Monday 18 September 2023

කැඳ සහ විවිධ රෝග වලට පානය කළ යුතු කැඳ

 

කැඳ සහ විවිධ රෝග වලට පානය කළ යුතු කැඳ

හෙළයන් විදි‍යට කොළ කැඳත් එක්ක සමීපම නෑදෑකමක් අපට තිබෙනවා. වෙද මහතා වගේම ගැමියනුත්කොළ කැඳ ගුණ මැනවින් දනිති. උදෙන්ම කොළ කැඳ කෝප්පයක් බිවම සිරුරට දැනෙන ප්‍රාණවත් බව ගැන හැමෝම නොදන්නවා නොවුනත්, ඇයි අපි තවමත් අප්‍රාණික කෙනෙක් දැක්කාම කැඳ බීලා වගේ කියන්නේ? මේකත් අපේ ආහාර පිළිවෙත අපෙන් ඈත් කරන ශූක්ෂම උපක්‍රමයක් නොවෙද? බොහෝ කැඳ වර්ග අප රටේ පරිසරය අනුව දියුණු කර ගත්, පුරුදු කර ගත් ඒවායි.බොහෝ දෙනෙක් උදෑසන ආහාරයක් ලෙස පුරුදු කර ගත් කොළ කැඳ වල ඖෂධීය සහ ආහාරමය අගය මෙසමයෙහි නැවත විමසිය යුතු යැයි හැඟේ.


කැඳ ව‍ර්ග කිහිපයක්? ඔව් කැඳ වර්ග කිහිපයක් අපේ ගැමියන් අතර දකින්න පුළුවන්. ඒ අතර මේ වගේ වෙනස්කම් දකින්න පුළුවන්. කොළ කැඳ ඖෂධීය පත්‍ර යුෂ,පොල්කිරි, සහල්, ජලය සමඟ සකස් කර ගන්නා කැඳ. ලුණු කැඳ සහල්, ජලය, ලුණු සමඟ සකස් කර ගන්නා කැඳ. බැදි හාල් කැඳ කබලේ බඳින ලද සහල්, ජලය, ලුණු සමඟ සකස් කර ගන්නා කැඳ.

කොළ කැඳ විශේෂයි? සාමාන්‍යයෙන් කොළ කැඳ සඳහා යොදා ගන්නා ශාක පොඩි දරුවන් පවා හොඳින් හඳුනන්නේත් නිවෙස් වල වගා කර ගන්නේත් බොහෝ කොළ කැඳ වල ප්‍රධාන අංගය පැළෑටි වන බැවිනි. අද නම් කැඳත් නෑ නොකියා හරියට හදා ගමු? ආහාරමය සහ නිරෝගී බව ආරක්ෂාව සඳහා පිළියෙල කර ගන්නා කැඳක් හදා ගන්න විදිය මෙතනදි කතා කරමු.මොකද වෙද මහත්තයා රෝගීන් සඳහා යොදනු ලබන සමහර කැඳ වර්ග වල වෙනස්කම් ඒ ඒ රෝගීන්ට විශේෂ වෙනව. නිතර නිතර පිස ගන්නා කැඳ සඳහා පොල්පලා, ගොටුකොළ, මුකුණුවැන්න, හාතාවාරිය, වැල්පෙනෙල, ඉරමුසු යොදා ගනු ලබනවා.

නිවුඩු කැකුළු හාල් මිටක්, කොළ ග්‍රෑම් 100ක්, පොල් කිරි අඬු කෝප්පයක්, ජලය අඬු කෝප්ප 07ක්, ඉඟුරු, සුඳුළූණු, උළුහාල්, ලුණු අවශ්‍ය ප්‍රමාණයට ද්‍රව්‍ය කොළ කැඳක් හදා ගන්න අවශ්‍ය වෙනවා. දැන් හදා ගන්න විදියත් පිළිවෙලින් කියන්නම්. මේකට මැටි මුට්ටියක් තමයි හොඳ. ජලය දමලා ගරා ගත්තු සහල් සමඟ ඉඟුරු, සුදුළූණු, උළුහාල්, ලුණු එකතු කරගෙන බත බෙරි වනතුරු තම්බා ගන්න. මේ වෙනකොට තෝරා ගත්තු කොළ වර්ගය හොඳින් නැවත නැවත කොටල හැකි පමණ යුෂ අරන් තියෙන්නත් ඕන. ඔන්න ඊට පස්සේ මේ යුෂ ටික, පොල් කිරි සහ ජලය මේ බතට එකතු කර ගන්න. පස්සේ වරක් නටන තුරු හොඳින් හැඳි ගාන්නත් වෙනවා.වරක් නටනකොට ලිපෙන් බා ගන්න අමතක කරන්න එපා.මේ හදා ගත්තු කැඳ කිතුල් හකුරුත් එක්ක උදේම බොන්න පුළුවන් නම් නිරෝගි බව මෙන්ම ශරීරයටද සැප වේවි.

ඒ ඒ කැඳ වල විශේෂ ගුණ තිබෙනවාද? ඇත්තටම ඔව්. හැමෝම දන්නවානෙ ගොටුකොළ කැඳ පොඩි දරුවන්ට බුද්ධිය වඩන්න හොදයි කියලා ඒත් ගොටුකොළ කැඳ වෙන රොග වලටත් හිතකර බව දන්නවාද?ඒ ගැනත් කියන්නම් එහෙමනම්.

ගොටුකොළ කැඳ බුද්ධිය වඩයි. පණු රෝග, සම ආශ්‍රිත රෝග නසයි. එළබටු කොළ කැඳ- පීනස, ඇඳුම, කැස්ස ආදී සෙම් රොග නසයි. කරපිංචාකොළ කැඳ සර්ප විෂ සඳහා සහ ශරීරයේ විෂ නැසීමට ඉතා සුදුසුයි. කෑම අරුචිය, අජීර්ණ සඳහා සහ විශේෂයෙන්ම කොලෙස්ටරෝල් වැඩි රෝගීන් සඳහා ඉතා සුදුසුයි. හාතාවාරිය කොළ කැඳ ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ ආබාද, රත් පිත් දෝෂ, වඳ බව, ක්ෘෂ බව, ශරීර දාහය නසන අතර මව්වරුන්ගේ කිරි වැඩීමට සහ ශරීර පුෂ්ඨිමත් කිරීමටද ගුණයි.(හාතාවාරිය අලත් භාවිතයට ගත හැකියි) ඉරමුසු කැඳ සමේ රෝග, මූත්‍ර රෝග වලට ගුණදායකයි. දාහ නසයි. ලේ පිරිසිදු කරයි. මොණරකුඩුම්බිය කැඳ වකුගඩු රෝග සඳහා විශේෂයෙන් ගුණ දෙයි. පණු රෝග, ඇස් රෝග නසයි. ඔන්න හිසකෙස් ගැන සැළකිල්ලක් දක්වන ඔබට වැදගත් වන කැඳක් සතියට දෙවරක් බීවා නම් අකලට හිස කෙස් පැසීම ආදී කේශකල්‍යාන රෝග සියල්ලක්ම නසයි. රණවරා කොළ කැඳ වකුගඩු රෝග නසයි. දියවැඩියාව, මූත්‍රාබාධ, සමේ රෝග සඳහා ගුණයි. බෙලි කොළ කැඳ පිපාසය සංසිඳවයි. අජීර්ණ,දාහය, බඩගිනි මද බව, අරුචි සඳහා ගුණයි. ඔන්න ගැස්ට්‍රයිටීස් කිය කිය කෑ ගහන අයට හොඳ කැඳක් ආමාශ ගත තුවාල සඳහා විශේෂයෙන් ගුණදායකයි. ඉඟුරු කොළ කැඳ පීනස් ආදී සෙම් රෝග, උදරාබාද, අරුචි, බඩගිනි මඳ බව ආදියට ගුණදායකයි. කොහිළ අල කැඳ ඕන්න වැඩිපුර කේන්ති යන අයට කියාපු කැඳ. අර්ශස්, ලේ යන අර්ශස්, මළැ බද්ධය, බඩවැල් වල තුවාල ආදියට විශේෂයෙන් ගුණ දෙයි. කිලිමාලය (යෝනි මඟින් නොනවත්වා රුධිරය පිට වීම) සඳහාද විශේෂයෙන් ගුණයි. (දඩු සහ දළුද යොදා ගත හැකියි) සුදු හඳුන් කොළ කැඳ රත්පිත්, දාහය, ක්ලාන්ත ගතිය නසයි.මූත්‍ර දාහය නසන අතර ප්‍රදර රෝග ස්ෘතු රෝග සඳහා ගුණ දෙයි. පොල්පලා කැඳ මූත්‍ර රෝග, දැවිල්ල, මූත්‍ර ගල් සඳහා යෝග්‍ය අතර මූත්‍ර පද්ධතිය පිරිසිදු කරයි. වැල්පෙනෙළ කැඳ මේ දවස් වල බොහෝ දෙනෙක් ප්‍රතිකාර විමසූ ගැටළුවක් ආයෙ ලැජ්ජ වෙන්න ඕන නැහැ ඔන්න. පුරුෂ ශක්තිය වැඩි කරයි. නහර දුර්වලතාවය නසන අතර ධාතු පෝෂණය කරයි. විෂ්ණුක්‍රාන්ති කැඳ මී මැස්මොරට, නින්ද අඩු කමට,උන්මාද රෝග වලට ගුණ දෙයි. ක්ලාන්තය සහ කල්පනාව මඳ බවටද ගුණයි. හීන්බෝවිටියා කැඳ හැමදාම අඩියක් ගහන අය සතියකට වරක් වත් බොනවානම් හොඳ කැඳක් ඔන්න. අක්මා රෝග වලට ඉතා සුදුසුයි. සෙංගමාලය, වකුගඩු රෝග, පිත්තාශයේ ‍රෝග සඳහා ගුණයි. උඳුපියළිය කැඳ ඇස් රෝග වලට හිතකර අතර මළ සමඟ ලේ යාම සහ සීදන් යාම, ග්‍රහණි රෝග නසයි. මුගුණුවැන්න කැඳ ඇස් පෙනීම දියුණු කරයි. හිසකෙස් වර්ධනය කරයි. පීනස් රෝග නසයි.

රෝග වලට යොදන කැඳ ගැනත් දැන ගන්න කැමතිද? එක් එක් රෝග අවස්ථා සඳහාත් කැඳ වර්ග යෙදීම දේශීය වෙදකමේ දක්නට ලැබෙන විශේෂයක්. බොහෝ රෝග මේ වගේ කැඳ කිහිපයකින්ම සුව වීම මා විශේෂයෙන් අත්දුටු කාරණාවක්. එහෙම එක් එක් රෝගයන්ට හොඳ කැඳ කිහිපයකුත් කියා දෙන්නම් හැම දෙනාගෙම සුවය පතා.

අර්ශස් වලට කොහිල අල කැඳ, වැල්කොහිල කැඳ, ලේ යාම පවතින විට කරල්සැබෝ කැඳ. සෙංගමාලයට යකිනාරං කොළ කැඳ, හීන්බෝවිටියා කොළ කැඳ, හාතාවාරිය කොළ කැඳ, මොණරකුඩුම්බිය කොළ කැඳ. මාන්දමට කොක්මොට සහ පනම්පෙති කැඳ, ඉරමුසු සහ හාතාවා‍රිඅ කැඳ (මාන්දම සඳහා කැඳ සකස් කිරීමේදී පොල්කිරි සහ ලුණු එකතු නොකල යුතු අතර ගිතෙල් සහ සවිඳ ලුණු ස්වල්පයක් එක් කල යුතුයි). ශ්වේත ප්‍රදර හාතාවාරිය කොළ කැඳ, පොල්පලා කොළ කැඳ, වැල්පෙනෙල කොළ කැඳ. මූත්‍ර රෝග නීරමුල්ලිය කැඳ, ඉරමුසු කැඳ, රණවරා කැඳ, පොල්පලා කැඳ. සුදු කබර දිවුල් කොළ කැඳ. අක්ෂි රෝග කීකිරිඳිය කැඳ, මුගුණුවැන්න කැඳ. කල් පවතින කැස්ස එළබටු දළු කැඳ, වැල් තිබ්බටු කොළ කැඳ. සර්ප විෂ කරපිංචා කොළ කැඳ, කොටදිඹුලා කොළ කැඳ (මූත්‍ර මඟින් ලේ යන අවස්ථාවලදී බෝ පොතු කැඳ වෛද්‍ය උපදෙස් මත යෙදේ). මී විෂට දිවුල් කොළ කැඳ, රුක් අඟුණ කොළ කැඳ (මීයකු සපා කෑ විගස එම ස්ථානය රත් කල රන් කරාඹුවකින් පුළුස්සා මෙම කැඳ මාරුවට දින කිහිපයක් පානය කිරීම ඉතාම සුදුසුයි.සැළකිල්ලක් නොදක්වා සිටීමෙන් අතුරු ප්‍රථිපල‍යක් ලෙස පසු කාලීනව සුදු කබර ඇතිවිය හැකියි.)

අප අවට මෙසේ වැඩෙන , වවාගත් හැකි සහ වවා ගත යුතු ශාක බොහෝමයක් බව දනිමු.දේශීය වෙදකමේදී නිතරම භාවිතය්ට ගැනෙන මේ පැළෑටි වලින් කිහිපයක් හෝ ඔබ නිවසේ වවා ගන්නේ නම් සහ සතියට දින තුනක් වත් මේ එක් එක් කැඳ වර්ගයක් පානය කිරීමට ඔබට සිත් වූයේ නම් ඔබගේ දිවිය නීරෝගිමත් සුන්දර වනු නොඅනුමානය. මේ ශාක අප ශරීරය නීරෝගීව පවත්වා ගැනීමට බෙහෙවින්ම උපකාරී වනු සේම ස්වභාවික පරිසරයෙන් අපට ලැබෙන මේ දායාදයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගත ‍යුතුමය. විවිධ ආකාරයෙන් කැඳ සකස් කරන අයුරු, එක් කරන වෙනත් දෑ, ඔබේ රෝග වලට කැඳ යොදා ගත් අත්දැකීම් ආදියෙන් ලිපියෙ ඌණ පුර්ණයට විද්වත් ඔබ සැමට ආරාධනා කරමි. තෙරුවන් සරණයි.
පවතින වසංගත තත්ත්වයට හොඳින් මුහුණදීම සඳහා ශරීරයෙහි ප්‍රතිශක්තිකරණය ඉතාමත් වැදගත් සාධකයක් වීම් හේතුවෙන් අන් කවර කාලයකටත් වඩා ප්‍රතිශක්තිකරණය ගැන මේ කාලයේදී ඔබ උනන්දුයි. අද අපි මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ඔබේ ප්‍රතිශක්තීකරණය ඉහළ නංවමින් ආරක්ෂාව තහවුරු කරන ආයුර්වේදයේ එන සුවිශේෂී කැඳ වර්ග කිහිපයක් ගැනයි.

ප්රතිශක්තිකරණ වඩන මේ සුවිශේෂී කැඳ වර්ග මොනවාද?

1.     හීංබෝවිටියා කැඳ

2.     යකිනාරං කැඳ

3.     කරපිංචා කැඳ

4.     මොණරකුඩුම්බිය කැඳ

1) හීංබෝවිටියා කැඳ

1.     මෙම කැඳ වර්ගය මගින් ප්රතිශක්තිකරණය ඉහළ දැමීම වගේම තවත් ප්රයෝජන බොහොමයක් ලබා දෙනවා.

2.     ප්රතිශක්තිකරණය ඉහළ නැංවීම

3.     සෙම් රෝග පාලනය

4.     අක්මා ගත රෝග වල්ට ඉතාමත් ගුණදායකයි
ශරීරය පිළිකා ශෛල විනාශ කිරීම

5.     ආහාර දිරවීම පහසු කිරීම

6.     අක්මා සෛල ආරක්ෂා කිරීම

2) යකි නාරං කැඳ

මෙම කැඳ වර්ග යේ ගුණ:

1.     සෙම් රෝගවලට ඉතා ගුණදායකයි

2.     ප්රතිශක්තිකරණය ඉහළ නැංවීම

3.     කොලෙස්ටරෝල් පාලනය

4.     හෘද රෝගවලට ඉතාමත් ගුණදායකයි

5.     ශරීරය පිළිකා ශෛල විනාශ කිරීම

6.     ඇදුම රෝගයට ඉතා හොඳයි

3) කරපිංචා කැඳ

මෙය ඔබ කොලෙස්ටරෝල් සදහා භාවිතා කරන ඔබ හොදින් දන්න කැද වර්ගයක්.නමුත් මෙයත් ප්රතිශක්තිකරණයට ඉතා ගුණදායකයි .

මෙම කැඳ වර්ග යේ ගුණ:

1.     ප්රතිශක්තිකරණය ඇති කිරීම

2.     කොලෙස්ටරෝල් පාලනය

3.     දියවැඩියාවට ඉතාමත් ගුණදායකයි

4.     ශරීරය පිළිකා ශෛල විනාශ කිරීම

5.     ආහාර අරුචිය නැති කරයි

6.     ශරීරයේ විස ඉවත් කරයි

7.     සෙම නැසීමට ඉතා හොද බැවින් කොරෝනා වෛරසයට එරෙහිව ඉතා හොදින් ක්රියා කරයි

4) මොණරකුඩුම්බිය කැඳ

මෙම කැඳ වර්ග යේ ගුණ:

1.     ලේ පිරිසිදු කිරීම

2.     ප්රතිශක්තිකරණය ඉහළ නැංවීම

3.     ආහාර දිරවීම පහසු කිරීම

4.     අක්මාවේ ක්රියාකාරීත්වයට

5.       ඇදුම රෝගයට ඉතා හොඳයි

===================================================================

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

No comments:

Post a Comment

කටුපිල -  Flueggea leucopyrus     ශ් ‍ රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් ‍ රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙ...