Monday 18 September 2023

මාදං

මාදං

මාදං ශාකය සදහා ජම්බු, ජාම්බව, මහාඵලා, නීලඵලා ආදී නාමයන් කිහිපයක් දැක්වෙන අතර ඉංග්රීසියෙන් Black plum, Java plum ලෙසටද, දෙමළෙන් ශම්බු, නාවල් කියාද, සංස්කෘතයෙන් ජම්බු, නීලඵලා, මහාඵලා, රාජඵලා ලෙසටද හදුන්වනු ලබනවා.

මාදං ශාකය

මාදං 30 m කට ආසන්නව උසක් දක්වා වර්ධනය වන කදින් වට ප්‍රමාණ මීටර් 3 m දක්වා විශාල වන දේශීය ශාකයකි. වියළි කලාපයේ සුලභව දක්නට ලැබුනත් සෑම පෙදෙසකම වර්ධනය වන ශාකයකි මාදං. දිය පහරවල් හා වැව් ඉවුරු ආශ්රිතව දැකගත හැකිය. මාදං වැව් ඉවුරුවල වැවීමට යෝග්ය ශාකයක් බව ඉපැරණි පිළිගැනීමකි. කඳෙහි මතුපිට පොත්ත ළා කහ දුඹුරු විය හැකිය. ඇතුලත පොත්ත ඝණකම් වන අතර තන්තුමය වේ. පත්ර තලය කහ කොළ පැහැතිය. ඉලිප්සාකාර සිට අණ්ඩාකාර ලන්සාකාර වේ. බහු අක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු පැහැතිය. කොළ පැහැති ඵලය හොඳින් ඉදුණුවිට දම් පැහැයක් ගනී. ඉදුණු ගෙඩි කුඩා දරුවන් ප්රිය කරන රසැති ගුණැති පළතුරකි. දැවමය වටිනාකම අතින් ඉහල මාදං ශාකය Myrtaceae කුලයට අයත් වෙයි.

 

මාදං හැමෝම දන්නා පලතුරු ශාකයක් වුවද ඌණ භාවිත පළතුරක් සේ හැදින්වීම සුදුසුයි. ලංකාව තුල දං ප්‍රභේද කිහිපයක්ම දක්නට තිබෙනවා. මාදං හා දඹ ලෙසින් හදුන්වනු ලබන්නේ එකම ශාකයක් බව සමහරුන් පෙන්වන අතර තවත් සමහරුන් එම ශාක දෙක එක ශාක කුලයකට අයිති ශාක දෙකක් බව කියයි. මාදං ගෙඩිය රවුමට මාංසල ගතිය වැඩි එක ලෙසටද දඹ කියන්නේ ගෙඩිය දිගැටියට මාංසල ගතියෙන් ටිකක් අඩු එක සෙ සදහන් කරන්නේ මාදං හා දඹ ශාක දෙකක් බව කියන්නො විසිනි. Syzygium ගනයට අයත් ශාක 30කට වඩා වැඩි ප්‍රමානයක් ලොව පුරාමද, ලංකාවට ආවේණික ශාක 20 ගනනාවක්ද දක්නට හැකිය.

 

දියවැඩියාව, අතීසාරය, රත්පිත්, රක්ත ප්රදර, වණ, පණු රෝග, ක්ෂය රෝගය, වමනය, කැපුම් සීරීම්, මුඛ රොග, දන්ත රෝග, ඇස් රෝග, පිලිස්සීම් වැනි රෝග අවස්ථා ගණනාවක් සඳහා ප්රතිකාර කිරීමට මාදං කොළ, දළු, පොතු, ගෙඩි, ඇට ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරයි. ඉතාමත් හොඳ යකඩ ප්‍රභවයක් වන මාදං වල අනෙකුත් ඛණිජ ලවන, සීනි සහ ප්රෝටීනත් අඩංගු වන බව කියැවෙනවා. ලඝු රූක්ෂ ගුණ යුත් මාදං විපාකයෙන් මධුර වන අතර ශීත වීර්ය වේ.


§  දියවැඩියාවට මාදං ඇට චූර්ණය සහ මාදං ඇට වියළා රන්වන් පැහැ වන තුරු කබලේ බැද කුඩු කර කෝපි මෙන් පානය කිරීම ගුණදායකය. එයටම මාදං පානය සහ පොතු කෂාය යෙදිය හැකිය.

§  ගෙඩි ඇට තම්බා බීමෙන් ලේ වල සහ මූත්රා වල සීනි ප්රමාණය ස්වභාවික සමතාවයකට පත් කරනු ලබන අතර අධික මූත්ර පිටවීමද වළකාලයි.

§  මාදං පොතු තම්බා ගත් කෂායෙන් කට සේදීමෙන් මුඛ රෝග රැසක් සුව වෙයි.

§  පිළිස්සුම් තුවාලවලට පොතු පුලුස්සාගත් අළු තල තෙල් සමඟ මිශ්රකර ආලේප කරයි.

§  තුවාල සේදීමට මාදං කොල , දලු තැම්බු වතුර භාවිතා කරයි.

§  රත්පිත් රෝගීන්ට මාදං කොළ කොටා ගත් යුෂ බීමට දිය හැකියි.

§  මාදං දලු යුෂ ආලේප කිරීමෙන් කැපුම් සීරුම් තුවාල ඉක්මනින් සුව වෙයි.

§  කොළ දලු යුෂ මී පැණියෙන් දීමෙන් වමනය නවතී.

§  මාදං යුෂ සමඟ තලතෙල් මිශ්ර කර සකස් කර ගන්නා තෙල් ශරීර දාහයට ආලේප කිරීමට සුදුසුයි.උණ රෝගීන් සඳහා මේ මිශ්රණයෙන් තෙත් කල රෙදි පටි නළලේ තබනු ලැබේ.

§  උපදංශ රෝගයට කොළයුෂ සමඟ සකස් කළ තෙල් සුවය ගෙනෙයි.

§  මාදං පොතු දන්තාලේප නිපදවීමට යොදා ගනී.

§  මාදං කොළවලින් නිස්සාරණය කර ගන්නා සුගන්ධ තෙල් රසකාරයක් ලෙස භාවිතා කරයි.

§  මාදං සහ අඹ සමාන ප්‍රමාන වලින් සකස් කර ගන්නා යුෂ දියවැඩියා රෝගීන්ට නිතර සෑදෙන පිපාසය සංසිඳවීමට ඉතාම සුදුසු බීමක්.

§  තරමක් අමු මාදං යුෂ ගෙන සකස් කර ගන්නා විනාකිරි ආමාෂයට ඉතාමත්ම හිතකර වෙනවා. මාදං ආහාර රුචිය ඇති කරවන කුසගිනි වඩවන අක්මාව උත්තේජනය කරන ආදී ගුණයන්ගෙන් සහිතයි.

§  මාදං යනු පලතුරු වර්ග අතර පවතින තවත් එක් රසවත් මෙන්ම ඖෂධීය ගුණයෙන් යුතු පළතුරකි. එනම් syzygium Cumini උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබන මාදං බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගු පලතුරකි. එනම් මාදං ආහාරයට ගැනීමෙන් නොයෙක් රෝග තත්ත්වයන් සමනය කර ගත හැකිය. දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ  ලඳු කැලෑ හා වියළි කලාපයේ වනාන්තර වල හා විදේශීය වශයෙන් බංග්ලාදේශය, ඉන්දියාව, මැලේසියාව,චීනය, ඉන්දුනීසියාව, වියට්නාමයආදී රටවලද මාදං බහුලව දැකගත හැකිය. 

§  මාදං ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග සුව කර ගත හැකිය. එනම් මාදං වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. එනම් යකඩ, මැග්නීසියම් ,විටමින් සී,බී, ඩී,ප්‍රෝටීන්, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්යනාදී බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ඒ අතරවේ.

මාදං පළතුරක් ලෙස ආහාරයට ගැනීමට අමතරව ඖෂධයක් ලෙස ආයුර්වේදය තුළ බහුලව භාවිතා කරනු ලබයි. එනම් ඒ සඳහා මාදං ගෙඩි, කොළ, පොතු ආදිය යොදා ගනී.

§  හෘද රෝග ඇති වීම වලක්වයි-

§  මාදං ආහාරයට ගැනීමෙන් බොහෝ දෙනකු පීඩා විඳින රෝගයක් වන හෘද රෝග ඇති වීම වළක්වා ගත හැකිය. එනම් මේ සඳහා මාදං වල අඩංගු පොටෑසියම් අධි රුධිර පීඩනය ඇතිවීම වළක්වා රුධිර නාල විස්තාරණය කර ක්‍රමවත්ව හෘදයට රුධිරය සැපයීම සිදුකෙරේ. මේ නිසා හෘදයාබාධ ඇති නොවේ. 

§  පිළිකා ඇතිවීම වලක්වයි.

§  වයස් භේදයකින් තොරව වර්තමානය වන විට බොහෝ දෙනෙකු ගොදුරක් බවට පත්කරගෙන ඇති පිළිකා රෝගය ඇතිවීම වැලැක්වීම සඳහා මාදං ආහාරයට ගැනීම ගුණදායකය. එනම් කරන ලද පරීක්ෂණ වලට අනුව තහවුරු වී ඇත්තේ මාදං වල අඩංගු ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල වලට එරෙහිව කටයුතු කරන බවයි. මේ නිසා පිළිකා ඇති පුද්ගලයින්ට මෙන්ම පිළිකා රෝගයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන පුද්ගලයින්ට මාදං යනු ඖෂධීය පලතුරකි.

§  ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරයි.

§  මාදං ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරගත හැකිය. එනම් මාදං වල අඩංගු විටමින් සී වැනි ප්‍රතිඔක්සිකාරක ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමට ඉවහල්වේ. එනම් මාදං ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් ඇතිවන රෝග එනම් වෛරස් බැක්ටීරියා උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගයන්ගෙන් ද ආරක්ෂා විය හැකිය.

§  චර්ම ගැටළු සුව කරයි 

§  -මාදං ආහාරයට ගැනීමෙන් සමේඇතිවන අදුරු පැල්ලම් ළප කැලැල් සුව කරගත හැකිය. එනම් මාදං වල අඩංගු විටමින් ඒසී සහ ඊ වැනි විටමින් සමෙහි අදුරු පැල්ලම් සමනය කර සම පැහැපත් කිරීම සිදුකරනු ලබයි.

§  ශරීර බර පාලනය කරයි

§  -බොහෝ දෙනෙකුට පීඩාවක් වී ඇති අධික ස්ථුල භාවය හෙවත් ශරීර බර පාලනය කර ගැනීම සඳහා ආහාරයට ගත හැකි ගුණදායක පලතුරක් ලෙස මාදං නම් කළ හැකිය එනම් මාදංවල අඩංගු වන්නේ අඩු කැලරි ප්‍රමාණයක් බැවින් එය ශරීර බර පාලනය කිරීමට වැඩි දායකත්වයක් ලබාදෙනු ලැබේ. මේ නිසා ශරීර බර පාලනය කරන පුද්ගලයින්ගේ ආහාර වේල් සඳහා මාදං එකතු කර ගැනීම වඩාත් සුදුසුවේ.

§  රුධිර සංසරණය ක්‍රමවත් කරයි-

§  රුධිර සංසරණය ක්‍රමවත් ව පවත්වාගැනීම සඳහා මාදං ආහාරයට ගැනීම ගුණදායකවේ. එනම් මාදං වල අඩංගු ප්‍රතිඔක්සිකාරක එන්සයිම මගින් රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රුධිර සංසරණය ක්‍රමවත් කිරීම සිදු කරයි.

§  දියවැඩියාව ඇතිවීම පාලනය කරයි-

අනෙකුත්  රෝගවලට මෙන්ම දියවැඩියා රෝගය සඳහා ද මාදං ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මාදං ආහාරයට ගැනීමෙන් රුධිරගත ග්ලූකෝස් මට්ටම අවම කිරීම සිදුකර ගත හැකි නිසා දියවැඩියාව ඇතිවීම පාලනයවේ. මේ නිසා දියවැඩියා රෝගීන්ට ද ආහාරයට ගැනීමට සුදුසු ගුණදායක පලතුරක් ලෙස මා දං හැඳින්විය හැකිය.

§  මුඛ රෝග සමනය

මුඛ රෝග සමනය කිරීම සඳහා ද මාදං ආහාරයට ගැනීම ගුණදායකය. එනම් උගුර ආශ්‍රිත ඇතිවන ආබාධ විදුරුමස්වලින් ලේ ගැලීම ආදී රෝග තත්ත්වයන් සමනය කර දත් ශක්තිමත් කර ගැනීමට  මාදං  ආහාරයට ගැනීම යෝග්‍යවේ.

·         මූත්‍ර රෝග සමනය කිරීමට

·         මළබද්දය සමනය කිරීමට

·         ආහාර අරුචිය දුරු කිරීමට

මේ ආදී වූ රෝග රැසකට  මාදං ආහාරයට ගැනීම ගුණදායකය. නමුත් දියවැඩියා රෝගීන් මාදං ආහාරයට ගැනීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එනම් නිතිපතා මාදං ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනි මට්ටම අසාමාන්‍ය ලෙස පහත බැසිය හැකිය. එමෙන්ම මාදං නිතිපතා වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් උණ ,කැස්ස වැනි රෝග තත්ත්වයන් වුවද ඇතිවිය හැකිය. එම නිසා මාදං ආහාරයට ගැනීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

===============================================================

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

No comments:

Post a Comment

කටුපිල -  Flueggea leucopyrus     ශ් ‍ රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් ‍ රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙ...