Monday 18 September 2023

යකි නාරං

යකි නාරං

කොරෝනා වසංගතය ආව මුල්ම කාලෙ බොහෝ පිරිසක් සෙවූ යකි නාරං..
යකිනාරං ශාකය මෙරට පහතරට ප්‍රදේශවල බෙහෙවින් වැඩී ඇත. දේශගුණිකත්වයෙන් තොරව වැඩෙන මෙම ශාකය බස්නාහිර පළාතේ මෙන්ම පුත්තලම කැකිරාව හා බිබිලේ යන ප්‍රදේශ ආශි‍්‍රතවද දැක ගන්නට හැකිය. අතු බෙදී ගොස් ඇති යකිනාරං ගස මීටර් දෙකක් පමණ උසට වැඩේ. කඳේ පොත්ත දුඹුරු පැහැයකින් යුක්ත වේ. යකිනාරං පත්‍ර විහිදී පැතිරී පවතී. පත්‍රයක් දිගින් සෙන්ටිමීටර් එකක් පහක් හා දෙකයි හතක් පමණ වේ. පත්‍රයක පළල සෙන්ටිමීටර් නමයක් දෙකක් පමණ වේ. යකිනාරං පත්‍රයේ මුල් කොටස රවුමට පිහිටා ඇත. පත්‍රයේ අගකොටස තීව්‍රයි. ශාකයේ ඵල හටගැනීම එනම් මල් හටගැනීම මාර්තු සිට අගෝස්තු මාසය දක්වා වේ. මල් සුදු පැහැවන අතර මල් සුදු පැහැයෙන් යුක්තවන අතර සුවඳවත්ව ඇත.
යකි නාරං තද පැඟිරි ගතියෙන් යුත් ගසකි. යකි නාරං තරම් තද පැඟිරි සුවඳින් යුත් වෙන ගසක් නැත. කඳෙහි සහ අතුවලත් අඟල් එක හමාර දක්වා දික් වූ තියුණු කටු ඇත.
නටුව ලා රත් පැහැයෙන් සහ මල් පෙති සුදු පැහැයෙන් යුක්තය
මෙහි කොළ කොටා මිරිකා ගත් යුශ සෙම් පැසවීම සඳහා කැඳ පිසීමටත්, ප්රතිශ්යාව නරක් වී සෙම වියළුනවිට එම සෙම බුරුල් වීම සඳහා තම්බා වේදු පෑම (දුම් ඇල්ලීම)ටත්, ඇතැම් සන්නි රෝග සඳහා කොළ යුශ නශ්ය කිරීමට හා යක්වනස්ස, නික, කුඹුරු කොළ සමඟ ගිනි කබල්වලට දමා දුම්පා ස්වේද ගැන්වීමටත් පාවිච්චි කරති.

යකි නාරං මුල් කශාය - තෙල් - බෙහෙත් වර්ග සඳහා අවශ්යය ඖශධ යෝග වලට ගනිති.

සෙම් ප්රතිශ්යාව කැස්ස ඇදුම ආදි ශ්වසන රෝගවලට එරෙහිව ක්රියාකිරීමේ විශේෂ හැකියාවක්. ඇති යකීනාරං
මෙවැ නි ශ්වසන වසංගත සමයක දී මහෝපකාරීවන ශාකයක්.
එය ප්රතිශක්තිවර්ධක හා වෛරස්නාශක ගුණ සහිතයි .
එසේම ආහාර රුචිය වඩන්නක් ලෙසත් ක්රියාත්මක වන්නක්.
.
යකි නාරං කොළ තැම්බූ වාෂ්ප හිසට මුහුණට ඇල්ලිමෙන් ශ්වසන අපහසුතා මග හැරෙන අතර ඉන් උණ හිසරදය ආදී තත්ත්වයන්ද පාලනය කෙරෙනවා.
සෙම පැසවීමට කැස්ස සුවපත් කිරීමට කොළ කැඳත් උපකාරීවෙනවා.

නිතර යකි නාරං කොළ කැඳ පානය කරන්නේ නම් අක්මාවත් ආරක්ෂාවනවා
එහි ඇතිවන සෙංගමාලය ෆැටි ලිවර් ආදි රෝගවලින් ද වැළකිය හැකි බව සඳහන් වෙනවා.
ඉන් විසවීම් හා අසාත්මිකතා දුරුවන බව ද සඳහන්.
සෙංගමාලය සෑදුණුවිට එය පාලනය කිරීමටත් යකි නාරං කොළ කැඳ කිතුල් හකුරු සමග පානය කිරීමට ලබා දෙනවා.

යකිනාරං මීටර් 2 ක් පමණ උසට වැවෙන අතු පැතිරෙන ශාකයක් .
අලංකාර සුදුමල් පොකුරුවලින් පල ලබා දෙන අතර ඵලාවරණය පැඟිරි සහිතයි. බීජ හා මුල් මගින් ව්යාප්තිය සිදුවනවා.

යකි නාරං උඩුදෙහි වල් දෙහි යක් දෙහි ලෙස ද හැඳින්වෙනවා.
සම්බෝල සඳහා ගෙඩියේ යුෂ යොදා ගන්නා අතර. විනාකිරි සමග මිශ්රකර රසකාරකයක් ද ඉන් සකසා ගනු ලබනවා.
එය උණ නිසා ඇතිවන කෑම අරුචිය ද දුරුකරන්නක්.

යකිනාරං බලි තොවිල් ගුරුකම් සඳහා ද යොදාගනු ලබන්නක්.. යාග හෝම ආදියේදී අවශ්යවන පස්පැඟිරි එකතුවට දෙහි දොඩම් නාරං . නස්නාරං සිදරං සමග එක්කරගන්නවා.

ජ්යෝතීර්වේදීන් යකි නාරං ගසට ලබා දෙන්නේ ඉමහත් ගෞරවයක්.
නපුරු සිහින පෙනෙන්නේ නම් ඉන් මිදීමට යකි නාරං අත්තක බාරයක් ගැටගැසිය යුතු යයි ඔවුන් පවසනවා.
එසේම සරු පලදා ඇති ගස් ඇස්වහ කටවහවලින් ආරක්ෂා කිරීමටද යකිනාරං අත්තකට හැකි බව කියා සිටිනවා.

ශාකයේ සියලු කොටස් ඔසු ගුණයෙන් යුතු අතර විවිධ රෝග ප්රතිකාර සඳහා ඖෂධ ලෙස යොදාගන්නා බව සඳහන්.

අක්මා සෙම් රෝග වලදී මෙන් ම , උණ , අරුචිය අජීර්ණ, පක්ෂඝාත ස්නායු රෝග , සන්ධි ඉදිමුම්, ආමාතිසාර චර්ම රෝග , සන්නි රෝග, සර්ප විෂ ආදියේදී යකි නාරං කොළ මුල් පොතු ගෙඩි යොදාගෙන ප්රතිකාර කෙරෙනවා.

මුහුණෙන් කොටසක් අකර්මණ්ය වන අර්දිත තත්ත්වයේදී යකි නාරං කොළ කෙටූ ප්රලේපය ආලේප කරන බව සඳහන් .
සමේ කැසීම් වැනි චර්ම රෝගවල දී කොළ තැම්බූ වතුරෙන් සෝදනු ලබනවා.
පනු දද ආදියට ප්රතිකාර සඳහා ද කොළ යොදාගන්නවා.
අනෙකුත් පැඟිරි ගෙඩිවල මෙන්ම යකි නාරං ගෙඩියේ ලෙල්ලද පිළිකා නාශක ගුණයෙන් යුතු බව සඳහන්වනවා
ඉන් ලබාගන්නා තෙල් ආලේප කිරීමෙන් සන්ධි ඉදිමුම් , පක්ෂඝාත රෝග තත්ත්වවලදී සහන ලැබෙන බවද සඳහන්.

මීමැසි බමර විෂ දුරුකිරීමට යකිනාරං මුල් දෙහි ඇඹුලෙන් ගලගා කෑ මුඛයෙහි ගල්වනවා.
අජීර්ණ අතිවූවිට ශාකය කොටා යුෂගෙන ගිනියම්කළ යකඩයක් ඔබා මීපැණි මුසුකර ලබාදීමෙන් ගුණ ලැබෙන බවද සඳහන් කෙරෙනවා.
යකිනාරං රුධිරගත මේදය පාලනයටත් උපකාරිවන්නක්.
කරපිංචා හා හීන් බෝවිටියා සමග මාරුවෙන් මාරුවට යකිනාරං කැඳ පානය කිරීමෙන් කොලෙස්ටරෝල් මට්ටම යහපත් කරගත හැකි බව සඳහන්.

* යකිනාරං කොළ තැම්බූ වාෂ්ප ආග්රහණය කිරීම ප්රතිශ්යාවට සහනය ගෙනෙයි.

* කොළ කොටා මිරිකා ගත් යුෂ යොදා සකස්කරගත් කැඳ ප්රතිශ්යාවේදී සෙම පැසවීම සඳහා මෙන්ම රුධිරයේ මේදය පාලනය කිරීමටද ගුණදායකය.

* අර්දිත රෝගයට ප්රතිකාරයක් ලෙස යකිනාරං කොළ අඹරාගත් ප්‍රලේපය මුහුණේ ආලේප කරයි.

* අජීර්ණ අතිවූවිට ශාකය කොටා යුෂගෙන ගිනියම්කළ යකඩයක් ඔබා මීපැණි මුසුකර ලබාදීමෙන් ගුණ ලැබෙන බවද සඳහන් ය.

* සන්ධි ඉදිමීම, පක්ෂඝාත, අර්දිත ආදියට ගෙඩිවලින් ලබා ගන්නා තෙල් ආලේප කරයි.

* යකිනාරං කොළ තැම්බූ කෂායෙන් සේදීම කැසීම් සහිත චර්ම රෝග සඳහා ප්රතිකාරයකි.

* යකිනාරං කොළ කැඳ බහුලව පානය කරන්නේ නම් අක්මාව ආරක්ෂාවන බවත් එහි ඇතිවන සෙංගමාලය , ෆැටි ලිවර් ආදි ලෙඩ රෝගවලින් වැළකි සිටිමට හැකි බවත් සඳහන් වෙනවා. විසවීම් හා අසාත්මිකතා දුරුවන බවත් සෙංගමාලය සෑදුණුවිට එය පාලනය කිරීමටත් යකි නාරං කොළ කැඳ කිතුල් හකුරු සමග පානය කිරීමට ලබා දෙනවා.

* පනු දද ආදියට ප්‍රතිකාර සඳහා ද කොළ යොදාගන්නවා.

* මීමැසි හා බඹර විෂට යකිනාරං මුල් දෙහි ඇඹුලෙන් ගලගා කෑ මුඛයෙහි ගල්වනවා.

* යකිනාරං රුධිරගත මේදය පාලනයටත් කරපිංචා හා හීන් බෝවිටියා සමග මාරුවෙන් මාරුවට යකිනාරං කැඳ පානය කිරීමෙන් කොලෙස්ටරෝල් මට්ටම යහපත් කරගත හැකි වෙනවා.

* සම්බෝල සඳහා ගෙඩි යුෂ යොදා ගන්නා අතර විනාකිරි සමග මිශ්‍රකර රසකාරකයක් ද ඉන් සකසා ගනු ලබනවා.එය උණ නිසා ඇතිවන කෑම අරුචිය ද දුරුකරන්නක් වෙනවා.

* යකිනාරං බලි තොවිල් ගුරුකම් සඳහා ද යොදාගනු ලැබෙන අතර යාග හෝම ආදියේදී අවශ්‍යවන පස්පැඟිරි එකතුවට දෙහි , දොඩම් , නාරං , නස්නාරං , සිදරං සමග ගන්නවා.

* නපුරු සිහින පෙනෙන්නේ නම් ඉන් මිදීමට යකි නාරං අත්තක බාරයක් ගැටගැසිය යුතු යයි ඔවුන් පවසනවා. සරු පලදා ඇති ගස් ඇස්වහ කටවහවලින් ආරක්ෂා කිරීමටද යකිනාරං අත්තට හැකි බව කියා සිටිනවා.

* යකිනාරං කොළ දුම් ඇල්ලීමෙන් මඳුරුවන් පලවා හැරිය හැකිය.

 

පැඟිරි සහිත ගෙඩිවල මෙන්ම යකි නාරං ගෙඩියේ ලෙල්ලද පිළිකා නාශක ගුණයෙන් යුතු බව සඳහන්වනවා. විවිධ රෝග සදහා ප්‍රතිකාරවලට යකිනාරං ඒකීයව යොදා ගන්නා අවස්ථා රැසකි. එමෙන්ම දේශීය දළු අනුපානවල යොදන එක් ඖෂධ වර්ගයක් ලෙස යකිනාරං කොළ සහ පොතු භාවිතා කරයි. ඖෂධීය ශාක කිහිපයක් සමගද යකිනාරං ශාකය ඔසු පිණිස ගන්නා භාවිතයන් රාශියක් තවත් දැක්වෙ

 

===============================================

යකි නාරං
යක් නාරං
යටි නාරං
වල් නාරං
☘️
*️⃣ 1 - 2m උසට වැඩෙන ශාකයකි.
*️⃣ මෙහි කදේ සහ අතු වල කටු සහිත වේ .
*️⃣ මෙය පැගිරි කුලයේ ශාකයකි.
*️⃣ මෙහි පත්ර දිගටි ඔවලාකාර හැඩති පත්ර ලපටි කාලයෙ ලා කොල පැහැති වන අතර මෙරූ පත්ර තද කොල පැහැති වේ
*️⃣ මෙහි සුදු පැහැති පුෂ්ප මංජරි ඇති වේ.
*️⃣ මෙහි මංසල ඵලය තුල බිජ පවති.
*️⃣මෙවා බිජ සතුන් මගින් ප්රචරනය වන අතර මුල් මගින් නව ශාක ඇති විම මගින් ප්රචරනය විම වේ.
☘️ භාවිත රොග⤵️
*️
කැස්ස
*️
සෙම්ප්රතිශ්යව
*️
ඇදුම්
*️
අතීසාරය
*️
සන්නි රොග
*️
ආහාර අරුචිය
*️
උණ
*️
චර්ම රොග
*️
සර්ප විෂ
*️
කොලෙස්ටරොල්
*️
අක්මාවත් ආරක්ෂාවනවා
*️
සෙංගමාලය
☘️ භාවිත කොටස් ⤵️
ගෙඩි
කොල
මූල්
පොතු
☘️ සාදාගත හැකි ආහාර ⤵️
කැද
බීම
ආහාර රසවත් කිරිමට
☘️
⭕ සෙම්ප්රතිශ්යවෙදි ඇති වන ස්වසන අපහසු තා සදහා
*️
යකි නාරං පත්ර තැම්බූ වාශ්ප ඇල්ලීම
⭕ යකි නාරං කොල කැද සෙංගමාලය ට අක්මවෙ නිරෝගි පැවත්මටත් කොලෙස්ටරෝල් සදහා ද බෙහෙවින් ගුණ දෙයි.
⭕ බඹර හා දෙඹර දෂ්ඨන
*️
යකි නාරං මුල් දෙහි ඇඹුලින් ගල ගා දෂ්ඨ මුඛයෙ අලේප කරයි
⭕ චර්ම රොග වලදී
*️
යකි නාරං කොල තැම්බූ වතුරෙන් සෙදිම කරයි.
*️⃣ මෙහි ඵලය ශාන්ති කර්මවලදි යොදා ගනි.



===================================================================

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

No comments:

Post a Comment

කටුපිල -  Flueggea leucopyrus     ශ් ‍ රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් ‍ රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙ...