Tuesday 11 October 2022

කරල් හැබ

කරල් හැබ




Achyranthes asperal යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන බහු වාර්ෂික ශාකයක් වන මේ කරල් හැබ ශාකය ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දකින්නට පුළුවන්. ඉහළ කඳුකරයේ හැර ලංකාවේ සෑම පලාතකම මංමාවත් දෙපස, වගාබිම්වල වනාන්තර මායිම්වල, ගෙවත්තේ, ජල පහර ගලායන දෙපස ආදී ස්ථානවල මේ පැලෑටිය දකින්නට පුළුවන්. ස්වාභාවික තෘණ පැලෑටි අතරේ සුලබව පැලවෙන මේ පැලෑටිය බොහෝ අය වල් පැලෑටියක් ලෙසයි හඳුනා ගන්නේ. කරල් සැබ යන නමින් මෙන්ම සංස්කෘතයේදී අපාමාර්ග, චර මංජරී, මධුරක යන නමිනුත් මේ කරල් හැබ ශාකය හඳුන්වනු ලබනවා.මේ ශාකයේ අතුවල බූව සහිත ස්වභාවයක් ගන්නා අතර එහි පත්‍ර  ඇත්තේ ස්වල්පයක් පමණයි.පත්‍රවල බූව සහිතයි.මේ පත්‍රවලට උඩ සහ යටි පැත්තේ බූව පවතිනවා.

 කරල් හැබ ප්‍රභේද දෙකකින් දකින්නට පුළුවන්. සුදු මල් පිපෙන විශේෂය ගස් කරල් හැබ වශයෙන් ද, රතු මල් පිපෙන විශේෂය රතු කරල් හැබ වශයෙන් ද වර්ග කර තියෙනවා. රතු කරල් හැබ බිං කරල් හැබ නමින් ද හඳුන්වනු ලබනවා.කරල් හැබ ශාකයේ මල් පිපෙන්නේ ඔක්තෝම්බර් දෙසැම්බර් කාල සීමාව තුළයි.මේ ප්‍රභේද දෙකම අඩි 3 ක් පමණ උසින් යුත් කුඩා පැලෑටියක්. මේ පැලෑටියේ කරල් කොක්කක හැඩය ගනු ලබනවා. දේශීය වෙදකම තුළ කරල් හැබ මුල් වගේම බීජත් විවිධ ඖෂධ සකස් කරගැනීමේදීත් කසායවලටත් නිතරම භාවිතා වෙනවා. ඒ හැරුණාම රත් කරල් හැබ ශාකයෙන් සකස් කරගන්නා කැඳ මල බද්ධයට වගේම අර්ශස් රෝගීන්ට ඉතා ගුණදායකයි.


කරල් හැබ ශාකයෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ
 

·         මෘදු විරේක සඳහා සුදුසුයි.

·         ආමාශගත රෝගාබාධ සුව කරයි.

·         පණු රෝග නසයි.

·         මුත්‍රා  පිට නොවීමට ගුණදායකයි.

·         ඉදිමුම් සුව කරයි.

·         තුවාල සුව කරයි.

·         අර්ශස් සඳහා ගුණදෙයි.

·         සර්ප විෂ නසයි.

·         හෘද රෝගවලට ගුණදෙයි.

·         උදරාබාධ සඳහා ගුණදායකයි.

·         බඩ පුරවා දැමීමට ගුණදෙයි.

·         වමන තත්ත්වයන් සමනය කරයි.

   රක්ත අර්ශස් සඳහා

   සන්ධි ඉදිමුමට

   හිසේ වේදනා සඳහා

  ඇඟපත කැසීමට

 

ඇඟපත කැසීමට කරල් හැබ පැලෑටියෙන් කළ හැකි අත් බෙහෙත්

·         බාහිරින් ඇතිවන තුවාල සඳහා කරල් හැබ තලා ආලේප කිරීමෙන් තුවාල ඉතා ඉක්මනින් සුව කරයි. මේ සඳහා ගස් කරල් හැබ කොළ, අමු කහ ඇල් දියෙන් සිහින්ව අඹරා  තුවාලයට තබා බදිනු ලබනවා. නමුත් අද මේ භාවිතයන් අප අතරින් බැහැරව ගොස් තිබුණත් එදා තුවාලයක් වූ සැණින් මේ අත් බෙහෙත් සුවය සඳහා භාවිතා කළා. 

·         ගස් කරල් හැබ මුල් තම්බා මී පැණි දමා පානය කිරීම පණු රෝග සඳහා ගුණදායකයි.

·         ගස් කරල් හැබ සහ කටුපිල කොටා වන්ඩුවේ තම්බා මිරිකාගත් යුෂට මී පැණි දමා පානය කිරීම බඩවැලේ සැදෙන තුවාල සඳහා ගුණදායකයි.

·         අර්ශස් රෝගය සඳහා ගස් කරල් හැබ මුල්, සූදුරු, කොහිල අල, රතු ළූණු කලං 3 බැගින් ගෙන වතුර පත අට එකට සිද පෙරා පත භාගය බැගින් එළගිතෙල් දමා උදේ සවස පානය කිරීමෙන් සහනය සලසා ගත  හැකියි.

·         ගර්භනී මවකට ගස් කරල් හැබ මුල් කලං 12 ගෙන වතුර පත 7 ක් හා එළකිරි පත 1 දමා පත අට එකට සිද පෙරා මී පැණි සමඟ උදේ සවස පානයෙන් දරු ගැබ ශක්තිමත් වෙයි.

·         කරල් හැබ කොළ භාවිතයෙන් කරවලයා දෂ්ට කිරීමේ දී වන විෂ ඉවත් කිරීමටත් භාවිතා කරනු ලබනවා.

·         ලේ අතීසාරයට ගස් කරල් හැබ සම්පූර්ණ පැලෑටියක් සහ උදුපියලිය ද ඊට සමාන ප්‍රමාණයක් ගෙන යොදා කොටා උණුවතුර දමා මිරිකා ගත් යුෂ නිවුණු පසු මී පැණි දමා වරු 3 ක් පානය කිරීම සුදුසුයි.

·         ගස් කරල් හැබ සම්පූර්ණ පැලෑටිය සෝදා වේලා කුඩුකර ගත් කුඩු ග්‍රෑම් 250 ට ගම්මිරිස් කුඩු ග්‍රෑම්  25 ක් මිශ්‍රකර දත් මැදීම සියලු දත්  රෝග නසාලයි.

·         සර්ප විෂට ගස් කරල් හැබ තම්බා ගත් වතුරට එලගිතෙල් දමා පානය කිරීම සහ ගස් කරල් හැබ ඇට හා දළු, අමු කහ සමඟ දෙහි ඇඹුලෙන් අඹරා දෂ්ට මුඛයේ තැබීමෙන් විස බසීයි.

·         අර්ශස් සඳහා රත් කරල් හැබ කොහිල අල, උදුපියලිය රතු ළූනු කොටා මිරිකා යුෂ උදේට පානය කිරීම ගුණදායකයි. ඒ වගේම ගස් කරල් හැබ මුල් ඇට හාල් පානු දියෙන් අඹරා ඒ වතුරට දියකර පෙරා මී පැණි දමා උදේ හිස්බඩ පානය කිරීමත් අර්ශස් සඳහා ගුණදායකයි.

 

කරල්හැබ හෙවත් කරල් සැබෝ බොහෝ දෙනා වල් පැළෑටියක් විදිහට හඳුනා ගත්තත් මෙය වමනය, පීනස, චර්ම රෝග, සර්පවිෂ හා අර්ශස් ආදී බොහෝ ලෙඩ රෝග ප්රමාණයකට ගුණදෙන හොඳ ඔසු පැළෑටියක්..

ගැස්ට්රයිටිස් වලට.
ගැස්ට්රයිටිස් වලට බොහෝ අත්බෙහෙත් තිබුනත් දේශීය වෙදකමේ එන මෙම අත්බෙහෙත සාදා පානය කර බලන්න. ඔබට ඉක්මණින් ගැස්ට්රයිටිස් රෝගය නිට්ටාවට සුවකරගත හැකි වේවි.
🔴 අවශ්ය ද්රව්ය :-
🔶. කරල්හැබ / කරල් සැබෝ කොළ අහුරක්
🔶. සිහින්ව ගාගත් පොල් ටිකක්
🔶. කැකුළු හාල් මිටක් හෝ හබල පෙති
🔶. රතුළූණු, සුදුළූණු
🔶. අවශ්ය පමණට ලුණු
🔴 සාදන අන්දම :-
කරල්හැබ කොළ හොඳට කොටා එහි යුෂ වෙන්කරගන්න. (මේ සඳහා ගල් වංගෙඩියක් හෝ මිරිස් ගලක් භාවිතා කල හැකි නම් වඩා සුදුසුයි.) ඉන්පසු කැකුළු හාල් ස්වල්පයක් ලිප තබා එය ඉදීගෙන එන විට එයට කරල්හැබ යුෂ, පොල්කිරි, ලියාගත් රතුළූණු, සුදුළූණු හා අවශ්ය පමණට ලුණු එකතුකර හොඳින් පැහීගෙන එනවිට ලිපෙන් බාගන්න.
මෙය උදය වරුවේ පානය කල හැකිනම් වඩාත් ගුණදායකයි.

කරල් හැබ කොළවල යුෂ සහිත බදුනකට ගිනියම් වන සේ රත් කරන ලද යකඩයක් දමා කකාරවා,මි පැණි දමා සාදා ගන්න ඖෂධ අතිසාර රෝගයට අත්දුටු බෙහෙතකි

·        .මුත්රාකාරකයි

·        ,මාස් සුද්ධිය පහසු කරයි .

 

සර්ප ව්ෂට

සර්ප ව්ෂට ගම්ම්රිස් සමඟ තම්බා බිම ද,කරල් හැබ මුල් ගිතෙලින් අඔරා හාල් පානු වතුරෙන් පෙවිමද ගුණදායකයි..

 

උද්භිද විද්‍යාත්මක නාමය - Achyranthes asperal

කුලය - Amarantaceae

ඉංග්‍රීසි නාමය - Pricklychaffplant

සංස්කෘත නාමය - අපා මාර්ග


No comments:

Post a Comment

කටුපිල -  Flueggea leucopyrus     ශ් ‍ රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් ‍ රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙ...