Sunday 24 September 2023

මදුරුතලා ශාකය

 මදුරුතලා ශාකය



ඖෂධීය ගුණයෙන් අනූන මදුරුතලා ශාකය දේශීය ආයුර්වේද ක්‍රමය තුළ අත්‍යවශ්‍ය ශාකයක් වේ.

වසර දහස් ගණනක් තිස්සේ මිනිසා ජීවත් වූයේ ස්වාභාවික පරිසරය සමඟය. එහිදී ඔවුන්ගේ ආහාර මෙන්ම ලෙඩට දුකට අවශ්‍ය ඖෂධ සපයා ගත්තේ අවට පරිසරයෙනි. එම භාවිතය තුළ රෝග සුව කිරීමට සුදුසු, ගැලපෙන ශාක ඔව්හු හඳුනා ගත්හ. ඒ අතර අද ද භාවිත කරනු ලබන වැදගත් වටිනා ඖෂධීය ශාකයක් ලෙස මදුරුතලා හැඳින්විය හැකිය.

ඉන්දියාවේ මදුරුතලා සංස්කෘත භාෂාවෙන් හඳුන්වන්නේ "තුල්සි" නමිනි. එහි තේරුම "අසම සම ශාකය" යන්නයි.

මෙය ඉංග්‍රීසි බසින් Holy Basil ලෙස හඳුන්වයි. මෙහි විද්‍යාත්මකව "ඔසිමම් සැන්ක්ටම් "(Ocimum sanctum)

"සුර අසුර යුද්ධයේ දී කිරි මුහුද කැලඹු අවස්ථාවේ දී ධන්වන්තරී දිව්‍ය රාජයාට අමෘතය හමු විය. එම අමෘතය දෙවිවරුන්ට සමව බෙදන අවස්ථාවේ දී බිංදුවක් බිමට වැටී ඇත. එම අමෘත බින්දුවෙන් තුල්සි ශාකය උපත ලබා ඇති බව

විශ්වාස කරනු ලබයි."

ශ්‍රී ලංකාවේ තුල්සි ශාකය පොදුවේ තලා යනුවෙන් හඳුන්වන අතර සුළු වෙනස්කම් ඇති වර්ග කිහිපයක් දක්නට ඇත.

ගස්තලා, ඕං තලා, හීංතලා, සුවඳ තලා වශයෙන් වර්ග රාශියකි. හීංතලාවල දම්පාට කොළ සහ මල් සහිත ප්‍රභේදයක් ද ඇති අතර එය "ක්‍රිෂ්ණ තුල්සි"ලෙස හඳුන්වයි. මහා භාරතයේ දම්පාට ශාකය "ක්‍රිෂ්ණ තුල්සි " ලෙසත් කොළ පාට ශාකය

"රාම තුල්සි" ලෙසත් හඳුන්වයි. සියලු මදුරුතලාවල වාෂ්පශීලි සුගන්ධවත් තෙල් අඩංගු වන බැවින් එයට ආවේණික

සුවඳවත් බවක් ඇත. මදුරුතලාවල වාතය පිරිසුදු කිරීමේ සුවිශේෂි ගුණයක් ඇති හෙයින් නිවාස අවට වගා කිරීම සෞඛ්‍යයට හිතකරය. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල මදුරුවන් පලවා හරිම සඳහා දුම් ගැසීමට මදුරුතලා භාවිත කරනු ලබයි.

චරක ඍෂිවරයා විසින් රචිත චරක සංහිතාවේ සඳහන් වන පරිදි සෙම් රෝග නැසීමට ප්‍රධාන ඖෂධයක් ලෙස තුල්සි සඳහන් කර ඇත. යමෙක් සන්ධි වේදනාවෙන් පෙළෙන්නේ නම් මදුරුතලා කොළ ඇල්වතුරෙන් අඹරා පත්තුවක් ලෙස වේදනාව ඇති සන්ධිය වටා ආලේප කිරීමෙන් සුවය ගෙන දේ.

සැරවගෙඩි හා විසප්පුවලට එළඟි තෙලෙන් අඹරා ආලේප කිරීමෙන් පුපුරා සැරව පිට කරයි.

කෑම අරුචිය, උදරයේ දැවිල්ල සහ උදර වේදනාවට ප්‍රතිකාරයකි.

තුල්සි කොළ වියළා තේ කොළ මෙන් සකස් කර තේ මෙන් පානය කිරීම ශරීර සෞඛ්‍යයට හිතකරය. තුල්සිවල රසායනික ද්‍රව්‍ය අඩංගු නිසා මුඛ, චර්ම, පෙනහළු, සම හා අක්මාව ආශ්‍රිත පිළිකා ඇතිවීම වළක්වයි. තුල්සි ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරන අතර පිළිකා සෛල ඇති වීමේ අවදානම අඩු කරයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය තුල්සි වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයන ය කරනු ලබයි.

මේවා හින්දු ආගමික කටයුතු සඳහා මෙන්ම ආයුර්වේද යුනානි (අරාබි වෙදකම) යටතේ ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගනී. ප්‍රංශය ඇතුළු යුරෝපයේ බොහෝ රටවල ඉතා වටිනා රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අතර ඒවා ඉතා ඉහළ මිලකට අලෙවි කෙරේ. තුල්සිවලින් සම රැලිවැටීම සහ වියපත් පෙනුම දුරු කරන බව පර්යේෂණ කිහිපයකින්ම සනාථ කර ඇත. සමෙහි නීරෝගී බව ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාවේ "හෝලි බැසිල්" නමින් තල වර්ගයක් නිෂ්පාදනය කර ඇති අතර එය ඉන්දියාවේ අනාදිමත් කාලයක සිට භාවිත කරයි. ඇතැම් රටවල ජලයේ අධික ෆ්ලෝරයිඩ් ඉවත් කිරීම සඳහා තුල්සි පත්‍ර ජලයට දැමීම සිදු කරයි. මින් ජලයේ වැඩි ෆ්ලෝරයිඩ් ඉවත් වන බව පැවසේ.

තුල්සි ආයුර්වේද ඖෂධයක් ලෙස වසර දහස් ගණනක් පුරා භාවිත කරනු ලබන විස්මිත ඖෂධයකි. ඒ අනුව තුල්සි ශාකය නීරෝගි අක්මාවක් පවත්වාගෙන යෑමටත්, දරා ගැනීමේ ශක්තිය වැඩි කරන, පිළිකාවලට එරෙහිව ක්‍රියා කරන බවත් සඳහන් කළ හැකිය. එමෙන්ම තුල්සි බැක්ටීරියා මර්දනය කරන වියපත්වීමේ වේගය අඩු කරන ශාකයකි. එමඟින් රුධිර පීඩනය පාලනය කර අධික තරබාරුව නැති කරයි. රුධිරයේ සීනි මට්ටම ද පාලනය කරයි. තායිලන්ත වැසියන් තමන් විසින් පිසින ආහාරවලට ශ්‍රී ලාංකිකයන් කරපිංචා එකතු කරනවා මෙන් තුල්සි කොළ කිහිපයක් දමා ආහාර රසවත් කර ගනී. බටහිර සුපවේදයේ ආහාර රස සහ සුවඳ ගැන්වීමට යොදා ගන්නා බැසිල් කොළ ද සුවඳ තලා විශේෂයකි. මේ අනුව තුල්සි විටෙක ඖෂධයකි. තවත් වරෙක වාතය පිරිසුදු කරන ශාකයකි. එමෙන්ම ගෙවත්ත අලංකාර කරන විසිතුරු පැළෑටියකි

 

බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් ඉන්දියාව යටත් විජිතයක් කොටගෙන එහි පැමිණි විට ඔවුන් මුහුණ දුන් විශාල කරදරයක් වූයේ මදුරුවන්ගෙන් පැමිණි උවදුර ය. ඒ නිසා බ්‍රිතාන්‍යයෝ එම උවදුර මැඩලීම සඳහා, ඉන්දියානු සාම්ප්‍රදායික දැනුම භාවිත කොට ඉන්දියාවේම බහුල වශයෙන් වැවෙන ශාඛයක් ඔවුන්ගේ වාසස්ථාන සහ බංගලා වටා රෝපණය කලහ. ඔවුන් ඒ ශාකය ඉංග්‍රීසි බසින් “Holy Basil”ලෙස හැඳින්වූහ. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය (Ocimum sanctum)ඔසිමම් සැන්ක්ටම් වන අතර ඉන්දියානුවෝ එය තුල්සි ලෙස හැඳින්වූහ. 

ශ්‍රී ලංකාව තුළ මෙම ශාකය පැරැන්නන් තලා යන පොදු නමින් හඳුන්වා ඇති අතර රට තුළ ද ඒ ඒ කලාපවලට ආවේණික ලක්ෂණ සහිතව සුවඳතලා, ගස්තලා, හීන්තලා, ඕංතලා ආදී වර්ග කීපයක් දක්නට ඇත.

මෙහි ඇති මදුරු මර්දන ගුණය සහ සෙසු ගුණාත්මක ඖෂධ ගුණය පිළිබඳ ව දැන සිටි අපේ අතීත හෙළදිව මුතුන්මිත්තෝ මදුරුතලා”, “හීන් මදුරුතලායන පොදු නාමයන්ගෙන් ඒ ශාකය හැඳින්වූහ. වර්තමානයේ දී ලංකාවේ නම් පහසුවෙන් දක්නට නොලැබෙන මෙම දිව්‍යමය ශාකය මින් පෙර යුගවල දී බහුල වශයෙන් ලඳු කැලෑ සහ ගෙවතු ආදියෙහි සුලබ ව දක්නට ලැබිණි.

තුල්සි හෙවත් මදුරුතලා යනු?

ඉන්දියාවේ බ්‍රාහ්මණ සමාජීයය හින්දු සංස්කෘතිය තුළ තුල්සි හෙවත් මදුරුතලා පිළිබඳ ව විවිධ ආගමික මතිමතාන්තර මෙන් ම එහි ඇති ඖෂධීය ගුණය සහ ආයුර්වේදික වටිනාකම පිළිබඳ ව විශිෂ්ට ඇගයීමක් අදටත් පවතී. සන්ධ්‍යා ගුග්නානි නම් සුප්‍රසිද්ධ ඉන්දියානු පෝෂණවේදිනියක සඳහන් කරන පරිදි, තුල්සිවල ඇති ගුණාත්මක වටිනාකම තුළ බැක්ටීරියා සහ දිලීර නාශකයක් ලෙස වේගයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවක් අන්තර්ගත ය. එය මිනිස් සිරුරේ ලේ ධාතුව පිරිසුදු කිරීමට ද විශාල හැකියාවක් ඇති බැව් පවසන්නී ය.

හිස්කෙස් සහ සම නිරෝගීමත් ව, දීප්තිමත් ව තබා ගැනීමට එය උපකාරයක් වන අතර, ප්‍රතිශක්තිය වඩාත් ඉහළ නංවමින් සිරුර ජරාවට පත්ව වයසට යාමේ ප්‍රවණතාව ද අඩුකරයි. සන්ධ්‍යා ගුග්නානි පවසන පරිදි මෙහි ඇති විශේෂ ගුණය නම් තුල්සි හෙවත් මදුරුතලා ශාක සාරය මිනිස් සිරුරේ ඉන්සියුලින් සංවේදීතාව වැඩි කර ශරීරගත සීනි ප්‍රමාණය අඩුකරමින් දියවැඩියා රෝගයට පිළියමක් ලෙස ක්‍රියා කරයි.

හින්දු සම්ප්‍රදායයට අනුව මියගිය කෙනකුගේ මළ සිරුරේ මුඛයට තුල්සි හෙවත් මදුරුතලා පත්‍ර කීපයක් දැමීම සාම්ප්‍රදායික සිරිතකි. එය හුදු ආගමික සංස්කෘතික චාරිත්‍රයක් පමණක් නොව එහි ඇති විද්‍යාමක පසුබිම නම්, මදුරුතලා හෙවත් තුල්සිවල ඇති ප්‍රති බැක්ටීරියාකාරක ගුණය නිසා මෘත දේහයයක් පිට කරන විෂබීජ මර්දනය වේගවත් බව සොයා ගෙන තිබීම ය.

ශාකයේ ස්වභාවය

හොඳින් සරුවට වැඩී පරිපූර්ණ වූ මදුරුතලා හෙවත් තුල්සි ශාකයක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 75 සිට 90 දක්වා උසින් යුක්ත වේ. මෙහි කොළ දිගින් සෙන්ටිමීටර පහක් පමණ වන අතර පත්‍රය වටා දාරය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් දැති සහිත වේ. රතුපාට පත්‍ර සහිත ප්‍රභේදය ක්‍රිෂ්ණා තුල්සිලෙසින් ද, පත්‍ර කොළ පැහැති වර්ණයක් ගන්නා රාම තුල්සිතවත් ප්‍රභේදයක් ද වශයෙන් වර්ග දෙකකින් දක්නට ලැබේ.

ශාකයේ හටගන්නා මල්, ළා රත් පැහැයට හුරු දම් පාටකින් යුක්ත වන අතර, දිගටි සිලින්ඩාකාර කෙමිය මත රතු හෝ කහ පැහැ බීජ හට ගනි යි. ශාකයේ පත්‍ර වාෂ්පශීලී තෙල් සංයුතියකින් යුක්ත වන අතර එම වාෂ්පශීලී ස්වභාවය නිසා කිසියම් ආකර්ණීෂය ගන්ධයක් පවතින අතර එය මදුරුවන්ට සහ වෙනත් කෘමීන්ට එරෙහි බලයක් පතුරුවයි. මෙම ශාකය හින්දු ආගමික පසුබිම තුළ පූජනීය වස්තුවක් වන අතර, සාමාන්‍ය ජනතාව අතර ආයුර්වේදයට අයත් ගෘහස්ථ ඖෂධ පැළෑටියක් සේ සැලකෙ යි.

ආගමික විශ්වාසය

හින්දු ඇදහීම තුළ එන ප්‍රධාන දෙවියකු වන විෂ්ණු දෙවියන්ගේ භාර්යාව වූ ලක්ෂ්මී දේවිය ,”තුල්සිනමින් ද හඳුන්වයි. හින්දු ආගමික පුරාවෘත්ත සහ විශ්වාසයන්ට අනුව සුර අසුර මහා සංග්‍රාමය පැවැති සමයේ ධන්වන්තරීදෙවියා කිරි මුහුද කැලැඹූ බවත්, එහි දී ඔහුට අමෘතය පහළ වූ බවත්, ඒ හමු වූ අමෘතය සෙසු දෙවියන් අතර බෙදාදීමේදී එක් බිංදුවක් පොළොවට වැටුණු අතර, තුල්සි හෙවත් මදුරුතලා ශාකය පොළොවෙහි හටගත්තේ ඒ අමෘත බිංදුවෙන් බවත් කියැ වේ. ඒ නිසා ම හින්දු ආගම දැඩි ව අදහන, උර්දු බස කථාකරන ඉන්දීය සමාජය ද, විශේෂයෙන් කේරළයේ මලයාලම් ජාතිකයෝ ද ඉතාමත් පූජනීය වන්දනීය ආකාරයෙන් තුල්සි ශාකයට ගරු බුහුමන් දක්වති.

ඔවුන්ගේ විශ්වාසය අනුව ගෙවත්තෙහි පැළ කරන මෙම පූජනීය ශාකවලට දිනකට දෙවරක් පැන් ඉසීම පවා විෂ්ණු දෙවියන්ට කෙරෙන උපහාරයක් සේ සලකති. විශ්ණු දෙවියන්ගේ රැකවරණය ද, ස්වකීය වාසස්ථාන කෙරෙහි ඇති අමනුෂ්‍ය දෝෂ වලක්වා ගැනීම ද එමඟින් සිදුවෙතැයි ඔවුහු විශ්වාස කරති. ඊට අමතර ව,විෂ්ණු ගේ එක් අවතාරයක් වන ක්‍රිෂ්ණා දෙවියන්ගේ ගෙල බැඳි මල්මාලයට අමුනා ඇත්තේ තුල්සි ශාකයේ පත්‍රයැයි ඔවුහු අදහති. එම නිසා ගෙවත්තේ හතරෙ කොනේ ම මෙම ශාක සිටුවා ඇති අතර, කාන්තාවන් මෙම ශාකයට ඇප උපස්ථාන කිරීමෙන් ලක්ෂ්මී දේවියගෙන් නිදුක් නිරෝගීකම ද,සෞභාග්‍යය ද ලබා ගත හැකි බවට විශ්වාස කෙරේ

තුල්සි හෙවත් මදුරුතලා ශාකයේ වැදගත්කම

ඉන්දියාවේ සායනික මෙහෙයුම් සම්බන්ධීකරණ කළමනාකරුවකු වන වෛද්‍ය ආචාර්ය අශුතෝෂ් ගෞතම් පවසා සිටින්නේ තුල්සිවල අඩංගු වාෂ්පශීලී සුගන්ධ තෙල් මිනිසාගේ ස්වසන පද්ධතිය මත වඩාත් සාධනීය ලෙස ක්‍රියාත්මක වන බව ය. එහි ඇති ප්‍රතිඔක්සිකාර ගුණය මගින් අධිරුධිර පීඩනය, දියවැඩියාව සහ එහි සංකූලතා නිසා ඇතිවන ආතතිය සමනය කරන්නට සමත් වන බව ඔහුගේ අදහස යි. තුල්සිවල ස්වාභාවිකව ම අඩංගු ලිනොලෙයික් අම්ලයට මිනිස් සම පෝෂණය කිරීමට ඇති හැකියාව ද හඳුනා ගෙන ඇත.  ගෘහස්ථ ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් සාමාන්‍ය උණ තත්වයේ සිට මාරාන්තික විය හැකි බැක්ටීරියා වෛරස් ආසාදන ගනනාවකට යම් ආකාරයකට මර්දනය කොට  සමනය කිරීමේ හැකියාව තුල්සි සතු වේ.

උණ,හිසරදය, උගුරේ ආසාදනය සහ උගුරේ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, ස්වසන ආබාධ, කැස්ස, ඇදුම, ආදී රෝග සහ රෝග තත්ත්ව සඳහා ප්‍රතිශක්තිය ඇතිකිරීමට තුල්සි ශාකය සමත් වන බැව් සොයා ගෙන ඇත. එය වකුගඩුවල ගල් ඇතිවීමේ අවදානම අවම කරන අතර, ඉන්දියාවේ ලක්නව් හි මධ්‍යම ඖෂධ පර්යේෂණ ආයතනයේ වාර්තාවලට අනුව තුල්සි ශාරීරික ආතතිය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට ද උපකාර කරයි. දන්ත රෝග සහ විදුරුමස් දියවීමේ අවදානම ද, හෙපටයිටිස්, මැලේරියා, ඩෙංගු, ක්ෂය රෝග තත්ත්ව ද සම්බන්ධ ව එය ප්‍රශස්ත මට්ටමේ ක්‍රියාකාරිත්වයක් දක්වන බව විශ්වාස කෙරේ.

තුල්සි ශාකයේ මුල්වල කුඩු ගිතෙල් සමඟ මිශ්‍ර කර භාවිතයට ගැනීමෙන් එය ලිංගික උත්තේජනයක් සහිත වාජීකරණ ඖෂධයක් ලෙස ද ක්‍රියාත්මක වන බැව් පැවසේ.

තුල්සි හෙවත් මදුරුතලා විවිධ භාවිතාවන්

කිසියම් සර්ප දෂ්ටනයක දී වෛද්‍යවරයකු වෙත රැගෙන යන තෙක් විස අවදානම අඩු කිරීමට එම දශ්ට මුඛය මත තුල්සි හෙවත් මදුරුතලා පත්‍ර යුෂ තැවරීම පූර්ව ප්‍රතිකාරයක් ලෙස කළ හැක. දරුවන්ගේ හා ළමයින්ගේ ප්‍රතිශ්‍යාව, පීනස, කැස්ස වැනි රෝගී තත්ත්වයන්ට අමු තුල්සි පත්‍ර ගෙන කොටා, එයට සීනි එක්කොට උනුකර පැණියක් සාදා ගෙන, කල් තබා ගෙන දිනපතා දීමෙන් සාධනීය ප්‍රතිඵල ලැබෙන බැව් සඳහන් ය. මැලේරියා රෝග තත්ත්වය සඳහා තුල්සි සමඟ විෂ්ණුක්‍රාන්තිය සහ අමු ඉඟුරු ගෙන සිඳුවා සකස් කරගත් කෂාය දිනපතා දීමෙන් රෝග තත්ත්වය සමනය වන බව ආයුර්වේදයේ සඳහන් ය.

තුල්සි හෙවත් මදුරුතලා පත්‍ර එළඟි තෙල්වලින් අඹරා ගෑමෙන් සැර ව ගෙඩි සහ කුෂ්ට රෝග සුවපත් වන අතර, ආහාර අරුචිය, බඩේ දැවිල්ල වැනි රෝග තත්වයන් සඳහා තුල්සි බීජ සහ වියළි ඉඟුරු යොදා සකස් කළ බෙහෙත් ගුලි බීමෙන් සුවය ලැබිය හැකි බැව් පිළි ගැනේ. මදුරුතලා පත්‍ර ඇල්දියෙන් අඹරා පත්තුවක් සාදා ගැනීමෙන් හෝ කොළ,කඳ, මුල් යොදා ගෙන සකස් කරන ඖෂධයකින් ශරීරයේ අස්ථි සහ හන්දි වේදනා සමනය කරන්නට සමත්වන බැව් හෙළි වී තිබේ.
මෙහි පත්‍ර එනසාල් සමඟ තම්බා බීමෙන් හෝ, කොත්තමල්ලි සමග තම්බා බීමෙන් උණ ගතිය අඩුවන බව සඳහන් වේ. ලංකාවේ සමහර ඈත ගම්බද ප්‍රදේශවල ගැමියන් බුලත් විට සැපීමේ දී බුලත් වෙනුවට මදුරුතලා පත්‍ර භාවිත කරයි.

 

කුඩා පදුරු සහිත පැලෑටියක් වන මෙම ශාකය තලා විශේෂයක් ලෙස ද හඳුනාගත හැකිය. මෙම ශාකයේ තවත් විශේෂයන් කිහිපයක් හඳුනාගත හැකි අතර ඒවා ගස් තලා, ඕ තලා, හීං තලා, හීං මදුරුතලා සහ සුවද තලා ආදියයි.

තවද මදුරුතලා ශාකයෙහි දම් පැහැති ප්‍රභේදයක් පවතින අතර එය හින්දු භක්තිකයන් පූජනීයත්වයෙන් සලකන තුල්සි ශාකය ලෙස හඳුන්වා තිබේ. මෙම මදුරුතලා ශාකයෙ පත්‍ර හා පුෂ්ප මංජරිය තරමක් විශාල වන අතර ඒවායෙන් ආවේණික වූ සුගන්ධයක් විහිදේ. මෙහි වාතය පිරිසිදු කිරීමේ ගුණයක් ද පවතී. එබැවින් ඇතැම් පැරැන්නන් මේවා නිවාස ආශ්‍රිතව තබාගනී.එමෙන්ම බුලත්විට සපන පුද්ගලයින් මේවා තලා වර්ග බුලත්විට සඳහා ද භාවිතා කරයි. තවද මෙම ශාක වියළා දුම් ඇල්ලීමෙන් මදුරුවන් පලවාහැරීමට මෙන්ම විෂබීජ විනාශ කිරීමට හැකියාව පවතී. ඖෂධීය ගුණ රැසක් පවතින මෙම මදුරුතලා ශාකය Lamiaceae උද්භිද කුලයට අයත් වේ.

මදුරුතලා ශාකයේ ඖෂධීය භාවිතය දියවැඩියාවට, කොලෙස්ටරෝල්වලට, හදවත් රෝගවලට, මැලේරියාවට, පිළිකා තත්ත්වයන්ට, සෙම් රෝගවලට, අතීසාරයට, ආමාශයික රෝගවලට, කන් කැක්කුමට, මුත්‍රා රෝග වලට, රක්තවාතයට, ආහාර අරුචියට , වමනයට, විසබීජ නැසීමට, සර්ප විෂට මෙම ශාකයේ පංචාංගයම යොදා ගනී.

පිළිකා රෝග සඳහා ගුණ දෙන වටිනා ඖෂධයක් ලෙස මදුරුතලා පෙන්වා දිය හැකිය. මදුරුතලා කොළ වියළා කුඩුකරගෙන තේ වෙනුවට උණුසුම් පානයක් ලෙස භාවිත කිරීම ද සුදුසු වේ. එමගින් පිළිකා තත්ත්වයන් ඇතිවීම වළක්වනවාක් මෙන්ම පිලිකා පවතින රෝගීන්ටද වඩාත් ගුණදායක වේ.

ශරීරයේ පවතින අස්ථි හා සන්ධි වේදනාවන් සඳහා මදුරුතලා කොළ ,කද හා මුල් යොදාගනී. තවද මදුරුතලා කොළ ඇල් දියෙන් අඹරා පත්තුවක් ආකාරයට වේදනාව ඇති ස්ථානයේ ආලේප කිරීම.

මැලේරියා රෝගය සඳහා මදුරුතලා මුල්, විෂ්ණු කාන්ති හා අමු ඉඟුරු කළං 4 බැගින් ගෙන වතුර පත හත එකට සිඳුවා බේරා ගත් කසාය දිනපතා උදේ සවස පත භාගය බැගින් ලබාදීම සුදුසුවේ.

සැරව ගෙඩි හා කුෂ්ඨ සදහා මදුරුතලා කොළ එළඟි තෙලෙන් අඹරා ඒවා එම තුවාල මත ආලේප කිරීමෙන් ඉක්මන් සුවයක් ලැබේ. එමෙන්ම මදුරුතලා කොළ තම්බා එම ජලයෙන් තුවාල සේදීමෙන් ද ඉක්මන් සුවයක් ලබාගත හැකි ය. තවද මදුරුතලා, පුස්කර හා ගෙන්දගම් සමව ගෙන ඇඹුල් දොඩම් ඇඹුලෙන් අඹරා දඳ හෝ කුෂ්ඨ මත ආලේප කිරීම ගුණදායකය.

සෙම් රෝග සඳහා ද  මදුරුතලා ශාකය යොදා ගනියි. මදුරුතලා බීජ පත එකක් වතුර පත හතරක් සමග පත එකට සිඳුවා උදේ හා සවස පත භාගය බැගින් පානය කිරීමෙන් සෙම් රෝගය නිට්ටාවටම සුව කර ගත හැකි වේ.

කෑම අරුචිය, උදර වේදනා සහ උදර දැවිල්ල සඳහා මදුරුතලා කොළ හා වියලි ඉඟුරු ග්‍රෑම් 30 බැගින් ගෙන සියුම්ව අඹරා කුඩා ගුළි විස්සක් පමණ සකසාගෙන දිනපතා ගුළිය බැගින් ආහාරයට ගැනීමෙන් සුවකරගත හැකි ය.

කුඩා දරුවන්ගේ කැස්ස, පිනස සහ සෙම්ප්‍රතිෂ්‍යාව වැනි රෝග සඳහා තුල්සි පත්‍ර පැණිය ලබාදේ.මෙය සැකසීමේදී මදුරුතලා කොළ අමුවෙන් ගෙන කොටා එම යුෂ මිරිකා ගෙන එම ප්‍රමාණයෙන් භාගයක් වන සේ සීනි යොදා පැණියක් වනතෙක් උණුකර වාතාශ්‍රය නොලැබෙන පරිදි බෝතල් කර දිනකට තේ හැන්ද බැගින් දරුවන්ට ලබාදීම සුදුසු වේ. මෙය වැඩිහිටියන්ගේ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව හා පීනසට ද ගුණදායකවේ.

උණ නිසාවෙන් ඇතිවන ශරීර වේදනාවන් සදහා මදුරුතලා තම්බා ගත් ජලයට එනසාල් කුඩු සහ සීනි යොදා පානය කිරීම සුදුසු වේ.

මුහුනේ ඇතිවන කුරුලෑ සහ ලප කැලැල් සඳහා මදුරුතලා කොළ කොටා ලබාගත් යුෂ එම කුරුලෑ සහිත මුහුණේ ආලේප කිරීමෙන් දිදුලන සමක් සහිත පැහැදිලි පෙනුමක් ලබාගත හැකිය.

සර්පයෙකු දෂ්ට කළවිට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට රැගෙන යනතෙක් එම දෂ්ඨ කළ දෂ්ට කළ ස්ථානයේ මදුරුතලා යුෂ තැවරීම සුදුසුවේ.

 

නැවත නැවතත් කිව වියයුතු තුල්සි හෙවත් මදුරුතලා ශාකයේ වැදගත්කම....

හදවත් රෝග, දියවැඩියාව, කොලෙස්ටරෝල්, මැලේරියාව, පිළිකා, කැස්ස, පීනස, ස්වාසනාලිකා ප්රදාහය, අතීසාරය, ආමාශයික රෝග, අක්මා රෝග, කන් කැක්කුම, වමනය, පණු රෝග, රක්තවාතය, ජනන්ය මූත්රල පද්ධතියේ රෝග, ආහාර අරුචිය, සර්ප විෂ, බඹර මීමැසි කූඩලු මඳුරු ආදී සතුන්ගේ දෂ්ඨන වැනි රෝග අවස්ථා රාශියක් සඳහා ප්රතිකාර කිරීමට මඳුරුතලා කොළ, මුල් , ඇට ආදිය යොදා ගන්නා බව සඳහන් වෙනවා!

"මේ ශාකය තුළ පවතින වාෂ්පශීලී තෛලය නිසාම මදුරුතලා කොළ, මුල්, කඳ වැනි මෙහි සෑම අංගයක්ම ශරීරයේ අස්ථි, සන්ධි, වේදනා නැති කිරීමට ඉතාමත් ගුණදායකයි. යමෙක් සන්ධි වේදනාවකින් පෙළෙනවා නම් මදුරුතලා පත්ර ඇල් වතුරෙන් අඹරා පත්තුවක් ලෙස වේදනාව ඇති සන්ධිය වටා ආලේප කරනු යැයි සදහන්!...

සැරව ගෙඩි/විසප්පු

============

ඒමෙන්ම විවිධ සැරව ගෙඩි, විසප්පු, කුෂ්ඨ වැනි රෝග හටගත් අවස්ථාවකදී මදුරුතලා කොළ එළඟි තෙලෙන් සියුම් වෙන්න අඹරා සැරව ගෙඩි, විසප්පු මතුපිට ආලේප කරන්න. ඉන් පසු ඉක්මනින් පැසවා සැරව ඉවත් වී ඉක්මන් සුව වේ. ඒ වගේම තමයි සැරව ගලා පැසවන සුව නොවන තුවාල ඇති අය මදුරුතලා කොළ තම්බා නිවාගත් වතුරෙන් වාර කිහිපයක් ඒ තුවාල සෝදන්න. තුවාලවල පවතින විස වර්ග මෙහි පවතින රසායනික තෙල නිසා විනාශයට පත්වෙලා ඉක්මන් සුවය අත් වේවි.!

මදුරුතලා කොළ, ටංකන (පුස්කර) සහ ගෙන්දගම් (ශෝධිත ගෙන්දගම්) සමව අරගෙන ඒවා දෙහි යුෂෙන් හෝ ‍දොඬම් ඇඹුල්වලින් අඹරාගෙන දින කිහිපයක් කුෂ්ඨවල, දදවල ආලේප කරන්න. ඔබට එයින් ඉක්මන් සුවයක් අත් වේවී."

සෙමට

"ශරීරයේ ඇතුළතින් හටගන්නා රෝග පීඩා සඳහාත් මදුරුතලා හොඳ අවුෂධයක්. ඒ අතර අද බහුතරයක් දෙනා මුහුණපාන ලෙඩක් තමයි සෙම රෝගය. නිරායාසයෙන් කටට සෙම එන රෝගයෙන් ගොඩක් දෙනා පීඩා විඳිනවා. එවන් සෙම් රෝගයෙන් පෙළෙන අය මදුරුතලා බීජ පත එකක් අරගෙන මුට්ටියකට දමා එයට වතුර පත හතරක් මිශ්ර කර පත එකක් වීමට සිඳුවා ගන්න. ඉන්පසු හොඳින් පෙරා උදේට පත භාගයයි සවසට පත භාගයයි දින කිහිපයක් බොන්න. සෙම් රෝගය නිට්ටාවටම සුව වේවි.

කෑම අරුචිය/උදර වේදනා

ඒ වගේම ඔබට කෑම අරුචිය, උදරයේ දැවිල්ල, උදර වේදනා වගේ රෝග තත්ත්වයක් ඇති නම් මදුරුතලා කොළ ග්රෑම් 30ක් තරමක් වියළි ඉඟුරු ග්රෑම් 30ක් සමව අරගෙන සියුම්ව හොඳින් අඹරා කුඩා ගුළි 20ක් හදාගන්න. ඉන්පසු දිනපතා උදේ හවස ගුළිය බැගින් දින දහයක් ඒ අවුෂධීය ගුළිය ආහාරයට ගන්න. බඩේ අමාරු, කෑම අරුචිය, බඩ දැවිල්ල කියන මේ සෑම ලෙඩකටම එය ගුණය ලබා දෙන ඔසුවක්. මේ අවුෂධය ලොකු කුඩා වයස් භේදයකින් තොරව කිසිදු අතුරු ආබාධයක් නොමැතිව ආහාරයට ගන්න පුළුවන් අවුෂධයක්.

උණ රෝගවලට

 

මැලේරියාව වැනි උණ සඳහා දේශීය ආයුර්වේදය තුළ වඩාත්ම සුදුසු අවුෂධය තමයි මදුරුතලා. ඒ නිසා මැලේරියා රෝගීන්ට මදුරුතලා මුල්, විෂ්ණු ක්රාන්ති, අමු ඉඟුරු කළං 4 බැගින් ගෙන මුට්ටියකට දමා වතුර පත 7ක් එකට සිඳුවා පෙරා දින කිහිපයයක් උදේ සවස පත භාගයබැගින් බොන්න දෙන්න. මැලේරියා රෝගය සුවකර ගැනීමට ඒ අවුෂධීය කෂාය ඉතාමත්ම ගුණදායකයි.

පොඩ්ඩන්ට

"කුඩා දරුවන්ට කැස්ස, සෙම්ප්රතිශ්යාව, පීනස, ඇදුම වගේ රෝග හටගත් විටදී අපේ මවුපියන් දරුවන්ට විවිධ බටහිර ප්රතිකාර කරන්න පුරුදු වෙලා ඉන්නවානේ. කුඩා දරුවන්ගේ එවන් රෝග සඳහා කිසිදු අතුරු ආබාධයක් නොමැති අවුෂධයක් සාදාගන්නා හැටි සඳහන් වෙනවා. ඔබට එය නිවෙසේ සිටම සාදාගන්නා ආකාරය මෙන්න මෙහෙමයි!

විශ්මිත තුලසීපත්ර පැණිය

ඒ අවුෂධයේ නම "තුලසීපත්ර පැණිය". මේ පැණිය සාදාගන්නේ මෙහෙමයි. මදුරුතලා අමු කොළ අරගෙන හොඳින් පිරිසුදු කරලා කොටාගෙන එහි යුෂ මිරිකා පෙරාගන්න. මදුරුතලා යුෂ ප්රමාණය වගේ හරි අඩක් එයට සීනි මිශ්ර කරලා ළිපේ තබා පැණි පදමට එනතුරු රත් කරන්න. ඒ ආකාරයට මඳගින්නේ කකාරා ගත් තුලසිපත්ර පැණිය ළිපෙන් බා නිවුණු පසු වාතාශ්රය නොයන බෝතලයකට දමා පෙර සඳහන් කළ රෝග තිබෙන දරුවන්ට (වැඩිහිටියන්ටද කම් නැත) උදේ සවස තේ හැඳි එක බැගින් දිනපතා බොන්න දෙන්න. නාසයෙන් ලේ ගලන තත්ත්වයේ පීනසට වගේම කැස්සට, ඇදුමට, සෙම්ප්රතිශ්යාවටත් මේ අවුෂධීය පැණිය ගුණදායකයි."

"පිළිකාව කියන්නේ අද වන විට බහුල වශයෙන් සමාජගතව පවතින රෝගයක්නේ. පෙණහලු පිළිකා, අක්මා පිළිකාවලට අද වන විට අපේ රටේ අහිංසක ජනතාව අතරින් විශාල පිරිසක් ගොදුරුවෙලා. පෙණහලු සහ අක්මා ආශ්රිතව හටගත් පිළිකා සුව කිරීමටත් එවන් පිළිකා හටගැනීමේ අවදානම නැති කිරීමටත් ඇති ප්රබලතම අවුෂධයක් තමයි මදුරුතලා කියන්නේ. මදුරුතලා පත්ර මඳ පවනේ වියළාගෙන තරමක් කුඩු කරලා සුළං නොවදින බෝතලයකට දමා තේ කොළ වෙනුවට උණුවතුරින් මදුරුතලා කොළ තම්බා ඔබට පානය කරන්න පුළුවන්. එම අවුෂධීය උණුසුම් බීම පානයට ගැනීම තුළින් හටගත් පිළිකා සුව කරනවා වගේම පිළිකා හටගැනීමේ අවදානමත් තුරන් කරනවා."

වෛරස් උණට

"කලින් කලට සමාජයේ විවිධ වෛරස් උණ වර්ග හට ගනී. ඒ සෑම උණ රෝග තත්ත්වයකදීම ක්ෂණික වේදනා නාශක පෙති භාවිතයට නොගෙන ශරීරයට හිතකර දේශීය අවුෂධයක් මදුරුතලාවලින් සාදාගන්නා ආකාරයද මෙන්න මෙහෙමයි!!

මදුරුතලා තම්බා පෙරාගත් වතුරට එනසාල් කුඩු ස්වල්පයක්, සීනි ස්වල්පයක් මිශ්ර කරලා බොන්න. ඇඟ පත වේදනා වෛරස් උණ තත්ත්වයන් එයින් නිට්ටාවටම සුව වෙනවා."

කුරුලෑ වසංගතයට

"ඒ වගේම තමයි අපේ කොල්ලෝ කෙල්ලෝ මුහුණපාන ප්රධානම ගැටලුවක් තමයි කුරුලෑ වසංගතය. වෙළෙඳපොළේ ඇති එක එක ජතියේ විවිධ රසායනික ද්රව්යය මුහුණේ ගාගත්තාම සමට හානි වෙනවා වගේම එහි අතුරු ආබාධයක් ලෙසට කුරුලෑ හටගන්නවා. එවන් කුරුලෑ හටගත් අය දිනපතා උදෑසන මදුරුතලා කොළ කොටා ගත් යුෂ කුරුලෑවල ආලේප කර පැයක පමණ කාලයක් රැඳී සිට මුහුණ සෝදන්න. දින කිහිපයක් මේ ක්රියාව කරනවනම් ඔබට පැහැපත්, නිරෝගී, ලප කැළැල්, කුරුලෑ ද නැති දිදුලන සමක් ලබන්න පුළුවන්.

සර්ප දෂ්ඨනයට

යමෙක් සර්ප දෂ්ටනයකට ලක් වුණා නම් ප්රතිකාර සඳහා ගෙන යෑමට පෙර සර්පයා දෂ්ට කළ ස්ථානයේ මදුරුතලා කොළවලින් ගත් යුෂ ආලේප කර ප්රතිකාර සඳහා රැගෙන යන්න. විෂ රඳවා තබා ගැනීමේ හැකියාවක් ඒ තුළ පවතිනවා.

මේ තමා මේ අසිරිමත් ශාකයේ වගතුග!!‍ ඔබටත් හැකි මදුරැතලා පැල කීපයක් නිවස අද්දර හිටවා ගන්නට!! මදුරු කරදරයටත් ඉතින් පංකාදුයි!!

===============================================================

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       & Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

 

 

 

 

 

No comments:

Post a Comment

කටුපිල -  Flueggea leucopyrus     ශ් ‍ රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් ‍ රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙ...