Tuesday 19 September 2023

හීංබෝවිටියා

හීංබෝවිටියා 
·         හීංබෝවිටියා බොහෝ සේ අතු බෙදී පඳුරක් ලෙස වර්ධනය වන අප රටට ආවේනික කුඩා බහුවාර්ෂික ශාකයකි. අතු ශක්තිමත් බවින් අඩු අතර පිට පොත්ත රතට හුරු දුඹුරු පැහැයෙන් යුක්තය. කොළවල මද වශයෙන් බූව ඇත. පෙති පහකින් යුක්ත ලා දම්පැහැති මල අලංකාරවත්ය. කුඩා ගෙඩි තුල හට ගන්නා බීජ මගින් සහ අතු කැබලි මගින් ප්‍රචාරණය සිදුවේ. දම් පැහැති ඉදුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය.
රටට ආවේනික කුඩා බහුවාර්ෂික ශාකයකි. අතු ශක්තිමත් බවින් අඩු අතර පිට පොත්ත රතට හුරු දුඹුරු පැහැයෙන් යුක්තය. කොළවල මද වශයෙන් බූව ඇත. පෙති පහකින් යුක්ත ලා දම්පැහැති මල අලංකාරවත්ය. කුඩා ගෙඩි තුල හට ගන්නා බීජ මගින් සහ අතු කැබලි මගින් ප්‍රචාරණය  සිදුවේ. දම් පැහැති ඉදුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය.
·         හීං බෝවිටියා 
·         මහ බෝවිටියා  
·         එළබෝවිටියා  යනුවෙනි.
Melastomataceae උද්භිද කුලයට අයත් වන හීන් බෝවිටියා ශාකයේ කොළ
බෝවිටියා ශාකයේ කොළ, දඩු මගින් කැඳ, මැල්ලුම් ,ව්‍යංජනය සකස් කර ආහාරයට එකතු කරගත හැකිය.එපමණක් නොව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ බොහෝ රෝග සමනයට හීං බෝවිටියා ශාකයේ කොළ සකස් කර ආහාරයට එකතු කරගත හැකිය.එපමණක් නොව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ බොහෝ රෝග සමනයට හීංබෝවිටියා ශාකයේ කොළ ,පොතු ,මුල් ආදිය බහුලව භාවිතා කරයි.
 හීන් බෝවිටියා ශාකයේ ඖෂධීය ගුණ 
1.      කොලෙස්ට්‍රෝල් පාලනය කිරීමට අක්මා රෝග සමනයට
2.      අර්ශස් රෝග සමනයට
3.      පිළිකා මරර්ධනයට ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට දියවැඩියා රෝගයට ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට දියවැඩියා රෝගයට 
4.      පාචනයට 
5.      සෙංගමාලයට 
6.      ශරීරය සිසිල් කිරීමට. 
7.      ආදී නොයෙක් රෝගී තත්ත්වයන් වලදී හීන් බෝවිටියා ශාකය ඖෂධයක් ලෙස භාවිතා කරයි.
·         කොලෙස්ටෝල් හෙවත් රුධිර ගත මේදය පාලනය කර  ගැනීම සඳහා හීං බෝවිටියා යනු කදිම ඖෂධයකි. එනම් මෙවැනි රෝගීන්ට හීන් බෝවිටියා කැඳ පානය කළ හැකිය.
·         සෙංගමාලයට -හීන් බෝවිටියා කැඳ හෝ ව්‍යංජනයක් ලෙස ආහාරයට එකතු කරගත හැකිය.
·         පාචනයට -හීන් බෝවිටියා ව්‍යංජනයක් ලෙස කිරෙන් පිස ආහාරයට එකතු කරගත හැකිය.
·         ශරීරය සිසිල් කිරීමට -හීන්බෝවිටියා කැද ගුණදායීවේ.
·         මූත්‍රා දැවිල්ලට -හීන්බෝවිටියා සම්පූර්ණ ශාකයම තම්බා පානය කළ හැකිය.
·         අක්මා රෝග සමනය කිරීමට මුස්සැන්ද, යකිනාරං, මොනරකුඩුම්බිය යන ශාක හා මුං ඇට දමා සකස් කරගනු ලබන කැද මාසයක් පමණ භාවිතා කිරීම ගුණදායීවේ. එනම් දිය වී ගිය අක්මා කොටස් නැවත වර්ධනය කිරීමටද මෙය කදිම පානයක්වේ.
හීං බෝවිටියා කැඳ සකස් කරන ආකාරය.
1.      හීං බෝවිටියා කොළ මිටක් හෝ දෙමිටක්
2.      පොල් කිරි කෝප්ප 1
3.      වතුර කෝප්ප 1
4.      සුලූනු ගෙඩි 1
5.      බීළුණු ගෙඩි 1
6.      කැකුළු සහල් මිටක්
හොඳින් සෝදා පිරිසුදු කරගත් හීං බෝවිටියා කොළ මිටක් ගෙන වතුර කෝප්ප එකක් මිශ්‍රකර හොඳින් කොටා යුෂ වෙන්කර ගන්න. කැකුළු හාල් ලිප තබා සාමාන්‍ය බතක් ලෙස පිස ගන්න. පසුව ඊට පොල් කිරි, සුදුලූනු, බීලූණු එකතුකර මදක් තැම්බෙන්නට හැර හීං බෝවිටියා කොළ යුෂ එකතුකර පදමට ලුණුද එකතු කර හොඳින් කකරා විනාඩි පහක් පමණ තබා ලිපෙන් බා මදක් නිවුනු පසු පානය කරන්න. මෙහි රසයට අකමැති නම් වෙනත් පලා වර්ග එකතුකර රසය වෙනස් වන පරිදි සකස් කර ගත හැකිය. 

 අදවන විට සොයාගෙන තිබෙන එළ බෝවිටියා හීං බෝවිටියා ශාකයේම ඇලි ශාකයකි. මෙය හීං බෝවිටියා වලට වඩා ඉහළ ගුණයන්ගෙන් අනූන වන බවද සොයාගෙන තිබේ. එහි හටගන්නා මල් සුදු පැහැති වන අතර ඔබටත් එළ බෝවිටියා දැකගත හැකි වුවහොත් එය රැකගැනීම පිණිස කටයුතු කරන්න.මීට අමතරවහීං බෝවිටියා තේ පානයක් ලෙස මෙන්ම ව්‍යංජනයක් ලෙස ද ආහාරයට එකතු කර ගත හැකිය

 
🌼අක්මාවේ ඉදිමීම
🌼අක්මාවේ මේදය තැන්පත් වීම
🌼සෙංගමාලය
🌼වමන
🌼අතීසාර
🌼පාචන
🌼පණුරෝග
🌼කැපුම් තුවාල
🌼කහ උණ
🌼දියවැඩියාව
🌼අර්ශස්
🌼රුධිර ගත රෝග
🌼අජීර්ණය
🌼රුධිරයේ අදික මේදය
🌼පිලිකා සුව කිරීමේ ගුණය
🌼ප්රතිශක්තිකරණය වැඩි කිරීම
🌼පිත් සමනය
🌺මේද අදික බවට
➡️හීං බෝවිටියා කොළ කැඳ පානය.
🌺සෙංගමාලයට
➡️හීං බෝවිටියා ව්යාංජනයක් සේ ආහාරයට එකතු කර ගැනීම.
🌺බඩ රිදීමකින් තොරව බඩ එලිය යෑමේදි
➡️හීං බෝවිටියා කිරට උයා ආහාරයට ගැනීම.
🌺අදික උෂ්නාදික බවට
➡️මේරූ පත්ර කොටා පොල් හා කැකුලු සහල් සමග කැඳ පිස උදෑසන කිතුල් හකුරු සමග පානය.
🌺අර්ශස් සඳහා
➡️හීං බෝවිටියා තම්බා පානට ( සතියට තුන් වරක් පමන )
🌺අජීර්ණයට
➡️ලා දලු වල ඉස්මට දෙහි යුශ දමා පානය.
🌺දියවැඩියාවට
➡️හීං බෝවිටියා දලු අමුවෙන් සම්බෝල ලෙසට ගැනීම ගුණදායකය.
🌺කැපුම් තුවාල සඳහා
➡️දලු තලා බැඳීම සුදුසුය.

 ===============================================================

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

No comments:

Post a Comment

කටුපිල -  Flueggea leucopyrus     ශ් ‍ රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් ‍ රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙ...