Sunday 24 September 2023

කුප්පමේනියා

 

කුප්පමේනියා / Acalypha indica / Kuppameniya

සිංහල නාමය: කමනීය

විවහාර නාමය: අරිට්ට මන්ජරී

දෙමළ නාමය: කුප්පමේනි

ඉංග්රීසි නාමය: Indian Acalpha


වියලි දේශගුණය සහිත කලාපවල වැඩි වශයෙන් දැකිය හැකි අතර ඉතා ඉහල ගුණ සහිත ඔසුවකි. කොලපාට මල් හටගන්නා කුප්පමේනියා ඒක ලිංගික ශාකයකි. ප්රමාංගි හා ජයාංගි පුෂ්ප දෙවර්ගයම එකම ගසක දැකිය හැකී එමෙන්ම වසර පුරාවටම මල් හටගනී.

මෙහි අඩංගු පෝෂ්ය පදාර්තයන් නම්

ප්රෝටීන් , කාබෝහයිඩ්රේට් , කැල්සියම් , මේදය , තන්තු , පොස්පරස් , යකඩ , විටමින් C ප්රධාන වෙයි.

ඔසු පිණිස නම්

මුත්රාසයේ රෝග , චර්ම රෝග , මලබද්දය , ස්නායු පද්දතියේ රෝග , කැස්ස , ඇදුම , උණ , දතේ කැක්කුම , කනේ කැක්කුම , ඉරුවාරදය , සන්දි ඉදිමීම , සෙම් ගෙඩි , පණු රෝග , වාත රෝග , පිලිස්සුම් තුවාල , නින්ද නොයෑම ආදී රෝග ගණනාවකට කුප්පමේනියා ශාකයෙන් සුවය ලබාගන්න පුලුවන් වෙයි.

මෙය මැල්ලුමක් ලෙස ආහාරයට ගැනීමට හැකි අතර ලෙඩ රෝග ගනනාවකින් බේරීමට එ අනුව හැකියාව ඇත.

කුප්පමේනියා කොල ඇල්දියෙන් අඹරා යටිබඩේ ආලේප කිරීමෙන් මුත්රා අඩස්සිය නැති වේ.

ආඩතෝඩ කොල, මිංචි කොල, කොත්තමල්ලි කොල සහ කුප්පමේනියා කොල වේලා කුඩුකර තේ, කෝපි වෙනුවට පානය කල හැකිය.

විශේශයෙන්ම බළල් කුලයට අයත් සියලුම සතුන් මෙමෙ ශාකයට ඉමහත් කැමැත්තක් දක්වයි. මෙම සතුන්ට බඩේ අමාරුවක් සෑදුන විට මෙම ගසක් ගලවා ආහාරයට ගැනීම සිරිතකි. එටින් උන්ගේ අසනීපය සුව අතට හැරේ.

මෙම ශාකයට මෙම සතුන් ආකර්ශනය වීමට ප්රදානම හේතුව වන්නේ එයින් නිකුත්වෙන ගන්දයයි. එම ගන්දය මෙම සතුන්ට මීටර් 50ක් පමන දුරකට දැනේ. මෙයින් නිකුත් වෙන්නේ ෆ්රාන්ස් ලෙක්ටා ලැක්ටෝන්කියන රසායන ද්රව්යයි.

මෙය ඉතාම වටිනා ශාකයක් වන අතර අපගේ නිවස්වල ගෙවත්තෙ බහුලව දැකිය හැකි ශාකයකි.ඔසු භාවිතයට පෙර දැනුමැතියෙකුගෙන් විමසා බලන්න ...

 

කුප්පමේනියා යනු අපේ රටේ සාමාන්ය ජනතාව පලා වර්ගයක් ලෙස ආහාරයට ගන්නා ඉතා බහුල ශාකයකි. එසේම කුප්පමේනියා බොහෝ දේශීය ඖෂධ වල සංඝටකයක් වන අතර ගුලි වර්ග ඇඹරීමේ දී යොදා ගන්නා මාත්තුවක් ලෙස ද භාවිතා වේ. වෙදකමේ දී වඩාත් බහුලව කුප්පමේනියා දළු අනුපාන වල ප්රධාන සංඝටකයකි.
කුප්පමේනියා යනු ඉතා ප්රබල ඖෂධයකි. එබැවින් එය ආහාරයක් ලෙස ගැනීමේ දී වරකට ආහාරයට ගන්නා ප්රමාණය ගැන සැලකිලිමත් වීම වැදගත් වේ. එය ඕනෑම ප්රබල ඖෂධීය ගුණ සහිත ශාක වර්ග සම්බන්ධයෙන් පිළිපැදිය යුතු උපදෙසකි. එවැනි කොළ වර්ග කලවම් පළා ලෙස වෙනත් කොළ වර්ග සමඟ මිශ්ර කොට සකසා ගැනීම වැදගත්ය. කොළ කැඳ සඳහා වුවත් වෙනත් කොළ වර්ග සමඟ එකතු කොට යොදා ගැනීම වඩා යහපත් වේ

මෙම ඖෂධීය ශාකය සමඟ බළල් කුලයටම සම්බන්ධ කමක් තිබේ. එනම් බළලුන්ගේ, ව්‍යාඝ්‍රයන්ගේ,කොටි , සිංහයන්ගේ ප්‍රියතම ආහාරයක් ලෙස කුප්පමේනියා ශාකය හඳුන්වනු ලැබේ. එනම් කුප්පමේනියා මුලේ සුවඳ ෆ්රාන්ස් ලෙක්ටා ලැක්ටෝන්නැමති රසායන සංයෝගය”  බළලුන්ට  මීටර් 50 ක දුරකින් සිටියද හඳුනා ගත හැකිය. එමෙන්ම මොවුන් උදරගත රෝග ඇති විටක මෙම ශාකයේ කොළ ආහාරයට ගැනීම සිදුකරයි.එමගින් එම රෝග තත්ත්වය සමනය වීමද සිදුවේ.

ඖෂධීය බෙහෙත් සකස් කිරීමට අමතරව  කුප්පමේනියා කොළ කලවම් පළා මැල්ලුමක් ලෙස ද ආහාරයට එකතු කර ගනී.කුප්පමේනියා ශාකයේ අඩංගු පෝෂ පදාර්ථ ප්‍රොටීන්, කාබෝහයිඩ්ඩ්‍රේට්, කැල්සියම්යකඩ, මේදය, විටමින් සී ,තන්තු, පොස්පරස්, ආදී පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගුවේ.

කුප්පමේනියා ශාකයේ ඖෂධීය භාවිතය

·         කනේ කැක්කුමට 

·         ඉරුවාරදයට 

·         පණු රෝග වලට

·         වාත රෝගවලට 

·         පිළිස්සුම් තුවාලවලට

·         මල බද්ධයට 

·         ඇදුම, කැස්ස වැනි රෝග වලට 

·         උණට 

·         සන්ධි ඉදමුමට 

·         සෙම්ගෙඩි වලට 

·         පිළිස්සුම් තුවාල වලට 

·         නින්ද නොයාමට

·         මුත්‍රාශය ආශ්‍රිත රෝග වලට 

·         ශරීරය දාහයට 

·         ස්වාසනාලිකා ප්‍රදාහයට මේ ආදී වූ රෝගයන් සඳහා ප්‍රතිකාර කිරීමේදී කුප්පමේනියා ශාකයේ කොළ, මුල් සහ සම්පූර්ණ ශාකයම ඖෂධ ලෙස යොදා ගනී. 

කුප්පමේනියා ශාකයේ ඖෂධීය භාවිතය 

මුත්‍රා අඩස්සියට අනිකුත් ඖෂධයන් සේම කුප්පමේනියා ශාකය ද මුත්‍රා අඩස්සියට භාවිතා කරන ඖෂධීය ඔසුවක්වේ. එනම් කුප්පමේනියා කොළ ඇල්දියෙන් අඹරා යටිබඩේ ආලේප කිරීමෙන් මුත්‍රා අඩස්සිය සමනය කරගත හැකිය.

විරේචනයට කුප්පමේනියා මුල් ඇල්දියෙන් තලා ලබාගත් යුෂ පානය කිරීමට දීමෙන් විරේචනය සමනය කර ගත හැකිය.

දද ,වටපණු රෝගයන්ට කුප්පමේනියා කොළ අඹරා එම ප්‍රදේශය දෙහි යුෂ සමඟ මිශ්‍රකර ආලේප කිරීම මගින් දත්ත වටපණු රෝග සමනය කරගත හැකිය. 

සර්ප විෂට කුප්පමේනියා කොළ කැඳ පානය සකස් කර දීම සිදුකරයි. 

ළමා මළබද්ධයට කුප්පමේනියා කොළ තලා එම පෙරේතය ගුද මාර්ගයට ඇතුළු කිරීමෙන් මල පිටකිරීම පහසු කරගත හැකිය

ඉදිමුම් සමනයට කුප්පමේනියා කොළ යුෂ දෙහි යුෂ තලතෙල් ලුනු සමග මිශ්‍රකර ආලේප කිරීමෙන් සන්ධි ඉදිමුම් සමනය කරගත හැකිය.

කුඩා ලමුන්ගෙ ස්වාස නාල ප්‍රදාහ යෙදී කුප්පමේනියා කොළ සහමූල කෂාය කර පානය කිරීමෙන් එම රෝග තත්ත්වය සමනය කරගත හැකිය.

පිළිස්සුම් තුවාලවලට පිළිස්සුනු විට කුප්පමේනියා කොළ තලා එම ප්‍රලේපය එම ස්ථානවල ආලේප කිරීම මගින් එම තත්ත්වය සමනය කරගත හැකිය.

අර්ශස් රෝගයට කුප්පමේනියා ශාකයේ සියලුම කොටස් තලතෙල් සමග අඹරා ආහාරයට ගනී. 

මේසාවූ නොයෙක් රෝගයන්ට කුප්පමේනියා කොළ, ආඩතෝඩා කොළ, මිංචි කොළ, කොත්තමල්ලි කොළ වේළා කුඩුකර තේ කෝපි වෙනුවට පානය කළ හැකිය. 

මෙම ශාකය බොහෝ සාම්ප්රදායික ඖෂධීය භාවිතයන් ඇත. මැඩගස්කරයේ, තලා දැමූ ශාකය සමේ පරපෝෂිතයන් සඳහා යොදා ගනී. මොරිෂස්හි, තලා දැමූ කොළ යුෂ ලුණු සමඟ මිශ්‍ර කර හෝ ශාක කසාය හිස්කබල් සහ අනෙකුත් සමේ ගැටළු සඳහා භාවිතා කරයි. Seychelles සහ Réunion වලදී, ඇදුම රෝගය සඳහා මුල් කහට හෝ කසාය, අක්මාව සහ වකුගඩු පිරිසිදු කිරීම සඳහා ගනු ලැබේ. බඩවැලේ පණුවන් සහ බඩේ කැක්කුම සඳහා ද මුල් කසාය ගනී. කොළ යුෂ වමනය ලෙස ගනු ලැබේ. Tylophora indica මූලයන් සමඟ කහට එකතු කිරීම විෂවීමකදී වමනය ලෙස Réunion හි ගනු ලැබේ. රීයුනියන් සහ මැඩගස්කරයේ ද පත්‍ර කහට පවිත්‍රකාරකයක් සහ වර්මිෆියුජයක් ලෙස ගනු ලැබේ. නැඟෙනහිර අප්‍රිකාවේ කොළවල යුෂ අක්ෂි ආසාදන සඳහා යොදා ගනී. පණුවන් සහිත තුවාල සඳහා කොළ කුඩු භාවිතා වේ. Acalypha indica ඇදුම සහ නියුමෝනියාව සඳහා ප්‍රතිකාර කිරීම සඳහා අපේක්ෂා කරන ඖෂධයක් ලෙස ඉන්දියාවේ Pharmacopoeia හි ලැයිස්තුගත කර ඇත. එය කලින් බ්‍රිතාන්‍ය Pharmacopoeia හි ලැයිස්තුගත කර ඇත.[3]

නමුත් කුප්පමේනියා ශාකය ආහාරයට ගැනීම මගින් අසාත්මිකතාවන් ඇති විය හැකිය. එනම් ලේ වමනය වීම, මුත්‍රා සමග ලේ පිටවීම වැනි තත්ත්වයන් ද ඇතිවිය හැකි බැවින් ජාන ගත අසාත්මිකතා ඇති අය මෙය ආහාරයට එකතු කර ගැනීමේදී සැලකිලිමත් විය යුතුය

 

No comments:

Post a Comment

කටුපිල -  Flueggea leucopyrus     ශ් ‍ රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් ‍ රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙ...