ඡද පටකස්‍රාවීය ග්‍රන්ථිනිර්නාල ග්‍රන්ථි නිරෝගීව තබා ගැනීමට උපකාරි වේ.

මුරුංගා කොළවල පෝෂණ සාන්ද්‍රණය ඉතා වැඩිය.

මුරුංගා කොළවලට ශරීරයේ විෂ ඉවත් කිරීමේ හැකියාව ඇත.

ඇදුම සහ සෙම වැළැක්වීමේ විශේෂ හැකියාව පවතී.

මුරුංගා කොළ තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගවලට මනා ඖෂධයකි.

මුරුංගාවල අඩංගු කැල්සියම් ප්‍රමාණය ඉතා ඉහළ බැවින් අස්ථි වර්ධනය කිරීමේ හැකියාව ඇත.

මුරුංගාවල අඩංගු යකඩ ප්‍රමාණය ඉතා ඉහළ බැවින් රුධිරයේ හිමොග්ලොබින් වර්ධනය කරයි.

මුරුංගා ඇටවල ටෝකොෆෙරෝල් වර්ග 3 ක්එනම් විටමින් ප්‍රමාණය අධිකව සංයෝග වී ඇති බැවින් විටමින් වලින් ලැබෙන ගුණ ඉහළින් ම ලැබෙනු ඇත.

මුරුංගා ඇට මඟින් අක්මාවේ ෆයිබ්රෝසිස් තත්වය වළක්වයි.

මුරුංගාවල ඇති ඩයියුරසිස් ගුණය නිසා වකුගඩු ආරක්ෂා වේ.

මුරුංගා පොතුවල ඇස් සුව කිරීමේ සහ ස්නායු දුර්වලතා වැළැක්වීමේ ගුණ ඇත.

මුරුංගා කරල්

ග්‍රෑම් 100ක පෝෂණය

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 3.7

ප්‍රෝටීන් ග්‍රෑම් 2.5

විටමින් මයික්‍රොග්‍රෑම් 1100

විටමින් B1, මිලිග්‍රෑම් 0.05, B2 මිලිග්‍රෑම් 0.06, B3 - 0.2

විටමින් මිලිග්‍රෑම් 120

කැල්සියම් මිලිග්‍රෑම් 30

මැග්නීසියම් මිලිග්‍රෑම් 24

පොටෑසියම් මිලිග්‍රෑම් 259

යකඩ මිලිග්‍රෑම් 5.3

මුරුංගා අමු පත්‍ර

ග්‍රෑම් 100ක පෝෂණය

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 13

ප්‍රෝටීන් ග්‍රෑම් 6.7

විටමින් මයික්‍රොග්‍රෑම් 6800

විටමින් මිලිග්‍රෑම් 220

විටමින් B 1 මිලිග්‍රෑම් 0.06, විටමින් B2 මිලි

ග්‍රෑම් 0.05, විටමින් B3 මිලිග්‍රෑම් 0.8

කැල්සිම් මිලිග්‍රෑම් 440

මැග්නීසියම් මිලිග්‍රෑම් 24

පොටෑසියම් මිලිග්‍රෑම් 259

යකඩ මිලිග්‍රෑම් 7

විටමින් මිලිග්‍රෑම් 448

මුරුංගා වියළි පත්‍ර පවුඩර්

ග්‍රෑම් 100ක පෝෂණය

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 38

විටමින් මිලිග්‍රෑම් 17.3

ප්‍රෝටීන් ග්‍රෑම් 27

කැල්සියම් මිලිග්‍රෑම් 2003

විටමින් මයි‍ක්‍රොග්‍රෑම් 16,000

මැග්නීසියම් මිලිග්‍රෑම් 368

විටමින් B1 මිලිග්‍රෑම් 2.6, B2 මිලිග්‍රෑම් 20, B3 මිලිග්‍රෑම් 8.2

පොටෑසියම් මිලිග්‍රෑම් 1324

යකඩ මිලිග්‍රෑම් 28

විටමින් මිලිග්‍රෑම් 113

මුරුංගාවල අඩංගු විටමින් ප්‍රමාණය දොඩම්වල මෙන් 4 - 5 ගුණයකි. මුරුංගා කොළවල අඩංගු කැල්සියම් ප්‍රමාණය කිරිවල මෙන් 4 ගුණකි. මුරුංගාවල අඩංගු පොටෑසියම් ප්‍රමාණය කෙසෙල්වල මෙන් 3 ගුණයකි. යකඩ ප්‍රමාණය නිවිතිවල මෙන් 2 - 3 ගුණයකට වඩා ඉහළය.

මේ අනුව මුරුංග‍ා පෝෂණ ගුණ රාශියකින් සමන්විත ඖෂධීය වටිනාකමකින් යුතු එළවළුවක් ලෙස නම් කළ හැකිය. මුරුංගා කරල් මෙන්ම පත්‍ර ද ආහාරයට ගැනීමෙන් මෙකී ගුණ නොඅඩුව ලබාගත හැකිය. සාමාන්‍යයෙන් ඉස්සන් කකුළුවන් පිස ගැනීමේදී මුරුංගා කොළ ඊට එක් කිරීම ගෘහණියන්ගේ සිරිතකි.

ඊට හේතුවආහාරවල විෂ ඉවත් කිරීමේ හැකියාව මුරුංගා කොළ සතු වීමයි. මුරුංගා කොළකරල් පමණක් නොව ගසේ පොතු ද ඖෂධීය ගුණයෙන් ඉහළය.

 

දැල්ලොඉස්සෝ ආදී උෂ්ණ අධික සැර ව්‍යාංජන පිළියෙළ කිරීමේදී මුරුංගා කොළ දමනු ලබයි. එමගින් එම ව්‍යාංජනයේ ඇති විෂ හරණය වේ. උත්සව අවස්ථාවලදී දමන අච්චාරුව ඉක්මනින් පැසවීම සඳහා ඊට මුරුංගා පොතු එක්කරනු දැකිය හැක. පෙර විසූ ආදි ජනයා මුරුංගා පොතු වියලා කොටා කුඩුකර තබා ගනිමින් කුළුබඩුවක් ලෙස දිනපතා ව්‍යාංජනවලට දැමීම සිදු කළහ. එසේ කිරීම තුළින් ඔවුන් රෝග ගණනාවක් සෑදීම වළක්වා ගත්හ. ඒ අතර පනු රෝගමුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝගශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝගකැස්සඇදුම ආදී රෝග ප්‍රධාන වේ. මුරුංගා නිතර ආහාරයට ගැනීම තුළින් ශරීරය දුර්වලවීම නැතිවී ශරීරයට නව පනක් ශක්තියක් ගෙන දීම ද විශේෂය. මුරුංගා ආහාරයට ගැනීම තුළින් ආහාර ජීර්ණය හොඳින් සිදුවී මළ බද්දය ඇතිවීම පාලනය කරයි.

සිරුරේ පරතිශක්තිය වැඩි දියුණු කිරීමටත්පුරුෂයින්ගේ කාම ශක්තිය වර්ධනයට හා පුරුෂයින්ගේ ලිංගික කරියාකාරිත්වයේ ඇතිවන්නා වූ බාධක මැඩ පවත්වන ඔසුවක් ලෙසත් මෙය යොදා ගැනෙනවා. අස්ථි ශක්තිමත් කිරීමටලේ පිරිසිදු කිරීමට මෙන්ම රුධිරයේ සීනි මට්ටම පහත හෙලීමටත් මුරුංගා උපකාරී වෙනවා.

මෙහි අඩංගු සැපොනින් නැමැති රසායනිකය ලිංගික උද්දීපනය ඇති කරවන ටෙස්ටෙස්ටරෝන් මට්ටම ඉහළ නංවනවා. එය ලිංගික කාර්ය වර්ධනයට බලපාන බව නූතන පර්යේෂණ අනුව සොයාගෙන තිබෙනවා

ව්යායාමයෙන් පසු ශරීරය පරකෘති ස්වභාවයට පත්වීමට මුරුංගා කොළ තේ පානයක්පෙත්තක්කුඩු වශයෙන් හෝ තෙල් වශයෙන් භාවිතයට ගැනිම හිතකර යි. ඔබගේ සෞඛ්ය යහපත් කර ගැනීමටත් ලිංගික දිවිය උද්දීපනයටත් මුරුංගා තේ පානය කිරීමෙන් අවස්ථාව ලැබෙනවා.

 

තවද රුධිරයේ කොලෙස්ටරෝල් හා සීනි පාලනයටද මුරුංගා හිතකරය.

මුරුංගාවල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතා ඉහළ යි.

මුරුංගාවල අඩංගු විටමින් ප්‍රමාණය දොඩම්වල මෙන් 7 ගුණයක් බව හෙළිව තිබෙනවා. මුරුංගා කොළවල අඩංගු කැල්සියම් ප්‍රමාණය කිරිවල මෙන් 4 ගුණයක්. මුරුංගාවල අඩංගු පොටෑසියම් ප්‍රමාණය කෙසෙල්වල මෙන් 5 ගුණයක් පමණ වෙනවා. යකඩ ප්‍රමාණය නිවිතිවල මෙන් 2 – 3 ගුණයකට වඩා ඉහළ යි.

කොළවල පිළිකා නාශක ගුණ ඉතා ඉහළ යි. විශේෂයෙන් මොළයේ පිළිකා මර්දනයට හැකියාව පවතින බවට විශ්වාස කෙරෙනවා. කොලෙස්ටරෝල් පාලනය කර හෘදය වස්තුව ආරක්ෂා කරනවා. අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කිරීමෙන් දියවැඩියාව පාලනය කිරීමටද හැකියාවක් පවතින බවට ද අනුමාන කෙරෙනවා. රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට මුරුංගාවලින් ලැබෙන්නේ අනගි සහායක්.

මුරුංගාවලට මව්කිරි ස්‍රාවය ඉහළ දැමීමට කිරීමට හැකි බව කියනවා.


දෙබරබඹරගෝනුසු ආදී සතුන් දෂ්ට කිරීම තුළින් ඇතිවන විෂ හරණයට ද මුරුංගා ආහාරයට ගැනීම වටී. තවද බල්ලන්පූසන්ලේනුන්මීයන්මුගටින් සපා කෑ විට මුරුංගා කොළ විට කන හුණු සමග කොටා එම තුවාල මුඛයට තැබීම අදටත් නිවෙස්වල සිටින පැරැන්නන් අත් බෙහෙතක් ලෙස සිදු කරනු දැකිය හැක

බොහොමයක් එළවළු වර්ග අතුරින් මුරුංගා වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙහි ඇති ඖෂධීය ගුණය අසාමාන්‍ය ගුණ සමුදායකයකින් සමන්විත වේ..

මුරුංගාවල අඩංගු කැල්සියම් ප්‍රමාණය ඉතා ඉහළ බැවින් අස්ථි වර්ධනය කිරීමේ හැකියාව පවතිනවා. යකඩ ප්‍රමාණය ඉතා ඉහළ බැවින් රුධිරයේ හිමොග්ලොබින් වර්ධනය කිරීම කරන්නට පුළුවන් වුණත්මේ යකඩ මස් මාලුවල යකඩ වගේ පහසුවෙන් අවශෝෂණය වෙන්නේ නම් නැහැ. ශාකමය යකඩ ඒ වගෙයි.

මුරුංගා ඇටවල විටමින් ප්‍රමාණය අධිකව සංයෝග වී ඇති බැවින් විටමින් Eවලින් ලැබෙන ගුණ ඉහළින්ම ලැබෙනවා. මුරුංගා ඇට මඟින් අක්මාවේ ෆයිබ්රෝසිස් තත්ත්වය ඇතිවීම වැළැක්වීමට උපකාර කරන බව කියැවෙනවා. මුරුංගා වකුගඩු ආරක්ෂා කිරීමට සමත්. ග්‍රෑම් 100ක පෝෂණය ගතහොත් කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 3.7ක් දප්‍රෝටීන් ග්‍රෑම් 2.5 ක් ද අඩංගු යි. විටමින් A, විටමින් B1, විටමින් C, කැල්සියම් ද ඇතුළත්

ඇතැම් ආහාරවල විෂ ඉවත් කිරීමේ හැකියාව මුරුංගා කොළ සතවීම නිසා බව කියැවෙනවා. මුරුංගා කොළ විෂබීජ නාශකයක් නිසා අජීර්ණය වැනි උදරාබාධ සෑදීම පවා වළකිනවා.


===================================================================

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

එමෙන්ම යාළුවන්ටත් දැන් ගැනිම සදහා මෙය මිතුරන්ට ෂෙයා කරන්න. 

 

 

කටුපිල -  Flueggea leucopyrus     ශ් ‍ රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් ‍ රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙ...