Monday 26 September 2022

පාවට්ටා ( Pawatta )

 


ගස් සහ වැල්

විශ්වය නිර්මානයේදී ජීවීන්ගේ අවශ්‍යකා මෙන්ම විශ්වයේ පැවැත්ම සදහා නිර්මානය වි ඇති බැව් මනස දියුණුවට පත් මහජනතාව විසින් දැනගත යුතු වුවත් වර්තමානයේ ඒවා විනාශ කරමින් සිටිනා අයුරු දැකිය හැක.එය එසේ වුවත් මිහිපිට ඇති ජීවින් ඒ සැම දෙයක්ම ආරක්ෂා කරමින් විශ්වයට තමන් පැමිණී කාර්්‍යය කරමින් සිටි.මෙම ලිපියෙන් ගස් වැල් සහ ඒවායේ ජීව බලය පිළීබදව කෙටියෙන් විස්තර ඉදිරිපත් කර ඇත්තේ නිරෝගීව දිවි ගෙවීමට කැමැත්තක් දක්වන සහ මේ පිළීබදව සොයා දැන ගැනීමට කැමැත්තක් දක්වන අයවලුන්ට වැදගත් යැයි අදහස් කර ඇති බැවින් ඉදිරිපත් කරන ලදී.තවත් විස්තර ඔබ විසින් සොයා බලමින් ඒවාගේ ජීව බලයන් පිළිබදව තම මනසේ ශක්ති ප්‍රමාණයෙන් සොයා දැන ගැනීමට කටයුතු කල යුතුයි...එසේ සදහන් කරනු ලබන්නේ එයද තම මනස වර්ධනය කර ගැනීමටත් මහගු අස්වැසිල්ලක් වන බැවින් යැයි සදහන් කරමි.එමෙන්ම 

සෙම් රෝග සන්ධි රෝගවලට ගුණ දෙනඅත්‍යවශයම කාරණා අතරට ගැනෙන ලෙඩ රෝගවලදී අවශ්‍ය වන ඖෂධ සඳහා ශාක ලෝකය ඉදිරියෙන් සිටියි. “ගහක මුලක පත්‍රයක ගෑවුනත් ඇති ලෙඩ රෝග සුව වන්න” යන මතය පැවතෙන්නේ ශාක ලෝකයේ පවතින විශ්මිත බව අතීතයේ ගැමියා දන්නා බැවිනි. ඒ අනුව ඒ විශ්මිත ශාක ලෝකයේ අරුමය වන මේ ඖෂධීය ශාකවල වටිනාකම හඳුනා ගත යුතුය.ඖෂධීය තැවිලි පොට්ටනි මිනිස් අවශ්‍යතා සපුරාලීමට පරිසරයෙන් ලැබෙන බොහෝ දෑ අතරට ශාක ලෝකයෙන් ලැබෙනුයේ මහත් සේවාවකි. 

මෙම වෙදකම නිසි අයුරින් හැදෑරීමට සහ ඉන් නිසි ප්‍රතිපල ලබාගනිමින් නීරෝගීව දිවි ගෙවීමට නම් මේ පිළිබදව දනගත යුතුය..

පාවට්ටා ( Pawatta ) 

පාවට්ටා ( Pawatta ) ශ්‍රි ලංකාවේ බොහොමයක් ග්‍රාමීය ප්‍රදේශ වල ඉතා සුලබ එසේම ඖෂධීය වටිනාකමෙන් අනූන වු අන් කිසිදු ඖෂධීය ශාකයකට දෙවැනි නොවනා ඖෂධීය වටිනාකමක් ඇති ශාකයයි. රටේ විවිධ ප්‍රදේශ වල මහජනතාව විසින් පාවට්ටා, ආඩතෝඩා, අගල්ලාදාර, වංඇපල වැනි නාමයන්ය. ප්‍රාදේශිය වශයෙන් විවිධ නාමයන් භාවිතා කලද ඉහත සියළුම නාමයන්ගෙන් හදුන්වන්නේ එකම ඖෂධීය ශාකයකි. එනම් පාවට්ටාය.

ආයුර්වේදය තුල වාසා, වාසක, වාසිකා, සිංහමුඛී, සිංහාස්‍යා, වෘෂා, වෛද්‍ය මාතා යන පර්යාය නාමයන්ගෙන් හදුන්වන මෙම ශාකය මෙතරම් වැදගත් වන්නේ ඇයි? 

යම් ඖෂධීය ශාකයක පංචාංගයම (කොළ, පොතු, මුල්, මල්, නැටි) ඖෂධ යෝගයන් සදහා භාවිතා කරන අවස්ථාවන් ආයුර්වේදය තුල හමුවන්නේ විරල වශයෙනි. වාසා නැතහොත් පාවට්ටා එසේ පංචාංගයම ප්‍රයෝජනයට ගන්නා විරල ඖෂධීය ශාකයන් අතුරෙන් සුලභවම සොයා ගත හැකි ඖෂධීය ශාකයක් වේ. 


ත්‍රිදෝෂ ජනිත විවිධ රෝගාවස්ථාවන්‍ට ප්‍රතිකාර කිරීමේදි මෙම ශාකයේ විවිධ කොටස් විවිධ අකාරයන්ගෙන් ප්‍රයෝජනයට ගැනේ.

පත්‍ර ගන්න විට සෑම විටම ගත යුත්තේ ගහේ වැඩෙන නැවුම් පත්‍රයි. 

සමහර අවස්ථාවල නැවුම් පත්‍ර අරගෙන මද අව්වේ වියළිමෙනුත් ඹෘෂධ සාදන අවස්ථා තිබෙනවා. දේශීය චිකිත්සාවේ දැක්වෙන බොහෝ ඹෘෂධ භාවිතයේදී අනුපාතයක් ලෙස ආඩතෝඩ ඔසුව බහුල වශයෙන් භාවිත කරනවා. අංශභාගය රෝගයට දෙන මහ දලු අනුපාතය සාදන්නත් ආඩතෝඩ කොළ යොදා ගන්නවා.

දෙහි, ‍දොඩම්, නික සහ පාවට්ටා දලු සමව අරගෙන පොට්ටනියක් බැඳ වණ්ඩුවේ තම්බා ඉස්ම ගන්නව නම් ඒ ඔෂධය අංශභාග රෝගීන්ට සුවයට ඉතාම ගුණයි. අංශභාග රෝගයට භාවිත කරන හෙළ ඔෟෂධ සමඟ මේ දලු අනුපාතයක් ගැනී වැදගත්. 

ඒ වගේම සෙම් රෝග (ඇදුම, කැස්ස, පෙණහලු ආශ්‍රිත ඕනෑම රෝගයකට) ආඩතෝඩ සාමාන්‍යයෙන් පෙණහලු ආශ්‍රිත රෝග සුවයට තමයි ඉතාම වැදගත් වෙන්නේ. 

ආඩතෝඩ මල් කැකුළු අරගෙන මඳක් වියළා උණ වතුරට මිශ්‍ර කර බොනව නම් පෙණහලු ආශ්‍රිත සෑම රෝගයකටම එය හොඳ ඔෟෂධීය පානයක්. අධික සෙම නැති කරන්නත්, කැස්ස, ඇදුම, උගුර වේදනාව නැති කරන්නත් මේ පානය ඉතා ගුණදායකයි. 

ආඩතෝඩ කියන්නේ කාස හාර (කැස්ස නැති කරනා) ද්‍රව්‍යයක්. ඒ වගේම ස්වාසහාර (පෙණහලු රෝග නැති කරන) ද්‍රව්‍යයක්. 

කැස්ස, පීනස, සෙම වගේ පෙණහලු ආශ්‍රිතව හටගන්නා සෑම රෝගයකටම ගුණයි.ඒ වගේම කුෂ්ඨ රෝගීන්ට ආඩතෝඩ කොළ කෂාය දිනපතා බීමට දෙනව නම් කුෂ්ඨ රෝගය ක්‍රමක්‍රමයෙන් සුව වීමටත් එය බලපානවා. 

ඒ වගේම උෂ්ණ කාලවලදී අධික ලෙස දහදිය දැමීම, දහදිය බිබිළි හට ගැනීමේ අවදානම නැති කිරීමටත් මේ ආඩතෝඩ කොළ කෂාය ගුණදායකයි. 

ආඩතෝඩ කොළ දැමූ මුට්ටියකට වතුර පත අටක් දමා එය පත එකට සඳුවා හොඳින් පෙරා උදේ සවස පත භාගය බැගින් උක් හකුරු සමඟ පානය කිරීම පමණයි ඔබ කළ යුත්තේ. පෙර කී සෑම රෝගයක්ම සුව කරන්න එය ගුණදායක කෂායක්. ඒ වගේම මුත්‍ර දැවිල්ල, මුත්‍රා අඩස්සිය, මුත්‍ර ගල් වැනි රෝග අවස්ථාවලදී ආඩතෝඩ ගහේ පංචාංගයම අරගෙන (මුල්, මල්, පොතු, කොළ, නැටි) හොඳින් කශායක් හදා දිනපතා උදේ සවස පත භාගය බැඟින් දින හතක් පමණ බොන්න. සෑම මුත්‍රා රෝගයකටම එය ගුණදායකයි. 

ඒ විතරක් නෙමෙයි රුධිරය පිටවන අතීසාර විට, මල බුරුලෙන් පිටවන රෝග අවස්ථාවක් ආවිට ආඩතෝඩ ඔසුවෙන් අගනා ඔෟෂධයක් සාදා ගන්න ඔබට පුළුවන්. එහි නම 'වාසා පුටපාක' ලෙසයි හඳුන්වන්නේ. ආඩතෝඩා පංචාංගයම අරගෙන හොඳින් කොටා ඒ මිශ්‍රණය කෙසෙල් කොළේක ඔතා ඒ මතුපිට මැටි ආලේප කරන්න. ඉන් පසුව හොඳින් අව්වේ වියළාගෙන උණු අළු පල්ලේ එය හොඳින් තම්බන්න. මැටි පිලිස්සී රන්වන් පැහැය ආ විට මැටි සහ කෙසෙල් කොළය ඉවත්කර අර ද්‍රාවණය හොඳින් මිරිකා යුෂ පෙරා කුඩා බෝතලයකට ඒ යුෂ එක් කර ගන්න. ඉන්පසු වරකට ඒ යුෂ තේ හැඳි 2ක් බැගින් දිනපතා උදේ සවස ඒ ඔෟෂධීය යුෂ පානය කරන්න. අතීසාරය, මල බුරුලෙන් යෑම වැනි රෝග සුවයට වගේම කැස්ස, ඇදුම ආදී ශ්වසනාබාධ සුව කරන්නත් මේ වාසා පුටපාක ඔෟෂධය ඉතාම ගුණදායකයි. 

ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ මෙය තිත්ත රසින් යුත් ඔෟෂධයක් ලෙසයි හඳුන්වා ඇත්තේ. තිත්ත රස වුණත් මේ ඔෟෂධය ඇත්තටම ජීවිතයට නව රසක් ලබා දෙන දිව්‍යමය ඔෟෂධයක්. ඇතැම් විට අර්ශස් රෝගය වැඩිවීම නිසා අර්ශස් ගෙඩි පවා හට ගැනීමෙන් ඇතැම් අය පීඩාවට පත්ව සිටිනවා. එවන් රෝගීන් පාවට්ටා කොළ කොටා වණ්ඩුවේ තම්බා අර්ශස් ගෙඩිවල තවන්න. දිනපතා මෙලෙස තැවීම කළොත් අර්ශස් ගෙඩි නැතිවෙලා යනවා. 

පාවට්ටා හෙවත් ආඩතෝඩ කියන්නේ අපේ සිංහල දේශීය වෛද්‍ය ක්‍රමයේ අගනා ඔෟෂධයක් වගේම, මුස්ලිම් 'යුනානි' වෛද්‍ය ක්‍රමයේත් සිද්ධ වෛද්‍ය ක්‍රමයේත් භාවිත කරන හොඳ ඔෟෂධයක්. යුනානි වෛද්‍ය ක්‍රමයේ 'ශබතේ සෝල්' නමැති ඔෟෂධයේත් පාවට්ටා අන්තර්ගතයි. එය වෙළෙඳපොළේ ශ්වසන රෝග සඳහා පවතින හොඳ ඔෟෂධීය පැණියක්.

හෙළ වෛද්‍ය ක්‍රමයේත්, යුනානි වෛද්‍ය ක්‍ සෙම් රෝග නසන පාවට්ටා මුළු පංචාංගයම ඖෂධ පිණිස ගන්නා පාවට්ටා ශාකය මඟින් කුඹුරට ජලය සපයන ජල මාර්ගවල සිටවූ විට එහි මුල්වලින් පිටකරන රසායන වර්ග ජලයේ දියවෙන නිසා යම් පලිබෝධ මර්දනයක්ද සිදුවීම සුවිශේෂී කරුණකි. 

ආයුර්වේදයේදී ලැබෙන ඖෂධීය ගුණාංගයට අමතරව මින් ලැබෙන සේවාව අතිමහත්ය. 

ආයුර්වේදයේ අවධානය යොමුවන්නේ ඖෂධ හා ගුණ කර්ම ගැනවිම නිසා පාවට්ටාවල පවතින ආයුර්වේද ගුණාත්මක භාවය. 



වෙනත් ප්‍රයෝජන

* වැටට සිටුවීමට හොඳින් ගැලපේ. බෑවුම් සහිත වගාබිම්වල හා අගල්වල ඉවුරේ පාංශු සංරක්ෂක ලෙස සිටුවීමට යොදා ගනි. 

* පාවට්ටා පත්‍ර, දුම්කොළ, අනෝදා ඇට යනාදිය කොටා යුෂ ලබාගෙන එම යුෂ ජලය සමඟ මිශ්‍ර කර කෘමි නාශකයක් වශයෙන් භාවිතා කරයි. 

* බුලත් කොටු වටා පාවට්ටා වැටක් ලෙස සිටුවීමෙන් බුලත් වලට බැක්ටීරියා රෝග බෝවීම වැළකෙන බව විශ්වාස කෙරේ.

* ගැමියන් කුරක්කන් පිට්ටු සමඟ පාවට්ටා දළු මැල්ලුම් සාදා කෑමට ගනී. 

* දුම්කොළ වෙනුවට බුලත්විට සඳහා කෑමට ගැනීමෙන් සුරුට්ටු ලෙස දුම්බීමටත් උපයෝගී කොට ගනී.

* පලතුරු ඇසීරීමේදී ආඩතෝඩා (පාවට්ටා) කොළ යෙදූ කල දිලීර නාශක ගුණයක් ඇත. 

* ආහාර හිඟ කාලවලදී විදේශීය වැසියන් ළපටි පාවට්ටා දළු තම්බා ලුණු සමඟ හා මී කිරි සමඟ ආහාරයට ගෙන ඇතැයි වාර්තා වේ. 

ප්‍රයෝජනයට ගන්නා කොටස් හා ආකාරය විශේෂයෙන් ශාකයේ පංචාංගයම ගත්තත් ඒවා සකසන්නට නියමිත කාල හා වේලා පවතිනවා. 

උදෑසන කොළ එක් රැස්කොට පවනේ වේලා සුළං නොවදින සේ තැන්පත් කළ යුතුය. ඉක්මණින් ගුණ හීනවන නිසා අලුත් අවස්ථාවේම ප්‍රයෝජනයට ගත යුතුයි. තද අව්වේ වියලා ගැනීම යෝග්‍ය නැත. මල් කැකුළු අවස්ථාවේම කඩා පවනේ වියළා ගත යුතුයි. 

ඖෂධ පිණිස කොළ, මල්, පොතු, මුල් ගන්නා අතර සෙම, වියළි කැස්ස, ඇදුම සහ ක්ෂය රෝගය වැනි රෝග අවස්ථාවන්ට යොදා ගනී. මල් සහිත පාවට්ටා කොළ කොටස ගන්නා ඉස්ම(යුෂ) මී පැණි, සීනි සහිතව බීමට සුදුසු වන්නේ උණටයි. 


භාවිතා කරනු ලබන රෝග අවස්ථා 

බාහිරින් ඉදිමුම නැතිකර කුෂ්ට නසයි.

විෂබීජ නාශකයි. රක්ත ශෝධකයි (රක්තය පිරිසිදු කරයි) 

සෙම නසයි, කැස්ස නසයි, උගුරට හිතකරයි,

හතිය ඇදුම නැති කරයි, ක්ෂය රෝග හා කෘෂවීම නැති කරයි, උණ නැති කරයි,

අතීසාර, ප්‍රවාහිකා (අතීසාරයේ උග්‍ර අවස්ථාව) 

මුත්‍රා පිටකිරීමේ අපහසුතාවය, සාමාන්‍ය නොවන පරිදි මුත්‍රා පිටවීම හෘද රෝග,

රක්ත පිත්ත (නහයෙන්, මුඛයෙන්, අධෝ මඟින් ලේ පිටවීම), ලේ ආශි‍්‍රත රෝග, 

හතිය වැනි අවස්ථාවලදී භාවිතා කරයි.

ගන්නා ප්‍රතිකර්ම සන්ධිගත රෝග තැවීමට ගනී (කොළ හා මුල්) තුවාල නිසා ඇතිවන ඉදිමුම හා එහි ඇතිවන වේදනාවට කල්කය යොදයි. කුෂ්ටයට දළු, අමුකහ, අඹරා ආලේපය අර්ශස් රෝගයට පාවට්ටා පස් පංගුව පොට්ටනි වණ්ඩුවේ තම්බා තැවීම අපස්මාරය (වලිප්පුව) පාවට්ටාවලින් කළ තෙල් ආලේපය ක්‍රීම් නාශකයට (පණුවන්ට) පාවට්ටා කොළ යුෂ බාහිරව ආලේප කරන්න. (ගුද මාර්ගය වටේ) ශරීර දුර්ගන්ධයට පාවට්ටා කොළ හක් බෙල්ලන්ගෙ අළු හා මිශ්‍ර කර ගාන්න.

පහසු ප්‍රසුතියට හක් බෙල්ලන්ගෙ අළු පාවට්ටා මුල් අඹරා නාභි, වස්ති යෝනිවල ආලේප කරන්න. පාවට්ටා මුල් පට්ටය තුනටිය ප්‍රදේශයේ බඳින්න. සෙම සහ වාතය සහිතව ඇති අර්ශස් රෝගයට පාවට්ටා පොතුවලින් පොට්ටනි සාදා වණ්ඩුවේ තම්බා තැවීම අපහසුවෙන් මුත්‍රා පිටකිරීම හා මුත්‍රා දැවිල්ල වැනි රෝගයට මල් චූර්නය (කුඩු) තම්බා බීම රත්පිත (ලේ අඩු කමේ උච්චතම අවස්ථාව) පංචාගයම ක්ෂාය හෝ යුෂ කර සීනි මී පැණි දමා දීම පරණ උණට (කල් ගත වූ උණ) පංචාංග කෂාය හෝ කොටා මිරිකා ගත් යුෂ දමා තනාගත් තෛලය මුළු පංචාංගයම ඖෂධ පිණිස ගන්නා 

පාවට්ටා ශාකය මඟින් කුඹුරට ජලය සපයන ජල මාර්ගවල සිටවූ විට එහි මුල්වලින් පිටකරන රසායන වර්ග ජලයේ දියවෙන නිසා යම් පලිබෝධ මර්දනයක්ද සිදුවීම සුවිශේෂී කරුණකි. ආයුර්වේදයේදී ලැබෙන ඖෂධීය ගුණාංගයට අමතරව මින් ලැබෙන සේවාව අතිමහත්ය. 

ආයුර්වේදයේ අවධානය යොමුවන්නේ ඖෂධ හා ගුණ කර්ම ගැනවිම නිසා පාවට්ටාවල පවතින ආයුර්වේද ගුණාත්මක භාවය සලකා බලමු. වෙනත් ප්‍රයෝජන 

* වැටට සිටුවීමට හොඳින් ගැලපේ. බෑවුම් සහිත වගාබිම්වල හා අගල්වල ඉවුරේ පාංශු සංරක්ෂක ලෙස සිටුවීමට යොදා ගනි.

* පාවට්ටා පත්‍ර, දුම්කොළ, අනෝදා ඇට යනාදිය කොටා යුෂ ලබාගෙන එම යුෂ ජලය සමඟ මිශ්‍ර කර කෘමි නාශකයක් වශයෙන් භාවිතා කරයි. 

* බුලත් කොටු වටා පාවට්ටා වැටක් ලෙස සිටුවීමෙන් බුලත් වලට බැක්ටීරියා රෝග බෝවීම වැළකෙන බව විශ්වාස කෙරේ. 

* ගැමියන් කුරක්කන් පිට්ටු සමඟ පාවට්ටා දළු මැල්ලුම් සාදා කෑමට ගනී.

* දුම්කොළ වෙනුවට බුලත්විට සඳහා කෑමට ගැනීමෙන් සුරුට්ටු ලෙස දුම්බීමටත් උපයෝගී කොට ගනී.

* පලතුරු ඇසීරීමේදී ආඩතෝඩා (පාවට්ටා) කොළ යෙදූ කල දිලීර නාශක ගුණයක් ඇත.



--------------------------------------------------------------------------------------------

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

එමෙන්ම යාළුවන්ටත් දැන් ගැනිම සදහා මෙය මිතුරන්ට ෂෙයා කරන්න

No comments:

Post a Comment

කටුපිල -  Flueggea leucopyrus     ශ් ‍ රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් ‍ රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙ...